අනුර මීටරය යනු ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු අතරින්, තෝරාගත් පොරොන්දු 30ක ප්‍රගතිය මනින මාර්ගගත වේදිකාවක් වේ. මෙම පොරොන්දු 30 මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ මහජනතාවගේ ඉහළ උනන්දුවක් පවතින යෝජනා කෙරෙහිය. විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ විරෝධය , නීතිය හා සාමය සහ සමාජ ආරක්ෂණය යන අංශවලට අදාළ වැදගත් යෝජනා මීට ඇතුළත් වේ. රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍ර වෙතින් අප වෙත තොරතුරු ලැබෙන අවස්ථාවන්හිදී මෙම පොරොන්දුවල ප්‍රගතිය යාවත්කාලීන කරනු ලැබේ. මෙය 2025 නොවැම්බර් 11 දිනට ඇගයීම යි. සහාය වීම සඳහා [email protected] වෙත විද්‍යුත් තැපෑලක් එවන්න හෝ බැනරයේ ඇති "තොරතුරු ලබා දෙන්න" බොත්තම ක්ලික් කරන්න.
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
පෙර ආණ්ඩුව යටතේ ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන, ජාතික ජන බලවේග රජය විසින් ඉදිරියට පවත්වාගෙන යනු ලබන අතර, අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවම මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත......
Read Moreපෙර ආණ්ඩුව යටතේ ආරම්භ කරන ලද අස්වැසුම වැඩසටහන, ජාතික ජන බලවේග රජය විසින් ඉදිරියට පවත්වාගෙන යනු ලබන අතර, අඩු ආදායම්ලාභී පවුල් සඳහා අවම මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත.
2025 මාර්තු 24 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් හඳුන්වා දී, 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද සංශෝධන අනුව, ආධාර මුදල් පහත පරිදි සංශෝධනය කරන ලදී:
A. "දුප්පත්" ප්‍රතිලාභීන්: මසකට රුපියල් 10,000 (රු. 8,500 සිට වැඩි කර ඇත)
B. "අතිශය දුප්පත්" ප්‍රතිලාභීන්: මසකට රුපියල් 17,500 (රු. 15,000 සිට වැඩි කර ඇත).
A සහ B යෝජනා ක්‍රම 2025 ජනවාරි සිට 2027 ජූනි දක්වා ක්‍රියාත්මක වේ. 2025 සැප්තැම්බර් 12 වන දින සිට ප්‍රතිලාභීන් ඔවුන්ගේ බැංකු ගිණුම් හරහා දීමනාව ලබා ගන්නා අතර, පවුල් 1,412,574ක් මෙම ගෙවීම ලබති. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් නිකුත් කර ඇත.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල , අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 151.3ක් වෙන් කර ඇති අතර මෙය, 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 159.3ක වෙන් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑමකි
මූලාශ්‍ර:
1. https://wbb.gov.lk/backend/assets/publications/web/procurement_notices/TOR_SS_Risk_Asmt.pdf
2. https://documents.gov.lk/view/extra-gazettes/2022/10/2302-23_S.pdf
3. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=12909
4. https://parliament.lk/uploads/documents/hansard/1738229262040729.pdf
5. https://documents.gov.lk/view/extra-gazettes/2025/3/2429-02_S.pdf
6. https://parliament.lk/uploads/documents/hansard/1747807095041246.pdf
7. https://wbb.gov.lk/
8. https://hirunews.lk/en/430303/aswesuma-payments-to-be-disbursed-tomorrow
9. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
10. https://documents.gov.lk/view/extra-gazettes/2025/12/2467-03_S.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
සහනදායී බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම සහ රේගුවෙන් නිදහස් කිරීම රජය විසින් අත්හිටුවන ලදී......
Read Moreසහනදායී බලපත්‍ර යටතේ වාහන ආනයනය කිරීම සහ රේගුවෙන් නිදහස් කිරීම රජය විසින් අත්හිටුවන ලදී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව මාධ්‍ය වාර්තා සඳහන් කළද, රජයේ නිල වාර්තා මගින් එය තහවුරු කර නොමැත.
2025 ජනවාරි 31 දිනැති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දුන්නේ, සහනදායී මෝටර් රථ ආනයන බලපත්‍ර යටතේ කිසිදු මෝටර් රථයක් ආනයනය කිරීමට හෝ රේගුවෙන් නිදහස් කිරීමට මින් ඉදිරියට ඉඩ නොදෙන බවයි.
2025 පෙබරවාරි 17 වන දින පාර්ලිමේන්තුවේදී අයවැය කතාව පවත්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ එම වසර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ වාහන ලබා නොදෙන බවයි. කෙසේ වෙතත්, අයවැය කතාවේ නිල ලිඛිත පිටපතෙහි සඳහන් වන්නේ ඉහළ නඩත්තු පිරිවැයක් සහිත සුඛෝපභෝගී වාහන වෙන්දේසි කිරීම පිළිබඳව පමණක් වන අතර, මන්ත්‍රීවරුන්ගේ වාහන බලපත්‍ර අත්හිටුවීම පිළිබඳව එහි පැහැදිලිව සඳහන් කර නොමැත.
පසුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් මාධ්‍ය විසින් වාර්තා කළේ මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇති බව තහවුරු කර ඇති බවයි. එහෙත් අද වන තෙක් එම ප්‍රකාශයන් සනාථ කිරීමට රජයේ නිල ලේඛනයක් ප්‍රකාශයට පත් කර නොමැත.
2025 නොවැම්බර් 7 වන දින, 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේය: "රජය සතු දැනට පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණවත් නොවීමත්, පවතින වාහන සහ යන්ත්‍රෝපකරණ බොහෝමයක් පැරණි ඒවා වීමත් හේතුවෙන් ඒවා අළුන්වැඩියා කිරීම සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුව තිබෙනවා. මෙම තත්ත්වය රජය අපේක්ෂා කරන සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට බාධාවක් වෙලා තිබෙනවා. මෙම තත්ත්වය සලකා බලා, රාජ්‍ය ආයතන වෙත අත්‍යවශ්‍ය වාහන සහ පාර්ලිමේන්තූ මන්ත්‍රීවරුන්ගේ ධූර කාලය අවසානයේ නැවත ආපසු බාර දීමේ පදනම මත ලබා දෙන වාහන සහ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර ඇති අතර ඒ සඳහා මූලිකව අවශ්‍ය වන රුපියල් මිලියන 12,500 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.."
මූලාශ්‍ර:
1. https://www.treasury.gov.lk/api/file/be95c846-5f8e-4d45-81cc-e64580778621
2. https://www.treasury.gov.lk/api/file/96100697-0492-4c66-b2a2-71aeafa23404
3. https://www.ft.lk/front-page/Govt-rules-out-vehicle-permits-for-MPs/44-772708
4. https://www.onlanka.com/news/sri-lanka-to-scrap-mps-pensions-suspend-vehicle-permits.html
5. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
දිවයිනේ පළාත් පාලන ආයතන 341ක් අතුරින් ආයතන 339ක් සඳහා සභිකයන් තේරී පත් කර ගැනීමට 2025 මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පවත්වන ලදී......
Read Moreදිවයිනේ පළාත් පාලන ආයතන 341ක් අතුරින් ආයතන 339ක් සඳහා සභිකයන් තේරී පත් කර ගැනීමට 2025 මැයි 6 වන දින පළාත් පාලන මැතිවරණය පවත්වන ලදී.
එලෙස මැතිවරණය පැවැත්වූ පළාත් පාලන ආයතන අතරට මහනගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළත් විය. දැනට පවතින නීතිමය කටයුතු හේතුවෙන් කල්මුණේ මහා නගර සභාව මෙයට ඇතුළත් නොවූ අතර, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණය 2024 ඔක්තෝබර් 26 වන දින පවත්වා අවසන් කර තිබූ බැවින් එය ද ඇතුළත් නොකෙරිණි.
මූලාශ්‍ර:
1. https://results.elections.gov.lk/
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව, 'ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් (SOES) 52 හි මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම' ලෙස නිර්වචනය කරනු ලබයි......
Read Moreමෙම පොරොන්දුව, 'ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් (SOES) 52 හි මූල්‍ය ප්‍රකාශන ප්‍රසිද්ධියට පත් කිරීම' ලෙස නිර්වචනය කරනු ලබයි.
