IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ 2023 IMF වැඩසටහන සදහා රජය පොරොන්දු වී ඇති කැපවීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කරන මෙවලමකි. මෙම මීටරය මාසිකව යාවත්කාලීන කරනු ලබන අතර, 2023 මාර්තු 31 දිනට අදාල ප්‍රගති විශ්ලේෂණය පහතින් දැක්වේ.
Proposed Commitments on Expenditure Arrears
Proposed Commitments on External Payment Arrears
Proposed Commitments on Corporate Income Tax
Proposed Commitments on Credit to Government
Proposed Commitments on Debt Sustainability
Proposed Commitments on Excises Customs Duties
Proposed Commitments on Financial Sector
Proposed Commitments on Fiscal Reforms
Proposed Commitments on Fuel and Electricity - these refer to the obligations of Ceylon Petroleum Corporation (CPC) and Ceylon Electricity Board (CEB) to supply fuel and electricity at prices below cost-recovery levels.
Proposed Commitments on Governance
Proposed Commitments on Import Restrictions
Proposed Commitments on Inflation
Proposed Commitments on Monetary Rate Policies
Proposed Commitments on Net official International Reserves
Proposed Commitments on Other Taxes
Proposed Commitments on Personal Income Taxation on Capital Income
Proposed Commitments on Personal Income Taxation on Labour Income
Proposed Commitments on Primary Balance - Primary balance refers to the difference between a government's total revenues and its total non-interest expenses
Commitments that had to be met before the IMF board approval
Proposed Commitments on Property and Wealth Taxes
Proposed Commitments on Social Net Reforms
Proposed Commitments on Social spending on, (1) Samurdhi cash transfers; (2) assistance to the elderly (over 70 years of age); (3) allowance for disabled people; and (4) financial support for kidney patients.
Proposed Commitments on State Owned Enterprice Reforms
Proposed Commitments on Tax Revenue
Proposed Commitments on Treasury guarantees - A guarantee of a debt refers to any explicit legal obligation of the central government to service such a debt in the event of nonpayment by the recipient. Treasury guarantees exclude letters of comfort.
Proposed Commitments on Value Added Tax
පිරිවැය අයකර ගැනීම උදෙසා 2018 ඉන්ධන මිල සූත්‍රය මඟින් නියම කරන ලද මාසික සිල්ලර ඉන්ධන මිල ගැලපීම ස්වයංක්‍රීයකරණය සඳහා කැබිනට් අනුමැතිය.
more23-May-22
වැඩසටහන් පරාමිතිකවලට අනුකූල වන පරිදි 2023 වසර තුළ ෆිස්කල් රැස් කිරීමට සහාය දැක්වීමට අදාළ ආදායම් විධිවිධාන සඳහා කැබිනට් අනුමැතිය.
more30-May-22
සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සේවා මත පදනවා ඇති ශුන්‍ය එකතු කළ අගය මත බදු ඉවත් කිරීම.
more01-Jun-22
වැඩසටහන් පරාමිතිකවලට අනුකූල වන පරිදි 2023 විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
more04-Jul-22
වැඩසටහන් පරාමිතිකවලට අනුකූල වන පරිදි සංශෝධිත 2022 අයවැය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
more22-Aug-22
01-Sep-22
දේශීය ආදායම් පනත යටතේ ලබා දී ඇති, විවිධ අංශවලට සුවිශේෂී වන බදු නිදහස් කිරීම් සහ සංස්ථාපිත ආදායම් බද්ද අඩු කිරීම ඉවත් කිරීම සහ ව්‍යවස්ථාපිත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා ඉහළ දැමීම.
more01-Oct-22
වසරකට පිරිවැටුම රු. මිලියන 120ට වැඩි නම් 2.5% අනුපාතයට අනුව 'සමාජ ආරක්ෂණ දායකත්වයක්' හඳුන්වා දීම.
more01-Oct-22
එකතු කළ ආදායම මත බදද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව රු. මිලියන 80 දක්වා අඩු කිරීම සහ එම සීමාවම තොග හා සිල්ලර අංශ සඳහාද අදාළ කිරීම.
