සිංහල தமிழ் English

වගකීම්හරණය

මෙම වෙබ් අඩවියේ අන්තර්ගතවන තොරතුරු ලබා ගනු ලබන්නේ රජයේ වාර්තා,නිල ප්‍රකශන, පාර්ලිමේන්තු හැන්සාර්ඩ් සටහන්, ප්‍රසිද්ධ වාර්තා හා සිංහළ, දමිළ සහ ඉංග්‍රිසි බසින් පළ වන ප්‍රමූඛ පෙළේ පුවත් පත් මෙන්ම පිළිගත් සමාජ විද්‍යා පර්යේෂණ ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන යනාදිය වෙතිනි. තවද, මෙම අඩවියේ පළ කරනු ලබන තොරතුරු කිසිවක් කිසිදූ ආකාරයකින් වෙරිටේ රිසර්ච් ආයතනයේ හෝ එහි සාමාජිකයන්ගේ පෞද්ගලික අදහස් යැයි අර්ථකථනය කළ නොහැක. එළෙසම මෙම තොරතුරු මගින් වෙබ් අඩවිය ඇසුරු කරන්නන්ට කිසිදූ ආකාරයකින් අනුබල දීමට, යම් කිසි ඡන්ද අපේක්ෂකයෙකුට හෝ දේශපාලන පක්ෂයට ඡන්දය ලබා දිය යුතුය යැයි හෝ සහයෝගය පළ කළ යුතුය යැයි උනන්දූ කරවීමට හෝ ඉඟි කිරීමට වෙරිටේ කිසි ලෙසකින් අදහස් නොකරයි. එමෙන්ම මෙම වෙබ් අඩවියේ ඇති යම් තොරතුරක ප්‍රතිඵලයක් ලෙසින් කිසියම් කෙනෙකු අප්‍රසිද්ධියට හෝ අපකීර්තියට පත්වුවහොත් වෙරිටේ රිසර්ච් හෝ Manthri.lk වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයන් මොනයම් ආකාරයකින් හෝ වග කියනු නොලැබේ.

අපගේ වෙබ් අඩවිය සඳහා හැකිතාක් විශ්වාසදායි තොරතුරු ලබා ගැනීමට උපරිම ලෙස ක්‍රියාකළද, පළ කරනු ලබන තොරතුරුවල තිබිය හැකි අක්‍රමිකතා හෝ අතපසුවීම් නිසා එම තොරතුරු භාවිතයෙන් උද්ගත විය හැකි ගැටලු වලට වෙරිටේ රිසර්ච් හෝ Manthri.lk වෙබ් අඩිවයේ ක්‍රියාකාරීන් වග කියනු නොලැබේ. එමෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනයේ සහ Manthri.lk කණ්ඩායමේ පූර්ව ලිඛින අනුමැතියකින් තොරව අප විසින් ප්‍රකාශයට පත් කරනු ලබන තොරතුරු වෙනස් කිරීමට, අන් තැනෙක ප්‍රකාශ කිරීමට, සම්ප්‍රේෂණය කිරීමට,විකිණීමට, ප්‍රතිනිර්මාණය කිරීමට, බෙදා හැරීමට, නැවත පළ කිරීමට, අභිවහනය කිරීමට, ප්‍රදර්ශනය කිරීමට හෝ කිසිදූ වාණිජමය අරමුණකින් අපයෝජනය කිරීමට කිසිවෙකු කිසිසේත් හිමිකම් නැත. එමෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනයේ අනුමැතිය සහිතව හෝ රහිතව Manthri.lk හි තොරතුරු භාවිතා කිරීමෙන් ඇති විය හැකි ප්‍රතිවිපාකවලටද අප වග නොකියමු. වෙරිටේ රිසර්ච් ආයතනය කිසිදූ දේශපාලන පක්ෂයක් හෝ දේශපාලන අරමුණු ඇති සංවිධානකට සහය හෝ අනුමැතිය නොදක්වන අතර එවැනි කිසිවක් වෙනුවෙන් පෙනී සිටීම හෝ නියෝජනය කිරීමක්ද නොකරයි. එමෙන්ම යම් කිසි පොදූ තනතුරක් වෙනුවෙන් තරඟ කරන ඡන්ද අපේක්ෂකයෙකුට සිය මනාපය ප්‍රකාශ කිරීම සඳහා යම් ඡන්ද දායකයෙකුගේ තීරණයක් වෙනුවෙන් වෙරිටේ රිසර්ච් හෝ Manthri.lk කණ්ඩායම කිසිදූ වගකීමක් භාර නොගනියි.

විශ්ලේෂණ දර්ශකයන් යනු තෝරා පත් කර ගනු ලැබූ නියෝජිතයන්ගේ, ඡන්ද අපේක්ෂකයන්ගේ සහ රජයේ ක්‍රියාකාරීත්ව පදනම් කර ගත් සංඛාලේඛනමය නිගමනයන් පමණක් මිස ඒවා එම නියෝජිතයන්ගේ, ඡන්ද අපේක්ෂකයන්ගේ හෝ රජයේ කි්‍රයාකාරකම් නිවැරදි වැරදි පිළිබිඹු කරන දත්තයන් ලෙසින් තේරුම් නොගත යුතුය. එහෙයින් මෙම වෙබ් අඩවියේ ඇති කියවන්නා ස්වාධීන ඇගයීම් අනුව තීරණ කර ගත යුතු අතර මෙහි ඇති තොරතුරුවල පමණක් පිහිටා තීරණ නොගත යුතුය යැයිද Manthri.lk අවධාරණය කරයි.

ඡන්දදායකයන් හා ප්‍රජාව අතර ඔවුන් තෝරා පත් කරගත් නියෝðතයන් මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමට ඔවුන්ට ඇති අත්‍යන්ත අයිතිය පිලිබඳ සංවේදීතාවයක් ගොඩනැගීම උදෙසා මෙම වෙබ් අඩඩවියෙන් තොරතුරු ලබා දෙනු ලබන්නේ නොමිලේ වන අතර අපගේ වෙබ් අඩවියෙහි අන්තර්ගත වන තොරතුරු විෂයයෙහි වෙරිටේ රිසර්ච් ආයතනය හෝ ඵ්බඑයරසගකන කණ්ඩායම හා මෙම තොරතුරු භාවිතා කරන්නන් අතර කිසිදූ ගිවිසුමක් හෝ අවබෝධතාවයක් ගොඩනගා නොමැති බවද වෙසෙසින් පෙන්වා දෙනු කැමැත්තෙමු.

මෙම වෙබ් අඩවියට ඇතුලත් වන්නේ Manthri.lk විසින් විශ්ලේෂණය කර කම්සදනය කරන ලද ස්වාධීන විශ්ලේෂණයන්හි ප්‍රතිඵල වන අතර එම තොරතුරුවලින් කිසිවක් ප්‍රතිඋත්පාදනය කරන්නට අදහස් කරන්නන් වෙරිටේ රිසර්ච් ආයතනයේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.

Subscribe for Manthri.lk

Please submit your details to subscribe for Manthri.lk newsletter.