වත්මන් පාලනයට පෙර, 2024 වසර දක්වා කිසිදු මූල්‍ය ප්‍රකාශනයක් ප්‍රකාශයට පත් කර නොතිබුණි. පසුව ඒවා ප්‍රකාශයට පත් කරන ලදී
2023 වර්ෂය සඳහා: ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 හිම වාර්තා නිකුත් කර ඇති අතර, ඉන් විගණනය කිරීමට ඉතිරිව ඇත්තේ වාර්තා 5ක් පමණි.
2024 වර්ෂය සඳහා: ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායන් 52 හිම වාර්තා ප්‍රකාශයට පත් කර ඇති අතර, ඉන් 14ක් තවමත් විගණනය කර නොමැත.
2025 නොවැම්බර් 7 වන දින පාර්ලිමේන්තුවේදී 2026 අයවැය කතාව ඉදිරිපත් කරමින්, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙසේ සඳහන් කළේය: "රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම කිරීමටන් අප පියවර ගෙන තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායන්
සඳහා නව “රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක්” හඳුන්වා දීමට නියමිත අතර එම
පනත 2026 වසරේ මුල් භාගයේ දී මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමගින්,
රාජ්‍ය ව්‍යාපාරවල අරමුණු පැහැදිලිව හඳුනාගැනීම, වාර්ෂිකව විගණනය කරන ලද ගිණුම්
ප්‍රකාශනය කිරීම සහ උචිත ණය ගැනීම් සඳහා පමණක් සීමා කිරීම සිදු වනවා."
මූලාශ්‍ර:
1. https://www.treasury.gov.lk/si/web/si-annual-reports-financial-statements-of-key-soes
2. https://web.archive.org/web/20241008025343/https:/www.treasury.gov.lk/web/annual-reports-financial-statements-of-key-soes
3. https://www.treasury.gov.lk/api/file/0cbd85ce-0f8c-4a10-af3f-03bd0ae59e99
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ගෙවනු ලැබේ......
Read Moreඅඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත පුද්ගලයන් සඳහා මාසිකව රුපියල් 10,000ක මුදලක් ගෙවනු ලැබේ.
2025 මාර්තු 24 දින නිකුත් කරන ලද ගැසට් පත්‍රයට (අංක 2429/02) අනුව අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වැඩිවීම් සහ වෙනස්කම් සඳහා 2025 අප්‍රේල් 09 දින පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය. අනුමත ගැසට් පත්‍රය යටතේ,ඇස්තමේන්තුගත ප්‍රතිලාභීන් 310,000කට මාසික මූල්‍ය දීමනාවක් ලෙස රුපියල් 10,000ක් ගෙවීමට නියමිත අතර, එය පෙර පැවති රුපියල් 7,500ක මුදලට වඩා වැඩිවීමකි. මෙම යෝජනා ක්‍රමය 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.නොවැම්බර් මාසයේ ගෙවීම් දැනටමත් සිදු කර අවසන් ය.
2025 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී පැවති 2026 අයවැය කතාව අතරතුර, ජනාධිපතිතුමා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස එහි ක්‍රියාත්මක කිරීම තහවුරු කරමින්, "අස්වැසුම වැඩසටහන හරහා ආබාධ සහිත පුද්ගලයන් 140,000 ක් පමණ සඳහා රුපියල් 10,000 බැගින් වු සහනාධාරයක් ලබා දීම වෙනුවෙන් රුපියල් මිලියන 19,000 ක ප්‍රතිපාදන දැනටමත් වෙන් කර තිබෙනවා" යනුවෙන් ප්‍රකාශ කළේය. තවද, දරුවන් පාසල් වෙත යොමු කිරීමේ අරමුණින් අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධිත දරුවන් සඳහා, එක් දරුවෙකුට රුපියල් 5,000 ක දිමනාවක් මාසිකව ලබා දීමට එක් වැඩසටහනක් සහ උසස් අධ්‍යාපනය ලබන අයට සහාය වීමට තවත් වැඩසටහනක් ලෙස අතිරේක සමාජ සුබසාධන වැඩසටහන් දෙකක් ද ජනාධිපතිතුමා විසින් යෝජනා කර ඇත.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල, අස්වැසුම වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී ආබාධිත පුද්ගලයන් සඳහා මුදල් ප්‍රදානයක් ලෙස රුපියල් බිලියන 19ක් වෙන් කර ඇති අතර, එය 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 28.4ක ප්‍රතිපාදන අඛණ්ඩව පවත්වාගෙන යෑමකි.
මූලාශ්‍ර:
1. https://documents.gov.lk/view/extra-gazettes/2025/3/2429-02_S.pdf
2. https://parliament.lk/uploads/documents/hansard/1747807095041246.pdf
3. https://documents1.worldbank.org/curated/en/099042525132039006/pdf/P178973-92547558-717e-48f9-9dc7-92f7a9daf0c3.pdf
4. https://nspd.gov.lk/index.php/services/25-services-english/117-rs-5000-monthly-living-assistance-for-disabled-persons-2
5. https://www.treasury.gov.lk/api/file/0cbd85ce-0f8c-4a10-af3f-03bd0ae59e99
6. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
7. https://documents.gov.lk/view/extra-gazettes/2025/12/2467-03_S.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත......
Read Moreනිදන්ගත වකුගඩු රෝගීන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 7,500 සිට රුපියල් 10,000 දක්වා වැඩි කර ඇත.
2025 මාර්තු 24 දින නිකුත් කරන ලද, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වර්ධක සහ වෙනස්කම් ඇතුළත් ගැසට් පත්‍රය (අංක 2429/02) 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ගැසට් පත්‍රය මගින් හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDU) පෙළෙන ඉලක්කගත රෝගීන් සඳහා වන මූල්‍ය දීමනාව ඉහළ නංවයි. අනුමත ගැසට් පත්‍රය යටතේ,ප්‍රතිලාභීන් 50,000ක් සඳහා පෙර තිබු රුපියල් 7,500ක දිමනාව රුපියල් 10,000ක ක් දක්වා වැඩි කර ඇත .මෙම යෝජනා ක්‍රමය 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා කාලය දක්වා ක්‍රියාත්මක වීමට නියමිත ය.
ආබාධිත පුද්ගලයින් සඳහා වූ ජාතික ලේකම් කාර්යාලය විසින් මෙම ක්‍රියාත්මක කිරීම තහවුරු කරන අතර, දැනට ප්‍රතිලාභීන් 39,169 දෙනෙකුට මෙම දීමනාව ලැබෙමින් තිබිණ. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් නිකුත් කර ඇත.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තු, අස්වැසුම වැඩසටහන යටතේ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 6.3ක් වෙන් කර ඇත. මෙය 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 4.5ක වෙන් කිරීම අඛණ්ඩව පවත්වාගෙන යෑමකි.
මූලාශ්‍ර:
1. https://documents.gov.lk/view/extra-gazettes/2025/3/2429-02_S.pdf
2. https://parliament.lk/uploads/documents/hansard/1747807095041246.pdf
3. https://documents1.worldbank.org/curated/en/099042525132039006/pdf/P178973-92547558-717e-48f9-9dc7-92f7a9daf0c3.pdf
4. https://nspd.gov.lk/index.php/services/25-services-english/16-rs-5000-monthly-living-assistance-for-kidney-patients
5. https://srilankamirror.com/news/october-aswesuma-payments-to-be-credited-today/
6. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
7. https://documents.gov.lk/view/extra-gazettes/2025/12/2467-03_S.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කර ඇත......
Read Moreජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මාසික ගෙවීම රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා වැඩි කර ඇත.
2025 මාර්තු 24 දින නිකුත් කරන ලද අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයේ වර්ධක සහ වෙනස්කම් ඇතුළත් ගැසට් පත්‍රය (අංක 2429/02) 2025 අප්‍රේල් 9 දින පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. මෙම ගැසට් පත්‍රය මඟින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා වන මූල්‍ය දීමනාව රුපියල් 3,000 සිට රුපියල් 5,000 දක්වා ඉහළ නංවයි. තෝරා ගත් ප්‍රතිලාභීන් වන්නේ අවුරුදු 70 හෝ ඊට වැඩි අස්වැසුම ලේඛනයේ සිටින පවුල්වල පුද්ගලයන් ය. වැඩි කළ ගෙවීම් 2025 අප්‍රේල් සිට 2026 දෙසැම්බර් දක්වා කාලය සඳහා ක්‍රියාත්මක වීමට නියමිතය.
