28 days ago by Manthri.lk Research Team under in Analysis

21 ඔක්තෝම්බර් 2021 දින කාබනික කෘෂි කර්මාන්තයට ක්ෂණිකව යොමුවීමේ ගැටළුකල් තබන අවස්ථාවේ යෝජනාවක් ලෙස ඉදිරියට ගෙන එනු ලැබුවා. මෙම යෝජනාව පා.ම. රංජිත් මද්දුම බණ්ඩාර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙහිදී ඔහු පවසා සිටියේ, 

කෘෂි කර්මාන්තය අතින්‌ ඉතා ඉහළ මට්ටමක පැවති අපේ රටමේ වන විට ආහාර සුරක්ෂිතතාවයේ සහ ස්වයංපෝෂිත ආහාර රටාවේ අනාගතය සම්බන්ධයෙන්‌ දැඩි අචිනිශ්චිතතාවකට ලක්ව ඇත. මේ රජය විසින්‌ රසායනික පොහොර ආනයනය නතර කොට කාබනික පොහොර භාචිතයෙන්‌ පමණක්‌ කෘෂි කර්මාන්ත කටයුතූ සිදු කළ යුතු බවට එකවර ගනු ලැබු හිතුවක්කාර තීරණවල ප්‍රතිඵල හේතුවෙනි. 

මේ හේතුවෙන්‌ තේවීඑළවලුපලතුරුධාන්‍ය වර්ගඅලලූණුබඩ ඉරිඟු සහ විවිධ මල්‌ වර්ග ආදී කෘෂි වගාවන්‌ කරන ගොවීන්‌ දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. තමන්‌ සතුව තිබෙන සියල මුදල්‌ මේ සඳහා වැය කර නිසි භෝග ඵලදාවක්‌ ලබා ගැනීමට නොහැකිව සිටින අසරණ ගොවි ජනතාව කෙරෙහි රජය විසින්‌ මීට වඩා අවධානය යොමු කළ යුතුව ඇත. 

විදේශීය රටවලින්‌ පොහොර ගෙන්වීමේදී ඒවායේ ප්‍රමිතිය පිළිබඳ සොයා බැලිය යුතු වේ. කාබනික පොහොර නාමයෙන්‌ චීන අසුචි මිශ්‍ර පොහොර ගෙන්වීමේ උත්සහයක් ගත්‌ අතරඇතැම්‌ රාජ්‍ය නිලධාරින්ගේ විචක්ෂණශීලී රාජකාරි හේතුවෙන්‌ රජය විසින්‌ සිදු කරන්නට ගිය විනාශය පාලනය විය. මේ නිසා ආනයනික පොහොරචල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්‌ ඇත්තේ බරපතළ සැකයකි. විද්වතුන්‌ පෙන්වා දෙන පරිදි අවිධිමත් කාබනික පොහොර භාචීතය පසේ ගුණාත්මකභාවය අසමතුලින කරන අතරමභෝග වගා අස්වැන්නට දැඩි ලෙස බලපෑම්‌ කරනු ලබයි. වැඩිදුරටත්‌මේ මඟින්‌ රට තුළට අභිතකර ක්ෂුද්‍ර ජීවීන්‌ හා වෙනත් සජීවී වල්‌ පැළෑටි ඇතුළත්‌ වීම කෘෂි කර්මාන්තයට පමණක්‌ නොව පශු සම්පතට දජෛව සමතුලිතතභාවයට ද බරපතල තර්ජනයක්‌ ඇති කරවයි. 