more01-Oct-22
ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අර්බුද කළමනාකරණ බලය සවිමත් කරනු පිණිස බැංකු (විශේෂ විධිවිධාන) පනත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more22-Nov-22
2019 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධන සහිත (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ) නව මහ බැංකු පනත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more19-Dec-22
මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මත පැනවෙන සුරාබද්ද 20% කින් ඉහළ නැංවීම.
more01-Jan-23
01-Jan-23
ලාභාංශ හැර අන් සියලුම ගෙවීම් මත පැනවෙන අවසාන නොවන රඳවා තැබීමේ බදු ආපසු හඳුන්වා දීම. පොලී ආදායම සඳහා වෙනම ප්‍රතිපාදනයක් හඳුන්වා දීමෙන් වැළකීම.
more01-Jan-23
01-Jan-23
පුද්ගලික ආදායම් බදු ක්‍රමයේ ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රගමණාත්මක ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීම. බදුවලින් නිදහස් කිරීමේ ප්‍රතිපාදනය වසරකට රු. 1,200,000 ලෙස නියම කිරීම සහ වසරකට සෑම රු. 500,000ක් ම සඳහා වන ආන්තික පුද්ගලික ආදායම් බදු අනුපාතය 6% සිට 36% ක උපරිමයක් දක්වා ඉහළ නැංවීම.
more01-Jan-23
වසරකට රු. 1,200,000 ඉක්මවන බදුවලින් නිදහස් කිරීමේ ප්‍රතිපාදනයකට යටත් වන බදු ගෙවන්නන් සියලුම දෙනා සඳහා සේව්‍ය ආදායම (APIT/PAYE) මත අනිවාර්ය රඳවා තැබීමේ බද්දක් හඳුන්වා දීම.
more01-Jan-23
වෘත්තිකයන් වැනි පුද්ගලයන් සඳහා අදාළ වන මසකර රු. 100,000 ඉක්මවන ආදායම් සඳහා වන සේවා ගෙවීම් මත බද්ද 5% ක අනුපාතිකයක් ලෙස නියම කිරීම.
more01-Jan-23
01-Jan-23
අර්ධ-වාර්ෂික පිරිවැය අයකර ගැනීම පාදක විදුලි ගාස්තු ගැලපුම ස්වයංක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more09-Jan-23
2023 මාර්තු මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය සියයට 55 සහ 49 අතර පවත්වා ගැනීම.
මූලාශ්‍රය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/Movementsofthe_CCPI
01-Mar-23
ස්ථිරසාර ලෙස ඉදිරිගාමී ප්‍රවේශයක් ගන්නා සත්‍ය ප්‍රතිපත්තිමය අනුපාත සහතික කරනු පිණිස ප්‍රතිපත්ති පොලී අනුපාත පාදම් ලක්ෂ්‍ය 100 කින් ඉහළ නැංවීම.
more01-Mar-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්ය මණ්ඩලයේ උපදේශනය සහිතව නියම කරන ලද නියම හා කොන්දේසි සහ කාල රාමුවට අනුකූලව බැංකු ක්ෂේත්‍රය සවිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වාධීන ආයතනයක සේවාව ලබා ගැනීම.
more01-Mar-23
මාසික සූත්‍ර පාදක ගැලපුම් සහිතව ඉන්ධන මිල ගණන් ඒවායෙහි පිරිවැය අයකර ගැනීමේ නියමිත මට්ටම් පවත්වා ගැනීම සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් ලබා දෙන සියලුම ඉන්ධන සහනයන් හිලව් කිරීම සඳහා ගැලපීම.