2025 සැප්තැම්බර් 26 වන විට, සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් තෝරා ගත් ජ්‍යේෂ්ඨ පුරවැසියන්ව විධිමත්ව දැනුම්වත් කර ඇත. රුපියල් 5,000ක දීමනාව ඔවුන්ගේ අස්වැසුම හා සම්බන්ධ බැංකු ගිණුම්වලට සෘජුවම තැන්පත් කරමින් පවතී. නොවැම්බර් මාසයට අදාළ ගෙවීම් දැනටමත් නිකුත් කර ඇත.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවෙන්, අස්වැසුම වැඩසටහන යටතේ අවුරුදු 70ට වැඩි අඩු ආදායම්ලාභී වැඩිහිටි පුද්ගලයන් සඳහා මුදල් ආධාර ලෙස රුපියල් බිලියන 54.2ක් වෙන් කර ඇත. මෙමගින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවේ රුපියල් බිලියන 37.4ක වෙන් කිරීම වැඩි කර ඇත. අවුරුදු 100ට වැඩි වැඩිහිටි පුද්ගලයන් සඳහා 2025 දී වෙන් කළ රුපියල් මිලියන 30ක අතිරේක වෙන් කිරීම අත්හිටුවා ඇත.
මූලාශ්‍ර:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13080
2. https://documents.gov.lk/view/extra-gazettes/2025/3/2429-02_S.pdf
3. https://parliament.lk/uploads/documents/hansard/1747807095041246.pdf
4. https://wbb.gov.lk/
5. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
6. https://documents.gov.lk/view/extra-gazettes/2025/12/2467-03_S.pdf
* සංශෝධන සහිතව ඉටුකර ඇත
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති සීමාවට වඩා අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගෙන යාමට ගෙන ඇති පියවරක් ලෙස නිර්වචනය කරනු ලබයි......
Read Moreමෙම පොරොන්දුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර ඇති සීමාවට වඩා අමාත්‍යවරුන්ගේ මුළු සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වාගෙන යාමට ගෙන ඇති පියවරක් ලෙස නිර්වචනය කරනු ලබයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 වන වගන්තිය යටතේ, කැබිනට් අමාත්‍යවරුන් 30කට සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් 40කට සීමා කර ඇති අතර, සමස්ත උපරිම සංඛ්‍යාව 70ක් වේ.
2024 නොවැම්බර් මැතිවරණයෙන් පසු කැබිනට් අමාත්‍යවරුන් 22ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28ක් පත් කරන ලදී. 2025 ඔක්තෝබර් 10 දින සිදු කරන ලද පත් කිරීම් සමඟ කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව 23 දක්වා ඉහළ නැංවුණු අතර, එය පොරොන්දු වූ උපරිම සීමාව වන 25 තුළ පවතී. නියෝජ්‍ය අමාත්‍යවරුන් 32 දක්වා වැඩි වූ අතර, ඒ අනුව මුළු අමාත්‍ය සංඛ්‍යාව 55ක් විය.
මූලාශ්‍ර:
1. https://www.parliament.lk/uploads/acts/gbills/sinhala/6176.pdf
2. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=12&Itemid=18&lang=si
3. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=26&Itemid=24&lang=si
* සංශෝධන සහිතව ඉටුකර ඇත
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
වයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා 3%ක අමතර පොලී අනුපාතයක් හිමිවේ......
Read Moreවයස අවුරුදු 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව, මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා 3%ක අමතර පොලී අනුපාතයක් හිමිවේ. මෙම සහනය ලබාගත හැක්කේ 2025 දෙසැම්බර් 31 දක්වා පමණි.
2025 ජූනි 16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් '2025 ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය' හඳුන්වා දුන් අතර, එය 2025 ජූලි 1 සිට දෙසැම්බර් 31 දක්වා බලපැවැත්වේ. මෙම වැඩසටහන යටතේ වයස අවුරුදු 60 සහ ඊට වැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ට, රුපියල් මිලියනයක උපරිමයකට යටත්ව මාස 12ක කාලසීමාවක් සහිත ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂිකව 3%ක අමතර පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ. මේ සඳහා සුදුසුකම් ලැබීමට මාසික ආදායම රුපියල් 150,000කට වඩා අඩු බවට සහ අදාළ තැන්පතු තමාගේම පෞද්ගලික ඉතිරි කිරීම් බවට තහවුරු කළ යුතුය. සාමාන්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවලට සාපේක්ෂව මෙම විශේෂ තැන්පතු ක්‍රමය යටතේ පිරිනමන ඉහළ පොලී අනුපාත හරහා රජය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ආකාරය නිරීක්ෂණය කළ හැකිය. බැංකු මට්ටමින් පවතින දත්ත මගින් එම වෙනස පහත පරිදි පැහැදිලි වේ:
ලංකා බැංකුව (BOC):
• විශේෂ ක්‍රමය: මාසිකව 11.46% | වාර්ෂිකව 12.08%
• සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.00% | කල් පිරීමේදී 7.25%
මහජන බැංකුව:
• විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
• සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 6.50% | කල් පිරීමේදී 6.75%
සෙලාන් බැංකුව:
• විශේෂ ක්‍රමය: මාසිකව 11.46% | වාර්ෂිකව 12.08%
• සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 6.50% | කල් පිරීමේදී 7.00%
හැටන් නැෂනල් බැංකුව (HNB):
• විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
• සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.00% | කල් පිරීමේදී 7.25%
කොමර්ෂල් බැංකුව:
• විශේෂ ක්‍රමය: මාසිකව 11.46%
• සාමාන්‍ය ස්ථාවර තැන්පතු: මාසිකව 7.25% | කල් පිරීමේදී 7.50%
2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවල ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ පොලී යෝජනා ක්‍රමය සඳහා රුපියල් බිලියන 25ක් වෙන් කර තිබූ අතර, 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10කි.
මූලාශ්‍ර:
1.https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13249
2. https://www.news.lk/current-affairs/implementation-of-the-special-interest-scheme-for-senior-citizens
3. https://www.boc.lk/rates-tariff#rupee-deposit-rates
4. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
* සංශෝධන සහිතව ඉටුකර ඇත
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 1.8 දක්වා ඉහළ නංවා ඇත......
Read More2025 අප්‍රේල් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2025 අංක 02 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් මිලියන 1.2 සිට රුපියල් මිලියන 1.8 දක්වා ඉහළ නංවා ඇත.
මෙමගින් මාසික බදු නිදහස් සීමාව රුපියල් 100,000 සිට 150,000 දක්වා ඉහල නැංවේ.
මූලාශ්‍ර:
1. https://documents.gov.lk/view/acts/2025/3/02-2025_S.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
වතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර, ඊට අමතරව රජය මගින් රුපියල් 200ක දෛනික පැමිණීමේ දිරි දීමනාවක් ද ලබා දීමට නියමිතය......
Read Moreවතු කම්කරුවන්ගේ අවම දෛනික වැටුප 2026 ජනවාරි මාසයේ සිට රුපියල් 1,350 සිට රුපියල් 1,550 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති අතර, ඊට අමතරව රජය මගින් රුපියල් 200ක දෛනික පැමිණීමේ දිරි දීමනාවක් ද ලබා දීමට නියමිතය. මෙය මෙතෙක් සම්මත නොවූ අයවැය යෝජනාවක් වීමත්, එහි ක්‍රියාත්මක කිරීම් 2026 ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිතව තිබීමත් හේතුවෙන්, මෙම පොරොන්දුව 'ක්‍රියාත්මක වෙමින් පවතී' (In progress) මට්ටමේ පවතින බව සලකුණු කර ඇත.
2025 ඔක්තෝබර් 13 දින, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වතු සමාගම් නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
2025 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී පැවති 2026 අයවැය කතාව අතරතුර, ජනාධිපතිතුමා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කර සිටියේ, "වතු කම්කරුවන්ට ඔවුන්ගේ සේවයට සරිලන දෛනික වේතනයක් හිමි ව් යුතු බව අප රජයේ ස්ථාවරයයි. දැනට ගෙවනු ලබන දෛනික අවම වැටුප වන රුපියල් 1,350 2026 ජනවාරි මස සිට රුපියල් 1,550 ක් දක්වා වැඩි කිර්‍රිමට යෝජනා කරනවා. තවද රුපියල් 1,550 ක් වැටුපට අමතරව රජය විසින් පැමිණීමේ දෛනික දිරි දීමනාවක් ලෙස රුපියල් 200 ක් ගෙවීමට යෝජනා කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 5,000 ක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා."