මෙම යෝජනාව පා.ම අශෝක් අබේසිංහ විසින් ස්ථිර කරනු ලැබුවා. “ලෝකයේ රටවල්‌ 200කට වැඩි ගණනක්‌ තිබෙනවාමේ රටවල්‌ 200කට වැඩි ගණනින්‌රටවල්‌ 100කට වැඩි ප්‍රමාණයක්‌ කාබනික කෘෂිකර්මයට යොමුවෙලා තිබෙනවාඒ රටවල්‌ කාබනික කෘෂිකර්මයට යොමු වුණත්‌ඒ රටවල වගා කරන ඉඩම්වලින්‌ සියයට දෙකක පමණ ප්‍රමාණයක්‌ තමයි කාබනික කෘෂිකර්මයට යොමුවෙලා වගා කටයුතු කරන්නේඒකෙනුත්‌ සියයට 1.2ක්‌ පමණ ප්‍රමාණයක තෘණ තමයි වගා කරන්නේ. ලෝකයේ රටවල්‌ 200කට වැඩි ගණනක්‌ තිබුණත්‌රටවල්‌ 16ක්‌ පමණ තමයි වගා කරන ඉඩම්වලින්‌ සියයට 10ක්‌ කාඛනික කෘෂිකර්මයට යොදවලා කිබෙන්නේඒ රටවල්‌ 16 අතර කිසිම ආසියාතික රටක්‌ නැහැභූතානය, 2012දී කාඛනික කෘෂිකර්මයට යොමු වෙලා, 2020දී සියයට සියයක්‌ කාබනික කෘෂිකර්මයට යනවා කිව්වා. 2021 වන කොටත්‌ ඔවුන්ට තවම සියයට දෙකක්වත්‌ කාබනික කෘෂිකර්මයට යන්න බැරිවෙලා තිබෙනවා. ඔවුන්‌ ඒ අදහස අත්හැරලා තිබෙනවාඔවුන්ගේ සමස්ත අස්වැන්න සියයට 24කින්‌ කඩා වැටිලා නිබෙනවා. … ඔබතුමන්ලාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබෙන්නේ වසර දහයකින්‌ කාබනික කෘෂිකර්මයට යනවා කියායික්‍රමවත්ව කාබනික කෘෂිකර්මයට ගියා නම්‌මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැමේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක්‌ ඇතිවෙලා තිබෙනවා.” 

තවදුරටත් අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා පැවසූයේමෙලෙස කිසිදු පරික්ෂා කිරීමකින් තොරව කාබනික පොහොර යෙදීමෙන් වී අස්වැන්න පිලිබඳව විශාල ප්‍රශ්නයක් මතු වෙන බවය. මෙවර හෙක්ටෙයාර 850,000 වගා කිරීමෙන් රටට අවශ්‍ය වී මෙට්‍රික් ටොන් 2,500,000 ලබා ගැනීමට බලාපොරොත්තු වූවත්මෙලෙස ක්‍රියා කලහොත් අස්වැන්න අඩු වී පරිභෝජනයට අවශ්‍ය සහල් ආනයනයේදි ගෙන්වනු ලබන්නේදකාබනික කෘෂි කර්මාන්තයෙන් නිපදවන ලද හාල් ද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනු ලැබුවා. 

ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඊට ප්‍රතිචාරයක් ලෙස දැක්වූයේ, “අද ගොවියෝ කාබනික පොහොර හදන්න විශාල වශයෙන්‌ පෙඹිලා ඉන්නවා. අද ගම්‌ මට්ටමින්‌ ඒ කටයුත්ත හරියට කෙරෙනවා. නමුත්ඒ කටයුත්ත දුර්වල කරන්න සමහර අය කටයුතු කරනවා. දැන්‌ රසායනික පොහොර ඉල්ලලා තමයි පෙළපාළි යන්නේ. ඒ උද්ඝෝෂණ කරන්න උදව්‌ කරන අයත්‌ කියන්නේ, "රසායනික පොහොර ගේන්න" කියලා. හැබැයි, නැනෝ නයිට්‍රජන්‌ පොහොර ගේනකොට කියනවා, "මේක රසායනික පොහොරක්‌" කියලා. එහෙම නම්‌ මොනවාද ගේන්නේමොනවා කළත්‌ මේ විධියට ඒකේ අඩු පාඩු පෙන්වන්න බලාගෙන ඉන්නවා. විපක්ෂය හැටියට ඔබතුමන්ලා ඒ දේ කරන්න එපා. මොකදරටේ ජීවිත ගැන අපි හිතන්න ඕනෑ.” තවද, රසායනික පොහොර අනවශ්‍ය ලෙස ගොවිතැනට යෙදීමෙන් ඇතිවන අහිතකර ප්‍රථිඵල වන වකුගඩු රෝග සහ පිළිකා වැනි රෝගාබාධ සම්බන්ධව ද අමාත්‍යවරයා අදහස් ප්‍රකාශ කළා. 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වන, “ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මුඑමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතූ අතර ඒ සඳහා කාබනික පොහොර නිෂ්පාදනය වේගවත්‌ කළ යුතූ ” යන පොරොන්දුවපාදක කරගනිමින් මහින්ද අමරවීර අමාත්‍යතුමා විවාදයට අදහස් එක් කළා. “ඔව්‌අවුරුදු 10කින්‌ කියලා තමයි කිව්වේ. නමුත්‌එය කඩිනමින්‌ ක්‍රියාත්මක කිරීමේ ප්‍රශ්නයකුත්‌ නැහැ… අපි ඒක පිළිගන්නවා. යම්‌ යම්‌ ප්‍රායෝගික ගැටලු ඇනි වෙනවා. නමුත්‌අපි කිසිම වෙලාවක මේ වැඩසටහන කඩාකප්පල්‌ කරන්නේ නැහැඅපි මේ සඳහා සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා.“ එසේම තවදුරටත්කාබනික පොහොර යොදගනිමින් එතුමා කළ වී ගොවිතැනේ සාර්ථකත්වය ගැන එතුමාගේ අත්දැකීම් සභාව සමග මෙලෙස බෙදාගත්තා. “මම මගේ කුඹුරක්‌ අස්වද්දනවාවස විස යොදන්නේ නැතිව. මම එයින්‌ සාර්ථක අස්වැන්නක්‌ ලබා ගත්තා. මම එක වතාවක්‌ අත්‌ හදා බැලීමක්‌ වශයෙන්‌ එකම කුඹුරේ වී වර්ග හයක්‌ වගා කළා.” 

මෙම ප්‍රකාශයට අදහස් දක්වමින් මීළඟට පා.ම. අනුර කුමාර දිසානයක පවසා සිටියේ, “දැන්‌ ගරු මහින්ද අමරචීර අමාත්‍යයතුමා කිව්වාඑතුමාගේ ආහාරය සඳහා කාබනික වගාවක්‌ කරනවා කියලා. හොඳයිවිකුණන්නත්‌ එක්ක. හැබැයිඑතුමාට ඒක ප්‍රශ්නයක්‌ වෙන්නේ නැහැ. එතුමාට අමාත්‍ය ධුරයක්‌ තිබෙනවාඅමාත්‍ය පඩියක්‌ හම්බවෙනවාඅමාත්‍යවරයාට ගෙයක්‌ හම්බවෙනවා,.. එතුමා විනෝදාංශයට වගා කටයුතු කරනවා. හැබැයි, ගොවි ජනතාව එහෙම නොවෙයි. ගොවි ජනතාව තමන්ගේ දරුවන්ට උගන්වන්න ඕනෑවයසට ගිය දෙමව්පියන්‌ බලාගන්න ඕනෑ,…   සමස්තය කරන්නේ මෙම ගොවිතැනෙන්‌ ලැබෙන ආදායමින්‌”  

එතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කාබනික පොහොර සම්බන්ධව ඇති පොරොන්දුව ගැන ද අදහස් ගෙන හැර පෑවා. “භූතානය 2020දී මුළුමනින්ම කාබනික පොහොර භාවිත කරන රටක්‌ බවට පරිවර්තනය කරනවා කියලා 2012දී තීන්දුවක්‌ ගන්නවා. හැබැයි, 2018දී නැවත ඒ ගොල්ලන්‌ පසු විපරමක්‌ කරනවාඒකේ ප්‍රතිඵල පිළිබඳව. නැවත පසු විපරම්‌ කරලා ඔවුන්‌ ඒ කාර්යය 2030 වසර දක්වා කල්‌ දමනවා. මොකදඉක්මනින්‌ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න බැරි වී තිඛෙන නිසා තවත් කාලයක්‌ දීර්‌ඝ කළ යුතුයි කියලා. මා හිතන හැටියට ඒ අත්දැකීම්‌ මත තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ "සෞභාග්‍යයේ දැක්ම" මැතිවරණ ප්‍රකාශයේ අවුරුදු 10ක්‌ ඇතුළත ක්‍රමානුකූලව මේ රට කාබනික වගාවට පරිවර්තනය කරනවා කියලා අදහසක්‌ ඉදිරිපත්‌ කරන්න ඇත්තේනමුත් තමුන්නාන්සේලා එම තීන්දුව 'යලේඅරගෙන 'මහේනතර කරනවා. 

ආනයනය කරනු ලබන කාබනික පොහොර වල සංයුතිය පිළිබඳ ව ද එතුමා සභාව ඉදිරියේ තොරතුරු ගෙන හැර පෑවා. “අගෝස්තු මාසයේ තමයි මේවා ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබා දුන්නේ. මේවානැනෝ නයිට්‍රජන්‌ නෙවෙයි, නැනෝ යුරියා. ඵ්කේ සියයට භතරක්‌ යුරියා තිබෙනවා. ඇත්තටම මේක supplementary එකක්‌. නැනෝ නයිට්‍රජන්‌ කියන්නේඅතිරේක ආහාරයක්‌. ඒ කියන්නේසියයට 50ක්‌ යූරියා යෙදුවාම කොළය පළල්‌ වෙනවා; මෘදු වෙනවා. 

ඉන් පසු ආණ්ඩු පක්ශයේ පා.ම තිසකුට්ටි ආරච්චි, “මම පසුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට ගිය වේලාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන නාමල්‌ කරුණාරත්න සහෝදරයාත්සමගි ජන බලවේගය නියෝජනය කරන මුජිබර් රහුමාන් මන්ත්‍රිතුමාත් දෙදෙනාම ඉන්න තැන මම ප්‍රසිද්ධියේ මාධ්‍යය ඉදිරියේ ඇහුවාඔබ විරුද්ධ වෙන්නේ කාබනික පොහොරවලට දරසායනික පොහොරවලට ද කියලා. ඔබ ඉල්ලන්නේ රසායනික පොහොර ද,කාබනික පොහොර ද කියා ඇහුවා. නැහැඅපි රසායනික පොහොර ඉල්ලන්නේ නැහැඅපි ඉල්ලන්නේ කාබනික පොහොර" කිව්වා. හැබැයිරසායනීක පොහොර ඉල්ලන්නේ නැහැකාබනික පොහොර ඉල්ලන්නේ කියපු නාමල්‌ කරුණාරත්න ඊයේ රාජාංගණයේ ගිහිල්ලා බෝඞ්‌ අල්ලාගෙන ඉන්නවා, "යුරියා දියව්‌පොහොර දියව්‌" කියාගෙන. ඒවා මාධ්‍යවල පෙන්වනවා. මෙන්නදෙබිඩි පිළිවෙත.” යනුවෙන් පවසා සිටියා. 

