over 9 years ago by Asoka Obeyesekere under in විශ්ලේෂණ

20 වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය ලැබීමත් සමග ප්‍රධාන ප්‍රශ්න 3 ක් මතු වේ.

  

1.      කුඩා පක්ෂ ආරක්ෂා කෙරේ ද?

 

2.      කුඩා පක්ෂ වල ප්‍රශ්න නිරාකරණය ක හැකිද?

 

3.      වර්තමාන ප්‍රතිසංස්කරණය ජාත්‍යන්තර  පිළිගත් උසස් භාවිතයන් හා ගැලපේද?

 

කුඩා පක්ෂ ආරක්ෂාකාරී නැති බව ත්, ප්‍රතිසංස්කරණයන්  ජාත්‍යන්තර  පිළිගත්  උසස් භාවිතයන් හා පිළිගෙන නැති බව ත්, එමෙන් ම ද්විත්ව ඡන්ද ක්‍රමයක් යටතේ නියෝජිතයින් තෝරා පත් කරගන්නා මිශ්‍ර මැතිවරණ ක්‍රමයක් තුළින් පෙර කී ගැටළු විසදෙන අයුරුත් පැහැදිළි කළ හැක.

 

කුඩා පක්ෂ ආරක්ෂිත ද?

  

නැත. යෝජිත 20 වැනි සංශෝධනය මගින් ඉදිරිපත් කර ඇත්තේ, කොට්ඨාසයක් සදහා එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දයක් පමණක් ලබා දිය හැකි ඡන්ද ක්‍රමයකි.  මෙම උපායමාර්ගික තෝරාගැනීමෙහි උභතෝකෝටිකයකි.  

 

මෙය උදාහරණයකින් පැහැදිළි කළ හැක. මෙහිදී ඡන්ද දායක අභිලාශය ක්‍රියාත්මක වනු ඇත්තේ, ප්‍රධාන පක්ෂ දෙක (එ.ජා.ප. සහ එ.ජ.නි.ස.) අතර තෝරාගැනීමකට ය. ඔවුන් මතවාදීමය වශයෙන් වෙනත් පක්ෂයක් (ජ.වි.පෙ.) සමග එකගතාවක් තිබුණ ද, එයට ඡන්දය පාවිච්චි කිරීමෙන් තමන් වඩාත් අකමැති පක්ෂයක (එ.ජා.ප.) අපේක්ෂකයා පත් වීමේ ඉඩ කඩ ඇති නිසා, ඡන්ද දායකයා සිය තෝරාගැනීම ලෙස වඩා අඩු නපුර සිදු කරන අපේක්ෂකයා (එ.ජ.නි.ස) තෝරාගනු ඇත.

  

උදාහරණයක් ලෙස 2010 ජනාධිපතිවරණය සලකා බලන විට, උතුරු පළාත් ඡන්ද දායකයින්, මහින්ද රාජපක්ෂ ට එරෙහිව ජෙනරාල් සරත් ෆෝන්සේකා ට ලබා දෙන උපාය මාර්ගික ඡන්දය දෙස බැලූ විට, එය සාපේක්ෂ වශයෙන් අඩු නපුර තෝරාගැනීම සදහා ඡන්දය භාවිතා කිරීමක් ලෙස හැදින්විය හැක. ඔවුන් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ට ඡන්දය ප්‍රකාශ කිරීමට කැමැත්තෙන් සිටියේ වුවත්, ඔහුට ජයග්‍රහණය කිරීමේ අවස්ථාව නොලැබෙනු ඇත යන හැගීම නිසා ෆොන්සේකාට ඡන්දය ලබා දුනි. මහ මැතිවරණයක දී කොට්ඨාස මට්ටමින් සුළු පක්ෂ වලට ද මෙම ඉරණම ම අත්විය හැක. 

  
මෙම ප්‍රශ්නයට විසඳුම කුමක්ද?

කුඩා පක්ෂ ආරක්ෂා කිරීමට සහ ජනතාව ඔවුන්ගේ නියම නියෝජිතයා තෝරාගැනීම සදහා දිය හැකි සාධාරනම මැතිවරණ ක්‍රමය මිශ්‍ර මන්ත්‍රී සමානුපා තික  (MMP) ක්‍රමය යි. මෙම ක්‍රමය ක්‍රියාත්මක වන ලොව පුරා ජාතික පාර්ලිමේන්තු වල ක්‍රියාත්මක වන්නේ ද්විත්ව ඡන්ද ක්‍රමය යි. 