මූලාශ්‍ර:
1. https://www.news.lk/current-affairs/special-discussion-on-increasing-estate-workers-wages-presided-by-the-president
2. https://www.treasury.gov.lk/api/file/0cbd85ce-0f8c-4a10-af3f-03bd0ae59e99
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව වතු නිවාස වැඩි කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස නිර්වචනය කෙරෙන අතර, අවශ්‍ය නිවාස සංඛ්‍යාව පැහැදිලි වන තෙක් "ක්‍රියාත්මක වෙමින් පවතී" (in progress) තත්ත්වයේ පවතිනු ඇත......
Read Moreමෙම පොරොන්දුව වතු නිවාස වැඩි කිරීමට දරන ප්‍රයත්නයක් ලෙස නිර්වචනය කෙරෙන අතර, අවශ්‍ය නිවාස සංඛ්‍යාව පැහැදිලි වන තෙක් "ක්‍රියාත්මක වෙමින් පවතී" (in progress) තත්ත්වයේ පවතිනු ඇත.
මලයහ ප්‍රජාවන් වෙනුවෙන් නිවාස යෝජනා ක්‍රම සඳහා ඔප්පු හෝ හිමිකම් ලේඛන නිකුත් කළ බව රජය වාර්තා කළේය. ඉන්දීය–ශ්‍රී ලංකා වතු නිවාස වැඩසටහන හරහා නිවාස ආධාර පුළුල් කර ඇති අතර, වතු නිවාස සම්බන්ධ කටයුතු සඳහා තවදුරටත් අයවැය ප්‍රතිපාදන වෙන් කර ඇත.
2025 ඔක්තෝබර් 12 දින, ඉන්දීය–ශ්‍රී ලංකා වතු නිවාස ව්‍යාපෘතිය (නිවාස 10,000ක ව්‍යාපෘතියේ 4 වන අදියර) යටතේ නිවාස ඒකක 2,000ක් සඳහා ලේඛන නිකුත් කිරීමේ උත්සවයක් රජය විසින් බණ්ඩාරවෙලදී පවත්වන ලද අතර මෙහිදී නිවාස හිමිකම් සහතිකපත්‍ර නිකුත් කරන ලදී. කෙසේ වෙතත්, බෙදා හරින ලද සහතික නිවාස ලබාදීමට අභිප්‍රායක් දනවන ලිපි පමනක් වන අතර, නීත්‍යානුකූල ඔප්පු නොවන බවට ඇතැම් විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.
2025 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී පැවති 2026 අයවැය කතාව අතරතුර, ජනාධිපතිතුමා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කර සිටියේ, "ඉන්දීය රජයේ සහයෝගය සහිතව මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වල වෙසෙන මලයගම් වතු කම්කරු ප්‍රජාවගේ නිවාස සහ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම් උදෙසා නිවාස 2.000 ක් ඉදිකිරිම සඳහා රුපියල් මිලියන 4,290 ක් වෙන් කර තිබෙනවා"
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය යටතේ ඇති තවත් වැඩසටහන් දෙකක් සඳහා 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තු යටතේ ප්‍රතිපාදන ලැබී ඇත. ඒ අනුව, වතු නිවාස වැඩසටහනක් සඳහා රුපියල් මිලියන 100ක් සහ ඉන්දීය ප්‍රදාන ආධාර සහිත නිවාස වැඩසටහනක් (1 වන අදියර)සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කර ඇත.
මලයහ ප්‍රජාවට ස්ථිර නිවාස තැනීම සඳහා ඉඩම් වෙන් කිරීම සම්බන්ධයෙන් 2024 සැප්තැම්බර් 21 දිනෙන් පසු ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විස්තර ඉල්ලා 2025 පෙබරවාරි 28 දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ පනත (RTI) යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී. 2025 අප්‍රේල් 07 දින ලැබුණු අමාත්‍යාංශයේ පිළිතුරෙහි සඳහන් වූයේ, "අමාත්‍යාංශය මගින් ඉදිකරන ලද නිවාස සඳහා ප්‍රතිලාභීන් 725 දෙනෙකුට ඔප්පු භාර දී ඇති" බවයි.
මූලාශ්‍ර:
1. https://www.treasury.gov.lk/api/file/96100697-0492-4c66-b2a2-71aeafa23404
2. https://www.news.lk/current-affairs/distribution-of-housing-entitlement-certificates-to-the-up-country-malayagam-community-tomorrow-in-bandarawela
3. https://www.newswire.lk/2025/10/16/mano-accuses-govt-of-misleading-public-in-plantation-housing-project/
4. https://x.com/JeevanThondaman/status/1977001454058582307
5. https://www.treasury.gov.lk/api/file/0cbd85ce-0f8c-4a10-af3f-03bd0ae59e99
6. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙගාවොට් 120ක ධාරිතාවයකින් යුත් සාම්පූර් සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඊට අදාළ සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 4ක් සහ වහල මත සවිකරන සූර්ය බලශක්ති වැඩසටහන් (Rooftop Solar) සඳහා රුපියල් බිලියන 1.5ක් 2026 අයවැය මගින් වෙන් කර ඇත......
Read Moreමෙගාවොට් 120ක ධාරිතාවයකින් යුත් සාම්පූර් සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර, ඊට අදාළ සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 4ක් සහ වහල මත සවිකරන සූර්ය බලශක්ති වැඩසටහන් (Rooftop Solar) සඳහා රුපියල් බිලියන 1.5ක් 2026 අයවැය මගින් වෙන් කර ඇත.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 50ක් එක් කරන සාම්පූර් සූර්ය බලශක්ති බලාගාරයේ ඉදිකිරීම් ආරම්භ කළ බව 2025 අප්‍රේල් 5 වන දින ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය. 2025 පෙබරවාරි 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් ත්‍රිකුණාමලය සාම්පූර්හි සූර්ය බලශක්ති බලාගාර ඉදිකිරීමේ අදියර දෙකකින් යුත් වැඩසටහනක් තහවුරු කරන ලදී .(පළමු අදියර මෙගාවොට් 50ක් සහ දෙවන අදියර මෙගාවොට් 70ක් ලෙස). ව්‍යාපෘතිය සඳහා අර්ධ වශයෙන් මුදල් සැපයීමට මුදල් අමාත්‍යාංශය වෙත රාජ්‍ය ඇපකරයක් සහිත ණයක් ලබා දෙන ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් ප්‍රකාශිත ව්‍යාපෘති සාරාංශය ද තහවුරු කරන්නේ සමස්ත ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක සූර්ය බලයක් ජාතික විදුලි බල පද්ධතියට සපයන බවයි.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල , ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) විසින් මෙහෙයවන ලද සාම්පූර්-කප්පල්තුරෙයි සහ හබරණ-කප්පල්තුරෙයි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් බිලියන 2 බැගින් රුපියල් බිලියන 4ක මුදලක් වෙන් කර ඇත. මීට අමතරව, 2026 වසර සඳහා වහල මත සවිකරන සූර්ය බලශක්ති ඒකරාශී කිරීමේ සහ Rooftop solar aggregation and virtual net metering project නමැති ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කර ඇත
මූලාශ්‍ර:
1. https://pmd.gov.lk/news/president-and-indian-prime-minister-jointly-launch-and-inaugurate-three-development-projects/
2.https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13039
3. https://www.aiib.org/en/projects/details/2025/proposed/sri-lanka-sampur-solar-pv-power-project-financing.html
4. https://www.aiib.org/en/projects/details/2025/_download/Sri-Lanka/PSI-P000799-Sri-Lanka-Sampur-Solar-PV-Power-Project-Financing.pdf
5. https://www.themorning.lk/articles/ny26tyvuQIODh0T805kk
6. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
වසර පහක කාලසීමාවක් තුළ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීම් ඇති විදේශ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා උසස් පෙළ සමත් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 200ක් පිරිනැමීමට අනුමැතිය ලැබී ඇත......