ඔහු තවදුරටත් “රසායනික ක්‍රමවේදය ඔස්සේ නිස්සාරණය කරන ලද යූරියා නයිට්‍රජන්‌ පොහොරඅපි ඒක ගෙනාවේ නැහැ. අපි ගෙනාවේශාක කොටස්වලින්‌ නිස්සාරණය කරන ලද නැනෝ නයිට්‍රජන්‌ පොහොර බව මම වගකීමෙන්‌ කියනවා. ඒක ඉන්දියානු රජයේ රසායනාගාර පරීක්ෂණවලින්‌ තහවුරු කළා කියලාත්‌ මම පැහැදිලිව කියනවා” ලෙස අවධාරණය කළා. 

විවාදය අතරතුර පා.ම. රෝහණ බණ්ඩාර රසායනික පොහොර නිසා වකුගඩු රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව  පිළිබඳව මෙලෙස ප්‍රශ්න කළා ''කෘෂි රසායනික පොහොර භාවිතය නිසා වකුගඩු රෝගය ඇති වෙනවා ලු. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම වකුගඩු රෝගීන්‌ වාර්තා වන්නේ මැදවච්චියේ. හැබැයිවැඩියෙන්ම කෘෂිකර්මාන්තයේ නියැලෙන්නේ කලාවැව ආසනයේ ජනතාව. මහවැලි කලාපයක්‌ විධියට වැඩියෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය භාවිත කරන්නේ කලාවැව ආසනයේ. හැබැයිකලාවැව ආසනයෙන්‌ නොවෙයි වැඩියෙන්ම වකුගඩු රෝගින්‌ වාර්තා වන්නේමැදවච්චිය ආසනයෙන්‌. එනම්‌, අඩුවෙන්ම කෘෂි කර්මාන්තයේ නියැලෙන ආසනයෙන්‌. '' 

කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂඅදහස් දක්වමින් පවසා සිටියේ “අපි පළමුවෙන්ම කාබනික ඝන පොහොරඑහෙම නැත්නම්‌ කොම්පොස්ට්‌ යොදනවා. ඊටපසුව ජෛව දියර පොහොර යොදනවා. මේ දෙකම භාවිත කර වී වගාව කර ගෙන යනකොට යම්කිසි සැකයක්‌ එනවා නම්‌අස්වැන්නේ අඩුවක්‌ වෙයි කියා හිතනවා නම්‌ඵකට අවශ්‍ය බණ්ඩි පොහොර අපි හැමදාම ගෙනාවා. පොටෑසියම්‌ ක්ලෝරයිඩ්‌ අපි හැමදාම ගෙනාවා. එහි කිසිම රසායනික ද්‍රව්‍යයක්‌ නැහැ. මෙවරත්‌ අපි ඒක අරගෙන ආවා. ඒවා ගොවියාට දැනටමත්‌ දීලා අවසානයි. බැරිවෙලාවත්‌ පත්‍ර කහ වෙලාඑහෙම නැත්නම්‌ වගවේ යම්කිසි අඩුවක්‌ දක්වනවා නම්‌ඒ සම්බන්ධයෙන්‌ අවශ්‍ය කටයුතු කරනවා. යන්න ය. 

එසේම පෙරදී පා.ම. අනුර කුමාර දිසානයක පැවසූ කරුණත් ශෂීන්ද්‍ර රාජපක්ෂ තහවුරු කරා. “ඇත්තටම මේක වර්ධකයක්‌. මොකදඅපි එක පාරටම කාබනික වගාවට යනකොට අපිට සැකයක්‌ තිබෙනවා. යම්‌ යම්‌ බාධාවල්‌ එනවා. යම්‌ යම්‌ අඩුපාඩුකම්‌ සිදු වෙන්න පුළුවන්‌. ඒ සියල්ල පිළිබඳව අධ්‍යනය කරලා තමයි මේවා ගෙනාවේ. 

