over 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

- ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය 25%කින් ඉහළ ය.

 - විරුද්ධ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දෙගුණයකින් ක්‍රියාකාරී ය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මහජන නියෝජිතයින් 225කින් සැදුම් ලද්දකි. ඉන් 196ක් (87%ක්) සෘජුවම ඡන්දයෙන්, දිස්ත්‍රික්ක 24න් තෝරාගන්නා අතර 29 දෙනෙකු (13%ක්) වක්‍ර‍ව ජාතික ලැයිස්තුව යටතේ තේරී පත් වෙයි.

 

ජාතික ලැයිස්තුවේ අරමුණ:

ජාතික ලැයිස්තුව වැනි ක්‍ර‍මවේදයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ වෘත්තීය වශයෙන් දේශපාලනයේ නිරත නොවීම හමුවේ වන පූර්ව ස්ථාපිත ප්‍ර‍ජා සබඳතා සහ සම්බන්ධතා ජාල නොමැති, නමුත් පාර්ලිමේන්තුව සඳහා දායකත්වය ලබා දීම වැදගත් වන වෘත්තීකයින්, විද්වතුන් ඇතුළු සමාජයේ ප්‍ර‍මුඛ පුද්ගලයින්ට පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය හා එක් වීමට අවස්ථාවක් උදා කර දීමයි. එහි අර්ථය, ජනප්‍රිය දේශපාලන භූමිකාවන් ලෙස පිළිගැනීමක් නැති, නමුත් අධ්‍යාපනය හා වෘත්තීය වශයෙන් පාර්ලිමේන්තුව තුළට අගයක් එක් කළ හැකි පුද්ගලයින්ට ඉඩ ලබා දීමයි. 

 

ජාතික ලැයිස්තුව සාර්ථක ද?

මෙය වැදගත් ප්‍ර‍ශ්නයකි. සිය එක් කර ගැනීම නිවැරදි බව සනාථ කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සුවිශේෂ අමතර කාර්යභාරයක් පාර්ලිමේන්තුව තුළ සිදු කරන්නේ ද? මේ වන තුරුම මේ සඳහා පැවතියේ අපැහැදිලි සහ රළු පිළිතුරු පමණි. නමුත් සුවිශේෂ අන්තර්ජාල අවකාශයක් වන Manthri.lk මේ සඳහා ඇගයීමක් හා සැසඳීමක් ලබා දීමට කටයුතු කර ඇති හෙයින් අපට පැහැදිලි පිළිතුරක් සොයා ගැනීමට අවකාශ හිමි වී ඇත.

 

පිළිතුර වන්නේ... සමස්ථයක් වශයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 25%ක වැඩිපුර දායකත්වයක් පාර්ලිමේන්තුව තුළ ලබා දෙන්නේ ය යන්නයි. නමුත් මෙය මෙසේ වන්නේ විරුද්ධ පක්ෂය තුළ හමුවන ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වය හේතුවෙනි. රජය පාර්ශවයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සාමාන්‍ය දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකුගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සැසඳීමේ දී ක්‍රියාකාරී 10%ක් අඩු මට්ටමකිනි. ඒ අනුව පෙනී යන්නේ ජාතික ලැයිස්තුව විරුද්ධ පක්ෂ භාවිතය හමුවේ පමණක් එහි අරමුණු සාධනය කර ඇති බවයි. රජය පාර්ශවයෙන් සිදු කර ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර පත්කිරීම් අපේක්ෂිත අරමුණු ඉටු කර නැත.

ක්‍රියාකාරීත්වය විමර්ෂණය කිරීම:

2012 මැයි සිට 2013 අගෝස්තු දක්වා කාල සීමාව ඇතුළත පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය පිළිබඳ දත්ත විමසීමේදී පෙනී යන්නේ, ප්‍ර‍තිශතයක් ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දළ ඵලදායී කාලය තුළ දිස්ත්‍රික් මන්ත්‍රීවරුන්ට වඩා 25%ක් වැඩියෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ක්‍රියාත්මක වී ඇති බව ය.

නමුත් ඔවුන්ගේ දායකත්වය සමාන ලෙස සිත් ඇදගන්නා සුළු තත්වයක නැත. පාර්ලිමේන්තුවේ ඉහළම දායකත්වය දරණ මන්ත්‍රීවරුන් විසි දෙදෙනා (22) අතුරින් (ඉහළම 10%) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් හමුවන්නේ සිවු දෙනෙකු පමණි. මේ (පිළිවෙලින්) එම පිරිස ය: අනුර කුමාර දිසානායක (ජවිපෙ), ඒ.එච්.එම්. අස්වර් (එජනිස), හර්ෂ ද සිල්වා (එජාප) සහ එරාන් වික්‍ර‍මරත්න (එජාප). එසේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිවු දෙනෙකු අවසන් කෙළවර (10%) තුළ ද මුණ ගැසේ.

 

 

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන් 12ක් සහ පාලක සභාගයේ මන්ත්‍රීවරුන් 17ක් ලෙස ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර බෙදී ගොස් ඇත. විරුද්ධ පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වයේ සාමාන්‍යය පාලක සභාගයේ පිරිසගේ සාමාන්‍යය මෙන් දෙගුණයකි.

ජාතික ලැයිස්තුව ක්‍රියාත්මක වන්නේ කෙසේ ද? :

දේශපාලන පක්ෂවලට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව ලැබෙන්නේ, දිස්ත්‍රික් පදනමින් නොව, (‘ජාතික ලැයිස්තුව‘ යන නාමයට අනුකූලවම) සමස්ථ දිවයින තුළින්ම ඔවුන් ලබාගන්නා ඡන්ද ප්‍ර‍මාණය පදනම් ව ය. දේශපාලන පක්ෂයක් සිය ජාතික ලැයිස්තු සාමාජිකයින් ඡන්දයට පෙර නම් කළ යුතු අතර පත්කිරීම් ඒ ලැයිස්තුව පදනම් ව සිදු කෙරෙතැයි අපේක්ෂා කෙරේ.  සිය ඡන්දය භාවිතා කිරීමේදී ඡන්දදායකයාට දිස්ත්‍රික් පදනමින් තමන් කැමතිම අපේක්ෂකයින් තිදෙනා සදහන් කළ හැකි වුවත් ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කළ හැකි අවස්ථාවක් නැත. එම අපේක්ෂකයින් පක්ෂයේ කැමැත්ත පදනම්ව, වක්‍ර‍ව තේරී පත්වන බව පිළිගැනෙන්නේ එහෙයිනි.