Read Moreවසර පහක කාලසීමාවක් තුළ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ශ්‍රේණිගත කිරීම් ඇති විදේශ විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීම සඳහා උසස් පෙළ සමත් සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 200ක් පිරිනැමීමට අනුමැතිය ලැබී ඇත. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 2026 අයවැය සවිස්තරාත්මක කෙටුම්පත් ඇස්තමේන්තුවල වෙන් කර ඇති අතර, එහි ක්‍රියාත්මක කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී පවතී.
2025 ජූලි 1 වන දින, අමාත්‍ය මණ්ඩලය විසින් ජාත්‍යන්තරව ඉහළ ශ්‍රේණිගත කිරීම් ඇති විදේශ විශ්වවිද්‍යාලවල උපාධි හැදෑරීම සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර (අ.පො.ස.) උසස් පෙළ විභාගයෙන් ඉහළම දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකු වෙනුවෙන් පස් අවුරුදු ශිෂ්‍යත්ව වැඩසටහනක් අනුමත කරන ලදී. මෙම වැඩසටහන අදියර වශයෙන් ක්‍රියාත්මක වන අතර, 2025 වසරේදී සිසුන් 20-50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගනිමින් එය ආරම්භ කිරීමට නියමිතව තිබුනි. ඒ අනුව, 2024 අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 2025 සැප්තැම්බර් 15 වන දිනට පෙර අයදුම්පත් කැඳවීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කර ඇත.
2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල, ඉහළ ශ්‍රේණිගත කිරීම් සහිත විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා සඳහා වන ශිෂ්‍යත්ව වෙනුවෙන් රුපියල් මිලියන 400ක් වෙන් කර ඇති අතර, 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවල ඒ සඳහා වෙන් කර තිබුණේ රුපියල් මිලියන 200කි. මීට අමතරව, අනෙකුත් රටවල් සමඟ ක්‍රියාත්මක කෙරෙන ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 10ක් වෙන් කර ඇති අතර, 2025 වසරේදී ඒ සඳහා රුපියල් මිලියන 20ක් වෙන් කර තිබුණි.
මූලාශ්‍ර:
1.https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13268
2. https://www.dgi.gov.lk/images/2025/07/02/Cabinet_Decision_01.07.2025_English-page-001.jpg
3. https://mohe.gov.lk/images/pdf/200_English_web_notice.pdf
4. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
අපරාධවලින් උත්පාදිත දේපල රාජසන්තක කිරීමට ඉඩ සැලසීම සඳහා නව පනතක් සම්මත කර ඇති අතර, ඒ යටතේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය (PCID) සහ අපරාධවලින් උත්පාදිත දේ කළමනාකරණ ය කිරීමේ අධිකාරියක් (PCMA) පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇත......
Read Moreඅපරාධවලින් උත්පාදිත දේපල රාජසන්තක කිරීමට ඉඩ සැලසීම සඳහා නව පනතක් සම්මත කර ඇති අතර, ඒ යටතේ අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය (PCID) සහ අපරාධවලින් උත්පාදිත දේ කළමනාකරණ ය කිරීමේ අධිකාරියක් (PCMA) පිහිටුවීමට ප්‍රතිපාදන සලසා ඇත. කෙසේ වෙතත්, මේ දක්වා පිහිටුවා ඇත්තේ විමර්ශන කොට්ඨාශය පමණි. රාජසන්තක කළ හැකි හෝ අධිකරණ නියෝග මත අත්හිටුවිය හැකි අවම දේපළ සීමාව තීරණය කළ යුත්තේ පොලීසිය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) නම් කළ නිලධාරීන් සමඟ එක්ව එම කළමනාකරණ අධිකාරිය විසින් බැවින්, අධිකාරිය පිහිටුවා නොතිබීම පනත සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට බාධාවක් වී ඇත.
2025 අප්‍රේල් 30 වන දින සම්මත කරන ලද 2025 අංක 05 දරන අපරාධවලින් උත්පාදිත දේ පිළිබඳ පනත මගින් අපරාධවලින් උත්පාදිත දේ කළමනාකරණය කිරීමේ අධිකාරියක් (PCMA), අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය (PCID) සහ අපරාධ වින්දිතයන් හානිපුරණ කිරීමේ භාර අරමුදලක් (VCRTF) පිහිටුවීමට ප්‍රතිපාදන සලසයි. එමෙන්ම, අපරාධවලින් උත්පාදිත දේ සම්බන්ධ කටයුතුවලදී ක්‍රියා කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) බලතල ද මෙම පනත මගින් පුළුල් කර ඇත. මෙම නීතිය 2025 මැයි 27 දිනැති අංක 2438/24 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් නිල වශයෙන් බලාත්මක කරන ලදී.
2025 ඔක්තෝබර් 20 වන විට අපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය (PCID) ස්ථාපිත කර ඇත. තවද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව යටතේ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් විශේෂ ඒකකයක් 2023 වසරේ සිටම ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, අදාළ කළමනාකරණ අධිකාරිය (PCMA) පිහිටුවා ඇති බවට හෝ එහි කටයුතු ආරම්භ කර ඇති බවට මෙතෙක් ප්‍රසිද්ධ සාක්ෂි කිසිවක් හමු වී නොමැත.
StAR සහ UNODC සහය: අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු නීල් ඉද්දවෙල සහ ලෝක බැංකුවේ මෙන්ම StAR (හොරකම් කරන ලද වත්කම් නැවත ලබාගැනීම) ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර වියානාහිදී පැවති සාකච්ඡාවලදී මෙම ජාත්‍යන්තර සංවිධාන තාක්ෂණික සහ උපදේශන සහය ලබා දීමට ඇති සූදානම ප්‍රකාශ කර ඇත. මීට විද්‍යුත් ක්‍රමවේද ඔස්සේ දේපළ සොයා ගැනීමේ මෙවලම් සහ විමර්ශකයන් සඳහා පුහුණු ලබා දීම වැනි ක්ෂේත්‍ර ඇතුළත් වේ.
මූලාශ්‍ර:
1. https://www.parliament.lk/uploads/documents/hansard/1747715041076408.pdf
2. https://documents.gov.lk/view/acts/2025/4/05-2025_E.pdf
3. https://documents.gov.lk/view/extra-gazettes/2025/5/2438-24_S.pdf
4. https://ciaboc.gov.lk/media-centre/latest-news/1221-a-special-unit-established-at-ciaboc-to-investigate-allegations-of-money-laundering
5. https://mfa.gov.lk/en/sri-lankas-ciaboc-chairman-meets-world-bank-officials-on-strengthening-asset-recovery-framework/#:~:text=Looking%20ahead%2C%20CIABOC%20and%20the,to%20institutionalize%20asset%20recovery%20mechanism
6. https://www.ft.lk/news/Switzerland-pledges-support-for-Sri-Lanka-s-asset-recovery-and-anti-corruption-efforts/56-772214
7. https://ceylontoday.lk/2025/10/21/proceeds-of-crime-investigation-division-launched-massive-rs-10b-money-trail-uncovered/?fbclid=IwdGRzaANj7PtjbGNrA2PsU2V4dG4DYWVtAjExAAEe7kFv82GulAnYEO1ag7H-_ngTsPrbhACpvohviNf_okKNVeJSt8zIfFYB0Gs_aem_igFUrnACZR17xixoaneAgw&sfnsn=wa
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, දූෂණ විරෝධී පනත සමඟ කියවීමේදී බැඳියාවන් අතර ඝට්ඨනය (conflict of interest) පිළිබඳව අවධානය යොමු කළද, මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් රජය සමඟ ව්‍යාපාර කිරීම විශේෂයෙන් තහනම් කර නොමැත......
Read Moreජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, දූෂණ විරෝධී පනත සමඟ කියවීමේදී බැඳියාවන් අතර ඝට්ඨනය (conflict of interest) පිළිබඳව අවධානය යොමු කළද, මන්ත්‍රීවරුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් රජය සමඟ ව්‍යාපාර කිරීම විශේෂයෙන් තහනම් කර නොමැත. මේ සම්බන්ධයෙන් රෙගුලාසි නිකුත් කිරීමට තවමත් නියමිතව ඇත.