ඉන් අනතුරුව විවාදයට අලුත් යමක් එක් කරමින්   පා.ම. නලින් බණ්ඩාර ජයමහ: “විශේෂයෙන්ම ඔබතුමන්ලා තීන්දු කර තිබෙනවානැවත වතාවක්‌ කෘෂි රසායන ද්‍රව්‍ය ගෙනෙන්න. අපේ රටේ ඒවා ගෙන්වන සමාගම්‌ 30කට වැඩි ප්‍රමාණයක්‌ තිබෙනවා. හැබැයි කෘෂි රසායන ද්‍රව්‍ය ගෙනෙන්න තීන්දු කිරීමේදී එම ප්‍රමාණයෙන් සියයට 92ක්‌ ම ගෙන එන්න සමාගම්‌ දෙකකට තමයි අවසර දී තිබෙන්නේ. ඒ නමයිහේලීස්‌ සමාගම සහ සීඅයිසී සමාගම. මෙහෙම අවසරයක්‌ කොහොමද දෙන්නේකොහොමදසමාගම් දෙකකට චිතරක්‌ ඒ අවස්ථාව ලබා දෙන්නේ? යනුවෙන් ප්‍රශ්න කර සිටියා. 

පා.ම එස්. එම් චන්ද්‍රසේන, පා.ම. චාර්ල්ස් නිර්මලනාදන්, පා.ම. කංචන විජේසේකර, පා.ම. ගයන්ත කරුණාතිලක, පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්, පා.ම. වී. රාධාක්‍රිෂ්ණන් සහ පා.ම සමන්ප්‍රිය හේරත් වැනි මන්ත්‍රීවරුනුත් ඔවුන්ගේ අදහස් ඉදිරිපත් කරමින් මෙම කල් තැබීමේ විවදයට එක් වුණා. 

කල් තැබීමේ විවාදයේ අවසන් කථාව හෙවත් පිළිතුරු කථාව කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මෙලෙස අදහස් ප්‍රකාශ කළා.: “මූලාසනාරූඩ ගරු මන්ත්‍රීතුමනිඉන්දියාවේ විශ්වවිද්‍යාල 25ක්‌ නැනෝ තාක්ෂණය පිළිබඳව කරන ලද පර්යේෂණ වාර්තා මා ළඟ තිබෙනවා. Department of Biotechnology, Ministry of Science and Technology, Government of India මඟින්‌ සිදු කළ පර්යේෂණ වාර්තා, Bioscience Research Foundation මඟින්‌ සිදු කළ පර්යේෂණ වාර්තා සහ නැනෝ නයිට්‍රජන්‌ පිළිබඳව විශ්වවිද්‍යාලවල සිදු කළ පර්යේෂණ වල වාර්තා සියල්ල ඔබතුමන්ලාගේ දැන ගැනීම පිණිස මම මේ අවස්ථාවේදී සභාගත කරනවා.”  

ඔබතුමා කිව්වා, "පර්යේෂණරසායනාගාර වාර්තා කිසි දෙයක්‌ නැහැ" කියලාගරු මන්ත්‍රීතුමනි. නැනෝ නයිට්‍රජන්‌ පොහොර ගෙනෙන්න කලින්‌ අපි samples ගෙනාවා. රටේ නීතියක්‌ තිබෙනවා. අපට ඕනෑ විධියට පොහොර ගෙන්වන්න බැහැ. රටේ පොහොර සම්බන්ධ පනතක්‌ තිබෙනවා. මුලින්ම ඒ ගොල්ලන්‌ ගිහිල්ලාලියාපදිංචි වෙන්න ඕනෑඊළඟට ජාතික පොහොර ලේකම්‌ කාර්යාලයට යන්න ඕනෑ; National Plant Quarantine Service එකට යන්න ඕනෑඊළඟට samples ගෙනෙන්න අවසර දෙනවා; samples ගෙනෙන්න ඕනෑ; lab එකේ test කරන්න ඕනෑ. ඒ සියල්ල සම්මත වුණාට පස්සේ තමයි අපට මේ පොහොර ගෙනෙන්න පුළුවන්‌ වන්නේ.”