over 8 years ago by Asoka Obeyesekere under in විශ්ලේෂණ

ආයතන ප්‍රධානියකුට සිය ව්‍යාපාරය පිළිබද තීරණ ගැනීම සදහා දත්ත විශ්ලේෂණ මූලික උපකරණයක් වන්නේ යම් ලෙසක ද, පුරවැසියාට සිය ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයකු පත් කිරීම සදහා ද දත්ත එපරිද්දෙන්ම වැදගත් වෙයි.

එළඹෙන මැතිවරණයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 202ක් යළි තරඟ කරති. 2012 මැයි සහ 2015 ජූනි අතර සමයේ හැන්සාඩ් වාර්තා විසිඅට දහසක් විශ්ලේෂණයෙන් සුසැදි, මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියේ දත්ත එකතුව මෙහිලා නව දැක්මක් අපට ලබා දෙයි.  මන්ත්‍රීවරුන්ගේ ඇගයීම් වාර්තා  හැරුණු විට, මෙම තොරතුරු ද නව මන්ත්‍රී.එල්කේ ඡන්ද පිළිබඳ මුල් පිටුවෙන් ඔබට ලබා ගත හැක. මූලික කරුණු කිහිපයක් මෙන්න.

ඡන්දදායකයා අව -නියෝජනය වීම 

202ක් වූ මන්ත්‍රීවරුන්ගෙන් 30%ක් ම  ඡන්දදායකයින් වෙනුවෙන් කිසිදු මහජන පෙත්සමක් ඉදිරිපත්  කරන්නට සමත්  වී නැත. 13%ක්  එවැන්නක් සිදු කර ඇත්තේ එක වරක් පමණි. එබැවින්, හිටපු පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ  මහලේකම්වරයා සඳහන්  කරන 'රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණයේ අඩුපාඩු පාර්ලිමේන්තුවේ අවධානයට ලක් කිරීමට පුරවැසියාට ඇති හැකියාව නැංවීම' යටතේ ඡන්දදායකයාගේ ගැටළු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට 43%ක් මන්ත්‍රීවරු අපොහොසත් වී ඇත. ඡන්දදායකයා මෙසේ අව-නියෝජනය කිරීම පිලිබඳ මන්ත්‍රීවරු නිදහසට කරුණු දැක්විය යුතුය. 

 

ඇස් වසා දැමුණු මන්ත්‍රී අධීක්ෂණ

 

එසේම, මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යංශයන්හි ප්‍රමාද දෝෂ සහ අඩුපාඩු විමසීමේ අරමුණින් සෑම අමාත්‍යංශයක් සඳහාම උපදේශක කමිටු පිහිටුවා ඇත. වඩා පලදායි නීති සම්පාදනයක් සඳහා මෙම ක්‍රමය තුළින් නිර්දේශ හරහා ප්‍රතිපෝෂණ සැපයෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. සෑම මන්ත්‍රීවරයෙකුම උපදේශක කමිටු ගණනාවකට පත් කෙරේ. කෙසේ නමුත්, 2014 මැයි සිට නොවැම්බර් කාලසීමාව තුළ ප්‍රසිද්ධියට පත් වූ (මන්ත්‍රී.එල්කේ මගින් ගෙන ආ) මෙම කමිටු රැස්වීම්වල වාර්තා විමසීමෙන් පැහැදිලි වන්නේ අමිහිරි යථාර්ථයකි.

මන්ත්‍රීවරුන්ගෙන් 33%ක් ම මෙම කමිටුවලදී එකදු ක්‍රියාකාරී සඳහනක් හෝ තබා නැත. තවත් 45%ක් මසකට එක් ක්‍රියාකාරී සඳහනකට අඩු අගයක් දක්වති. මන්ත්‍රීවරු 78%කගේ මෙම අක්‍රියකාරීත්වය කමිටු ක්‍රමයේ බිඳවැටීම පෙන්වා දෙන අතර ඒ සඳහා ඉක්මන් අවධානයක් යොමු විය යුතු බවද දක්වයි.  මන්ත්‍රීවරු වඩා ක්‍රියාකාරී විය යුතු පමණක් නොව කමිටු මගින් සිදු කරනු ලබන නීති සම්පාදන ක්‍රියාව  පිළිබඳව ද යළි අවධානය යොමු කළ යුතු ය. දැවෙන ගැටළුව වන්නේ මෙම ක්‍රියාකාරීත්වයේ දුර්වලතා මග හැර  යාමට නව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කෙතරම් දුරට සුදානම් ද යන්නයි.

 

බලාපොරොත්තුවලට වැඩි ක්‍රියාකාරීත්වය

සතුටුදායක කරුණ නම් යළි තරග වදින මන්ත්‍රීවරුන්ගෙන් 37%ක් කිසිදු අවස්ථාවක පාර්ලිමේන්තුවේ කඩාකප්පල්කාරී ලෙස හැසිරී නොතිබීම සහ තවත් 14%ක් ඉතා කලාතුරකින් එසේ කටයුතු කර තිබීමත් ය. විවාදයක් අතරතුර කඩාකප්පල්කාරී ලෙස හැසිරීම සහ නොගැලපෙන හැසිරීම් හේතුවෙන් රීති ප්‍රශ්නවලට මුහුණ දීමද මෙයට ඇතුළත් ය. බහුතර මන්ත්‍රීවරුන් කලහකාරී බවට ඇති නිවැරදි නොවන මතය මින් බිඳ වැටේ.  තව දුරටත්, බොහෝ දෙනෙක් රීති සුරකින බවද මින් පැහැදිලි වෙයි.  කෙසේ වෙතත්, තදබල නොවුණු කතානායකවරයා සමග අවස්ථා දෙකකදී ගැටීමද සමග, පාර්ලිමේන්තුව කඩාකප්පල් කෙරුණු අවස්ථා හමු වන්නේ කිහිපයක් පමණි.

මෙම දත්ත යෝජනා කරන පරිදි මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය මැන බැලිය හෙකි තොරතුරු රැසක් හඳුනාගත හැක. මන්ත්‍රී.එල්කේ වෙබ් අඩවියේ සෑම මන්ත්‍රීවරයෙකුගේම  මෙම ආකර්ෂණීය තොරතුරු සහිත ප්‍රගති වාර්තාවක් අඩංගුව ඇත.

 

දත්ත මත පදනම් වූ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරකම් පුරවැසියාගේ ඡන්දය තීරණය කළ  යුතු බව ඔබ සිතනවා ද?නොඑසේනම්, සිය ඡන්දදායකයා සමග කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ සැබෑ පසුබිම ඉන් මගහැරී ඇතැයි  ඔබ සිතනවා ද? ඔබේ අදහස් සහ ගැටළු  www.manthri.lk/en/blog; හරහා හෝ  Twitter @manthrilk. හෝ නොඑසේනම් 071-4639882 මගින් මන්ත්‍රී.එල්කේ වෙත කෙටි පණිවුඩයක් එවීම මගින් ලබා දිය හැක.