2024 නොවැම්බර් 25 දිනැති අති විශේෂ ගැසට් පත්‍ර අංක 2412/01 මගින් ප්‍රකාශයට පත් කර, 2025 ජනවාරි 07 දින පාර්ලිමේන්තුවේ අනුමත කරන ලද ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, පෙර පැවති ප්‍රසම්පාදන රාමුව අවලංගු කරයි. මෙම මාර්ගෝපදේශවලට අනුව, "ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් සහ පුද්ගලයන්ට සිය බැඳියාවන් සම්බන්ධයෙන් කිසියම් පිළිගැටුමක් පවතී නම් ඵ් සම්බන්ධව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමට පූර්වයෙන් අදාළ ප්‍රසම්පාදන අස්තිත්වය වෙත නිසි පරිදි ප්‍රකාශ කළ යුතු අතර." තවදුරටත් එහි සඳහන් වන්නේ, "මේ සම්බන්ධයෙන්, 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතෙහි 107 වැනි වගන්තියේ අන්තර්ගතය පිළිපැදිය යුතු වේ". කෙසේ වෙතත්, මෙම වගන්තිය යටතේ රෙගුලාසි තවමත් නිකුත් කර නොමැත. එබැවින්, මෙම මාර්ගෝපදේශ මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හෝ ඔවුන්ගේ සමීප පවුලේ සාමාජිකයින්ට රජය සමඟ සෘජුව හෝ වක්‍රව ව්‍යාපාර හෝ කොන්ත්‍රාත්වල නිරත වීම සඳහා පූර්ණ තහනමක් පැනවීම නතර වී ඇත.
2025 නොවැම්බර් 07 දින පාර්ලිමේන්තුවේදී පැවති 2026 අයවැය කතාව අතරතුර, ජනාධිපතිතුමා මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ප්‍රකාශ කර සිටියේ, "ඒකාබද්ධ භාණ්ඩාගාර කළමනාකරණ තොරතුරු පද්ධතිය ශක්තිමත් කිරීමත්, විද්‍යුත්-ප්‍රසම්පාදන පද්ධතිය නිර්මාණය කිරීමත් මඟින් කාර්යක්ෂම හා වංචා හා දූෂණ අයුතු ක්‍රියාවන් සඳහා අවකාශයන් තවදුරටත් අහෝසි කරනවා." සහ "දූෂණයට අනුබල දෙන ආයතන ජාල අක්‍රිය කිරීම සඳහා, 2026 වසරේ ජනවාරි මස වන විට ක්‍රියාකාරි ප්‍රතිලාභ හිමිකාරිත්ව ලේඛනයක් හඳුන්වා දීම මඟින් මුදල් විශුද්ධිකරණයට එරෙගි රාමුව ශක්තිමත් කිරීමට අප කටයුතු කරනවා" යනුවෙනි.
මූලාශ්‍ර:
1. https://documents.gov.lk/view/extra-gazettes/2024/11/2412-01_S.pdf
2. https://parliament.lk/uploads/documents/hansard/1736487038022510.pdf
3. https://documents.gov.lk/view/acts/2023/8/09-2023_S.pdf
4. https://www.treasury.gov.lk/api/file/0cbd85ce-0f8c-4a10-af3f-03bd0ae59e99
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) විකල්පයක් ලෙස 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම'(Protection of the State from Terrorism) යන නමින් නව පනත් කෙටුම්පතක් මහජන ප්‍රතිචාර සඳහා ප්‍රකාශයට පත් කර ඇත......
Read Moreත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට (PTA) විකල්පයක් ලෙස 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම'(Protection of the State from Terrorism) යන නමින් නව පනත් කෙටුම්පතක් මහජන ප්‍රතිචාර සඳහා ප්‍රකාශයට පත් කර ඇත. එසේ වුවද, තව දුරටත් දැනට පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු වෙමින් පවතී.
නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ අවසන් කෙටුම්පත සමාලෝචනය කිරීමට සහ එහි වැඩිදියුණු කිරීම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට කොමිසමක් පිහිටුවීම සඳහා 2025 පෙබරවාරි 21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් අනුමැතිය ලබා දෙන ලදී.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම සහ ඒ වෙනුවට නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් සකස් කිරීමේදී සලකා බැලීම සඳහා දවස් 14 ක කෙටි කාලයක් තුල මහජන අදහස් විමසමින් 2025 මැයි 16 වන දින රජය විසින් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. 2025 නොවැම්බර් 13 වන දින අදාළ කමිටු වාර්තාව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර වෙත භාර දෙන ලදී.
'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම'(Protection of the State from Terrorism) නමැති පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ භාෂා තුනෙන්ම ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා මහජන අදහස් ලබා දීමට 2026 පෙබරවාරි 28 වන දින දක්වා අවස්ථාව ලබා දී ඇත.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 2025 සැප්තැම්බර් මුල වන විට අහෝසි කර ජාතික ආරක්ෂාව තහවුරු කෙරෙන නව නීති මගින් එය ප්‍රතිස්ථාපනය කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මෙම යාවත්කාලීනය සිදු කරන අවස්ථාව වන විටත් එම පොරොන්දුව ඉටු කර නොමැත.
මේ අතරතුර, දිගින් දිගටම පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සිදු වෙමින් පවති. ඊශ්‍රායල විරෝධී ප්‍රකාශ සිදු කළ බවට චෝදනා කරමින් 2025 මාර්තු 7 වන දින මොහොමඩ් ලියාඋදීන් මොහොමඩ් රුස්ඩි නමැත්තා බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අතර, 2025 අප්‍රේල් මාසයේදී අධිකරණය ඔහුට ඇප ලබා දුන්නේය. 2024 ඔක්තෝබර් මාසයේදී මොහොමඩ් රිෆායි මොහොමඩ් සුහයිල් නමැත්තා ඉන්ස්ටග්‍රෑම් (Instagram) ඔස්සේ ඊශ්‍රායල විරෝධී අන්තර්ගතයන් පළ කළ බවට වූ චෝදනාව මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අතර, මාස නවයක රැඳවුම් භාරයෙන් පසු ඔහු නිදහස් කරන ලදී.
මූලාශ්:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13046
2. https://www.moj.gov.lk/images/pdf/2025/LegalDiv/anti-terrorism-bill-notice-si.pdf
3. https://www.parliament.lk/uploads/documents/hansard/1756894696039492.pdf
4. https://www.dailymirror.lk/breaking-news/Student-held-under-PTA-for-nine-months-to-be-produced-in-court/108-313746
5. https://www.ft.lk/news/HRCSL-recommends-Public-Security-Ministry-to-pay-Rs-200-000-to-Rusdi-for-violating-fundamental-rights/56-777706
6. https://www.dailymirror.lk/breaking_news/Committee-submits-report-recommending-repeal-of-PTA/108-324892
7. https://moj.gov.lk/index.php?option=com_content&view=article&id=769:protection-of-the-state-from-terrorism-bill&catid=23:special-notice&Itemid=241&lang=en
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව නිර්වචනය කරනු ලබන්නේ, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (Online Safety) පනතේ අන්තර්ගත භාෂණයේ නිදහස අසාධාරණ ලෙස සීමා කරන ප්‍රතිපාදන සංශෝධනය කිරීම' ලෙසයි......
Read Moreමෙම පොරොන්දුව නිර්වචනය කරනු ලබන්නේ, 'මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ (Online Safety) පනතේ අන්තර්ගත භාෂණයේ නිදහස අසාධාරණ ලෙස සීමා කරන ප්‍රතිපාදන සංශෝධනය කිරීම' ලෙසයි. මේ වන විට එම පනත සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පත් කර ඇත.
2025 මැයි 25 වන දින, 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සමාලෝචනය කර සංශෝධන සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් කමිටුවක් පත් කරන ලදී. 2025 අගෝස්තු 13 වන විට, යෝජිත සංශෝධන සම්බන්ධයෙන් නිරීක්ෂණ, අදහස්, නිර්දේශ සහ යෝජනා ඉදිරිපත් කරන ලෙස එම කමිටුව මහජනතාවගෙන් ඉල්ලා තිබුණි.
මීට අමතරව, 2025 මැයි 8 වන දින විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක විසින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අහෝසි කිරීමේ (Repeal) පනත් කෙටුම්පතක් සභාගත කරන ලදී. මෙය රජය විසින් ඉදිරිපත් කරන ලද්දක් නොවේ.