ද්විත්ව ඡන්ද ක්‍රමය (MMP) මගින්, ඡන්ද දායකයාට තමන් වඩාත් ම එකග ම පුද්ගලයා තෝරාපත් කරගැනීමට අවස්ථාව සලසා දේ. එහිදී තමන් කැමති අපේක්ෂකයාට මෙන් ම තමන් කැමති පක්ෂය ට ද ඡන්දය දීමේ අවස්ථාව ලැබේ. මෙහිදී අපේක්ෂකයා ගේ පක්ෂයට ම ඡන්දය ලබාදීමක් අපේක්ෂා නොකරන අතර, අභිමත පුද්ගලයාට සහ පක්ෂයට වෙන ම ඡන්දය දීමට අවස්ථාව ලැබීමෙන් උදාහරණයක් ලෙස කොට්ඨාසයේ මන්ත්‍රීවරයා ලෙස එ.ජ.නි.ස. මන්ත්‍රීවරයෙකු ත්, පක්ෂය ලෙස ජ.වි.පෙ. ත් තෝරාගැනීමට හැකි වනු ඇත.

 

මෙහි වැදගත්කම වන්නේ,  පාර්ලිමේන්තුවේ අවසන් පක්ෂ මන්ත්‍රී සංයුතිය තෝරාපත් කරගැනීමේ දී පක්ෂ මට්ටමින් ලැබෙන ඡන්ද ප්‍රමාණය සලකා බැලෙන බැවින්, ආසන ජයග්‍රහණය කිරීමට හැකියාවක් නොමැති පක්ෂ වලට ද පාර්ලිමේන්තුව තුළ සැලකිය යුතු නියෝජනයක් ලැබීම ය.

  

නව ප්‍රතිසංස්කරණ  ජාත්‍යන්තර  පිළිගත් උසස් භාවිතයන් හා අනුකූල ද?

MMP  මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වන ලොව සෑම රටකම ද්විත්ව ඡන්ද ක්‍රමය ඇත. උදාහරණ වශයෙන් සාමාන්‍යෙයන් සාකච්ඡාවට ගැනෙන ජර්මනිය හා නවසීලන්තයේ ත්, ආසියාවේ තායිවානය ත් ද්විත්ව ඡන්ද ක්‍රමය භාවිතා කරයි. ජනාධිපති සිරිසේන මහතාගේ මැතිවරණ ක්‍රම සම්පාදක උපදේශකයින් ද MMP-LK  මොඩලයක් සදහා යෝජනා කළ නමුත්, අවසානයේ ඉදිරියට පැමිණ ඇත්තේ දෝෂ සහගත උභතෝකෝටියක් වන කේවල ඡන්ද ක්‍රමයකි.

 

MMP-LK  සම්පාදකයින් ද පෙන්වා දුන් ආකාරයට, දැනට යෝජනා වී ඇති ඡන්ද ක්‍රමය අනුව, ද්වී පක්ෂ ක්‍රමයක් ක්‍රියාත්මක විය හැකි අතර  මෙය දේශපාලකයින් ගේ අනවධානය හෝ උපක්‍රමය ලෙස සිදු වන්නක් ද විය හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස සමානුපාතික ආසන 75 ක් යෝජනා කරන ලදී. එමගින් මහජනතාවගේ නියෝජිතයින් ගණන ජනතා කැමැත්තට සමානුපාතික වන්නේ නැත. එවිට යෝජිත සංශෝධනය මගින් ප්‍රගති ශීලී වෙනසක් අපේක්ෂා කළ නොහැක. ශ්‍රී ලංකාව සදහා සාධාරණ ක්‍රමයක් යෝජනා විය යුත්තේ ඒ නිසා ය.

 

ද්විත්ව ඡන්ද ක්‍රමයක් සහිත MMP ක්‍රමයක් මගින් උද්ගත වී ඇති ගැටලු නිරාකරණය කරගනිමින් සාර්ථක සංශෝධනයක් සකස් කර ගත හැකි වනු ඇත.

 

යෝජිත සංශෝධනය අවදානම් සහගත එකක් වනු ඇත්තේ, විශේෂයෙන් ම එමගින් ශ්‍රී ලංකාවේ දේශපාලන විවිධත්වය විනාශ වී යා හැකි වීම නිසා ය. ශ්‍රී ලංකාවට ‘මනාප’ ක්‍රමය අවශ්‍ය නැත්තේ යම් සේ ද, යෝජිත විසිවන සංශෝනය ද නොගැලපෙනු ඇත. අවශ්‍ය වන්නේ ද්විත්ව ඡන්ද ක්‍රමයක් සහිත මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයකි. එය ඡන්ද දායකයා ට ද අර්බුදයකින් තොරව තමන් දිනවිය යුතු අය නිවැරදිව තෝරාගැනීම ට ඉඩ ප්‍රස්ථාව සලසනු ඇත.

 

ඔබ ද්විත්ව ඡන්ද ක්‍රමයට එකග ද? පුරවැසියන් හැටියට සංශෝධනය කිරීම් යහපත් දිශානතියකට යොමු වේ යැයි විශ්වාස කරන්නේ ද? ඔබේ අදහස් www.manthri.lk/en/blogTwitter @manthrilk, ට හෝ  071-4639882 ක්ෂණික ඇමතුම් අංකයට යොමු කරන්න.

 

අසෝක ඔබේසේකර

ආණ්ඩුකරණය සම්බන්ධ උපදේශක

වෙරිටේ රිස(ර්)ච්