මූලාශ්‍ර:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=si&dID=13192
2. https://documents.gov.lk/view/bills/2025/5/590-2025_S.pdf
3. https://www.newswire.lk/2025/08/13/public-media-invited-to-comment-on-online-safety-act-amendments/
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව අතුරුදහන්වීම් සහ ඝාතන සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයට ලක්වූ ප්‍රධාන පෙළේ නඩු කිහිපයක පරීක්ෂණ යළි ආරම්භ කිරීම හෝ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම ලෙස නිර්වචනය කරනු ලබයි......
Read Moreමෙම පොරොන්දුව 'අතුරුදහන්වීම් සහ ඝාතන සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයට ලක්වූ ප්‍රධාන පෙළේ නඩු කිහිපයක පරීක්ෂණ යළි ආරම්භ කිරීම හෝ ඒවා අඛණ්ඩව පවත්වාගෙන යාම' ලෙස නිර්වචනය කරනු ලබයි.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවේ අතුරුදහන් කරවීම් වැළැක්වීමේ සම්මුතියට ඇති කැපවීම නැවත තහවුරු කළේය. ඒ අතරම, ප්‍රගීත් එක්නැලිගොඩ, කීත් නොයාර්, ලසන්ත වික්‍රමතුංග සහ රවීන්ද්‍රනාත් වැනි ප්‍රසිද්ධ නඩු සම්බන්ධ විමර්ශන යළි විවෘත කිරීමට හෝ අලුත් කිරීමට පියවර ගෙන ඇත. චෙම්මනී සමූහ මිනීවළේ කැණීම් කටයුතු අඛණ්ඩව සිදු කරන බව ද රජය තහවුරු කර ඇත.
2025 සැප්තැම්බර් 26 වන දින ජිනීවා නුවර පැවති බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවේ 29 වන සැසිවාරයේදී, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මූලික වාර්තාව ඉදිරිපත් කළේය. එහිදී මෙම ජාත්‍යන්තර සම්මුතිය ක්‍රියාත්මක කිරීමට රජය දක්වන සහයෝගය යළිත් අවධාරණය කෙරිණි.
කීත් නොයාර් පැහැරගැනීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන්වීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු සමාජයේ දැඩි අවධානයට ලක්වූ විශේෂිත නඩු කිහිපයක පරීක්ෂණ කටයුතු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හෝ නීතිපති දෙපාර්තමේන්තුව මගින් යළි සක්‍රීය කිරීමත් සමඟ එම විමර්ශනවල නව ප්‍රගතියක් පෙන්නුම් කරයි.
1. ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සාක්ෂිකරුවෙකු ලෙස නම් කර ඇති බව නීතිපතිවරයා අධිකරණයට දන්වා ඇත.
2. කීත් නොයාර් නඩුව: අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ යළි විවෘත කර ඇති අතර යුද හමුදා බුද්ධි අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
3. ලසන්ත වික්‍රමතුංග නඩුව: මෙහි පරීක්ෂණ යළි විවෘත කර ඇතත්, සැකකරුවන් කිහිප දෙනෙකු 2025 මුල් භාගයේදී නිදහස් කර තිබේ.
4. සී. රවීන්ද්‍රනාත් (නැගෙනහිර සරසවියේ හිටපු උපකුලපති) අතුරුදහන් වීම: සිවානේශතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) ඇතුළු සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගන්නා ලදී.
චෙම්මනී සමූහ මිනීවළ සම්බන්ධයෙන්, කැණීම් සඳහා මුදල් නොමැති බවට පැතිර ගිය මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින් අධිකරණ අමාත්‍යාංශය 2025 සැප්තැම්බර් මාසයේදී පැවසුවේ එම කටයුතු අඛණ්ඩව සිදුවන බවයි. 2025 සැප්තැම්බර් 1 වන දින ජනාධිපතිවරයා ද ප්‍රකාශ කළේ මේ පිළිබඳව විනිවිදභාවයකින් යුතු පූර්ණ පරීක්ෂණයක් පවත්වන බවයි.
මූලාශ්‍ර:
1. https://www.cpalanka.org/revisiting-ten-emblematic-cases-in-sri-lanka-why-justice-remains-elusive/
2. https://www.newswire.lk/2025/09/30/sri-lanka-reaffirms-commitment-to-un-committee-on-enforced-disappearances/
3. https://www.ohchr.org/en/meeting-summaries/2025/09/experts-committee-enforced-disappearances-welcome-sri-lankas-law-0
4. https://hirunews.lk/goldfmnews/416361/lasantha-wickrematunges-murder-investigation-reopened
5. https://tamilguardian.com/index.php/content/two-former-sri-lanka-army-intelligence-officers-arrested-over-abduction-and-torture-keith
6. https://www.newsfirst.lk/2025/07/16/prageeth-ekneligoda-disappearance-shani-included-in-evidence-list
7. https://www.newswire.lk/2024/10/12/new-govt-orders-special-inquiry-into-7-high-profile-cases/
8. https://www.newswire.lk/2025/04/12/pillayan-detained-under-pta-for-90-days/
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
පාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර, වවුනතිව්හි සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නොමඟ යැවීමේ චෝදනාව මත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත......
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරවලට පෙර, වවුනතිව්හි සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන නොමඟ යැවීමේ චෝදනාව මත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බලධාරීන් පවසන පරිදි, පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර එල්ල කළ සැබෑ අපරාධකරුවන්ට අත්අඩංගුවට පත් නොවී නිදැල්ලේ සිටීමට ඔහුගේ මෙම ක්‍රියාකලාපය ඉඩ සලසා දී ඇත.
මූලාශ්‍ර:
1. https://srilankamirror.com/news/cid-arrests-police-inspector-over-easter-attacks/
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය......
Read Moreප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය.
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (DSA) සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුව ඇති බවට තොරතුරු නොමැත......
Read Moreවිකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (DSA) සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් සිදුව ඇති බවට තොරතුරු නොමැත.
එවැනි විශ්ලේෂණයක් සිදු කළේ නම්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන යටතේ පවතින ණය ඉලක්ක සංශෝධනය වීමට ඉඩ තිබුණි. එහෙත්, මෑතකාලීන IMF සමාලෝචන ඇතුළු පවතින සියලුම තොරතුරු මගින් තහවුරු වන්නේ 2023 මාර්තු මාසයේදී නියම කරන ලද මුල් ඉලක්ක තවමත් නොවෙනස්ව පවතින බවයි. මෙයින් පැහැදිලිවම ගම්‍ය වන්නේ කිසිදු විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් (DSA) ක් සිදු කර නොමැති බවයි.
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
විදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක විගණනයක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත......
Read Moreවිදේශ ණය පිළිබඳ සවිස්තරාත්මක විගණනයක් සිදු කළ බවට කිසිදු සාක්ෂියක් නොමැත.
මුදල් අමාත්‍යාංශය හෝ වෙනත් විශ්වාසදායක මූලාශ්‍රයක් මගින් එවැනි විගණනයක් පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් කර නොමැත.
මූලාශ්‍ර:
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
ප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය......
Read Moreප්‍රගතිය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයා ගත නොහැකි විය.
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව 'වාර්ගික ගැටුම් පැවති සමයේ සහ ඊට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම' ලෙස නිර්වචනය කළ හැකිය......
Read Moreමෙම පොරොන්දුව 'වාර්ගික ගැටුම් පැවති සමයේ සහ ඊට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කිරීම' ලෙස නිර්වචනය කළ හැකිය.
2024 නොවැම්බර් මාසයේදී වවුනියාවේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී, නීතිපතිවරයාගේ උපදෙස් පරිදි දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, එම පොරොන්දුවේ ප්‍රගතියක් පෙන්නුම් කරන කිසිදු තොරතුරක් රජය විසින් මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත.
මූලාශ්‍ර:
1. https://www.sundayobserver.lk/2025/03/02/news-features/46458/sri-lankas-pta-political-prisoners-and-the-fight-for-justice/
2. https://www.dailymirror.lk/breaking-news/President-assures-release-of-political-prisoners-northern-lands-captured-by-security-forces/108-295656
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
2026 පුරවැසි අයවැයට අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන අංශීය වෙන්කිරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1.90%කි (රුපියල් මිලියන 654)......
Read More2026 පුරවැසි අයවැයට අනුව, සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා වන අංශීය වෙන්කිරීම දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 1.90%කි (රුපියල් මිලියන 654). එය 2025 පුරවැසි අයවැයෙහි දැක්වුණු 1.89% (රුපියල් මිලියන 604) හා සැසඳීමේදී සුළු වර්ධනයකි. පොරොන්දු වූ පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3%ක ඉලක්කය කරා ළඟා වීමට නම්, 2024 වසරේ සිට ඉදිරි වසර 5 පුරා සෑම වසරකම සාමාන්‍යයෙන් 0.25%ක වැඩිවීමක් තිබිය යුතුය. කෙසේ වෙතත්, මේ වසරේ දක්නට ලැබෙන වර්ධනය 0.01%කටත් වඩා අඩු අගයකි.
මූලාශ්‍ර:
1. https://www.treasury.gov.lk/web/detailed-approved-budget-estimates-2025
2. https://www.treasury.gov.lk/web/2024-approved-detailed-budget-estimates
3. https://www.cbsl.gov.lk/si/publications/economic-and-financial-reports/annual-economic-review/annual-economic-review-2024/statistical-appendix
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැනට පවතින සහ 2018 වසරේ සිට ක්‍රියාත්මක වන විභාග දින දර්ශනයෙහි ඇතුළත් වන්නේ මාසික විභාග කාලසටහන් පමණක් වන අතර, පාසල් මට්ටමේ ජාතික විභාග සඳහා වන කාලරාමු එහි ඇතුළත් නොවේ......
Read Moreවිභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දැනට පවතින සහ 2018 වසරේ සිට ක්‍රියාත්මක වන විභාග දින දර්ශනයෙහි ඇතුළත් වන්නේ මාසික විභාග කාලසටහන් පමණක් වන අතර, පාසල් මට්ටමේ ජාතික විභාග සඳහා වන කාලරාමු එහි ඇතුළත් නොවේ. ද්විතීයික පාසල් මට්ටමේ කිසිදු ජාතික විභාගයක ප්‍රතිඵල මාස දෙකක් ඇතුළත නිකුත් කර නොමැත.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජාතික විභාග දෙකක් පවත්වා ඇත: එනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ (A/L) සහ සාමාන්‍ය පෙළ (O/L) විභාගයි. මෙම විභාග දෙකෙහිම ප්‍රතිඵල නිකුත් කිරිමේදි පොරොන්දු වූ මාස දෙකක කාලසීමාව ඉක්මවා ගොස් ඇත.
මූලාශ්‍ර
1. https://www.doenets.lk/examcalendar
2. A/L examinations in November 2024: https://www.doenets.lk/images/resources/NEWS/AL%20Time%20Table%202025_1755235159873.pdf
3. A/L results in April 2025: https://www.gazette.lk/2025/04/al-results-release-date-2024-2025-www-doenets-lk.html
4. O/L examinations in March 2025: https://www.doenets.lk/images/resources/NEWS/OL%20timetable%20English%20-%202024%202025_1738224672031.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
මෙම පොරොන්දුව 'සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීම සහ නීතියක් මගින් එහි විෂය පථය පුළුල් කිරීම' ලෙස නිර්වචනය කරනු ලබයි......
Read Moreමෙම පොරොන්දුව 'සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් පිහිටුවීම සහ නීතියක් මගින් එහි විෂය පථය පුළුල් කිරීම' ලෙස නිර්වචනය කරනු ලබයි.
මීට පෙර, සත්‍යය, සමගිය හා ප්‍රතිසන්ධානය පිළිබඳ යාන්ත්‍රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලයක් (ISTRM) පිහිටුවනු ලැබූ නමුත්, ඒ සඳහා අවශ්‍ය වන නීතිමය පනත මෙතෙක් සම්මත කර නොමැත. ඒ සම්බන්ධ නීතියක් බලාත්මක කිරීම තවමත් සිදු වී නොමැත.
2025 සැප්තැම්බර් 08 දින පැවති 60 වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේදී, සත්‍යය සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය රජය විසින් ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනය කළේය. කෙසේ වෙතත්, එම ක්‍රියාවලියට අදාළ නිශ්චිත තොරතුරු මහජනතාවට තවමත් ලබා ගත නොහැක.
මූලාශ්‍ර:
1. https://www.un.int/srilanka/news/statement-delivered-hon-vijitha-herath-minister-foreign-affairs-foreign-employment-and-tourism
2. https://documents.gov.lk/view/bills/2024/8/540-2024_S.pdf
3. https://www.ohchr.org/sites/default/files/documents/hrbodies/hrcouncil/sessions-regular/session60/advance-version/a-hrc-60-21-auv.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධන වාර්තා සහ ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නිකුත් කරන ලද වෙනම වාර්තාවක් පවතින නමුත්......
Read Moreපාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කාර්ය සාධන වාර්තා සහ ඉල්ලා අස්කරගත් නඩු පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් නිකුත් කරන ලද වෙනම වාර්තාවක් පවතින නමුත්, කොමිසමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව හෝ මෙතෙක් අවධානය යොමු නොකළ පැමිණිලි පිළිබඳ තොරතුරු එම වාර්තාවේ ඇතුළත් නොවේ.
2025 වසරේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වාර්තා තුනක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී:
අ. 2024 වර්ෂයේ පළමු කාර්තුව සඳහා වූ කාර්ය සාධන වාර්තාව – 2025 පෙබරවාරි 20 දින ඉදිරිපත් කරන ලදී.
ආ. 2024 වර්ෂයේ දෙවන කාර්තුව සඳහා වූ කාර්ය සාධන වාර්තාව – 2025 පෙබරවාරි 20 දින ඉදිරිපත් කරන ලදී.
ඇ. 2024 වර්ෂයේ තෙවන කාර්තුව සඳහා වූ කාර්ය සාධන වාර්තාව – 2025 පෙබරවාරි 20 දින ඉදිරිපත් කරන ලදී.
කෙසේ වෙතත්, මෙම වාර්තාවල කොමිෂන් සභාව විසින් මෙතෙක් විසඳා නොමැති හෝ ක්‍රියාමාර්ග ගෙන නොමැති පැමිණිලි පිළිබඳව කිසිදු සඳහන් කිරීමක් කර නොමැත.
මීට අමතරව, 2025 පෙබරවාරි 28 දින වන විට අල්ලස් කොමිසම විසින් නිකුත් කරන ලද වෙනත් වාර්තාවක, ඉල්ලා අස්කරගන්නා ලද නඩු 34ක් සහ එලෙස ඉල්ලා අස්කර ගැනීමට හේතු වූ කරුණු ලැයිස්තුගත කර ඇත.
මූලාශ්‍ර:
1. https://www.parliament.lk/uploads/documents/paperspresented/1741165060029911.pdf
2. https://www.parliament.lk/uploads/documents/paperspresented/1741165275072247.pdf
3. https://www.parliament.lk/uploads/documents/paperspresented/1741165341028336.pdf
4. https://www.ciaboc.gov.lk/images/pdf/2025/Withdrawn_Cases_20250228.pdf
යාවත්කාලීන කළ දිනය: 11 Nov 2025
වත්මන් රජය බලයට පත්ව වසරක් ගතවී ඇතත්, මෙතෙක් පළාත් සභා මැතිවරණය පවත්වා නොමැත......
Read Moreවත්මන් රජය බලයට පත්ව වසරක් ගතවී ඇතත්, මෙතෙක් පළාත් සභා මැතිවරණය පවත්වා නොමැත.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ, මැතිවරණය පවත්වනු ලබන මැතිවරණ ක්‍රමය සහ සීමා නිර්ණ ක්‍රියාවලිය පිළිබඳව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර අනුමැතිය ලබා ගත් හොත් , 2026 වසරේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
2024 පළාත් පාලන මැතිවරණයේ පිරිවැය ද ඇතුළත් කරමින් 2025 සංශෝධිත අයවැය ඇස්තමේන්තුවල මැතිවරණ පැවැත්වීම සඳහා රුපියල් බිලියන 20ක් වෙන් කර තිබුණද, 2026 සවිස්තරාත්මක අයවැය කෙටුම්පත් ඇස්තමේන්තුවල ඒ සඳහා වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 5ක් පමණි.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය රාමුව සමාලෝචනය කිරීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන බවයි.
මූලාශ්‍ර:
1. https://www.parliament.lk/uploads/documents/hansard/1761646051083547.pdf
2. https://www.treasury.gov.lk/web/detailed-budget-estimates-2026
3. https://www.newswire.lk/2025/11/15/provincial-council-elections-update-from-govt/

Please submit your details to subscribe for Manthri.lk newsletter.