more01-Mar-23
අර්ධ-වාර්ෂික මිල සූත්‍ර පාදක ගැලපුම් සහිතව සෑම වසරකම ජනවාරි හා ජූලි මාසවලදී ඉදිරිගාමී පදනමක් මත අවසන් පාරිභෝගික විදුලි ගාස්තු ක්‍රමය අදාළ පිරිවැය අයකර ගැනීමේ මට්ටම් දක්වා ගැලපීම (පිළිවෙළින් ජනවාරි 1 සහ ජූලි 1 දිනවල); ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔක්තෝබර් මාසය අගදී (ජනවාරි ගාස්තු සංශෝධන වෙනුවෙන්) සහ අප්‍රේල් මාසය අගදී (ජූලි මස ගාස්තු සංශෝධන සඳහා) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ගාස්තු සංශෝධන ඉල්ලීම් ඉදිරිපත් කළ යුතුය; එසේම, සහන ලබා දීමේ වෙනුවෙන් විදුලි බල අංශය හිලවු කිරීම.
more01-Mar-23
නිවිදභාවය තහවුරු කරමින්, සියලු තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් ස්ථාපිත කරන බවට කැපවීමක් ලබාදී ඇතත්, එය මෙතෙක් සම්පූර්ණ කර නොමැත. එනමුත්, මාර්තු 31 න් පසු ලේඛන දෙකක් රජයේ භාණ්ඩාගාර වෙබ් අඩවියට උඩු ගත කර ඇත.එක ලේඛනයක්, ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් කරනු ලැබූ සියලුම සමාගම් වල ලැයිස්තුවක් ඇතුළත් ව ද , අනෙක් ලේඛනය, සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් කරනු ලැබූ පුද්ගලයන් සහ සමාගම් පිළිබඳ ලැයිස්තුවක් ඇතුළත් ව ද උඩුගත කර ඇත. තවද ප්‍රසම්පාදන සම්බන්ධ වෙබ් අඩවියක් ස්ථාපනය කර ඇති අතර, එහි අප්‍රේල් 30 දිනය වන විට, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මිලදී ගත් සහ ප්‍රසම්පාදන කටයුතු 7ක් සඳහා ගෙවා ඇති මුදල ලැයිස්තුගත කර ඇත.
මූලාශ්‍ර: https://www.treasury.gov.lk/web/publications https://www.treasury.gov.lk/api/file/f2d9b05e-bc9d-4c24-a234-2e631dfc5169 https://www.treasury.gov.lk/api/file/8cebada0-8c18-4c77-b2b9-7a3617a6e456 https://promise.lk
30-Apr-23
මාර්තු 7 වන දින පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම පනතට අදාළ සංශෝධන සිදු කර නොමැත.
more30-Apr-23
අප්‍රේල් 4 වන දින පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කර ඇති නමුත් එම පනතට අදාළ සංශෝධන සිදු කර නොමැත.
more30-Apr-23
සුභ සාධන ප්‍රතිලාභ ගෙවීම් ක්‍රමය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සහ එකී ප්‍රතිලාභ ගෙවීම් ලැබිය යුතු අඩු ආදායම්ලාභී පවුල් හඳුනා ගනු පිණිස හදුනාගත් නව නිර්ණායක භාවිතයට ගැනීම.
31-May-23
මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මත සුරාබදු දෙවන වරට ඉහළ නැංවීමේ යෝජනා සමාලෝචනයට ලක් වේ.
30-Jun-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ බැංකු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම
30-Jun-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උදේශනය යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ශ්‍රී ලංකා එයාර් ලයින්ස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කරනු පිණිස අදාළ වන විස්තීර්ණ උපාය මාර්ගයක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
30-Jun-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ, විස්තිර්ණ වත්කම් අයකර ගැනීමේ විධිවිධාන ඇතුළත් වන පරිදි, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි අභිනව දූෂණ විරෝධී නෛතික රාමුවක් බලාත්මක කිරීම.
30-Jun-23
2023 ජූනි මාසය වන විට ගොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂාන්තර උද්ධමනය සියයට 34 සිට 28 දක්වා අඩු කිරීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන්, ඇ.ඩො. මිලියන 2830 ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% ක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3ක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6%ක් (රු. බිලියන 1,700) ලෙස පවත්වා ගැනීම
30-Jun-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් රජයට ලැබිය යුතු ශුද්ධ ණය රු. බිලියන 2,890ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට හිඟ මුදල් වියදම රු. 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
30-Jun-23
2023 ජූනි මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිිලයන 0 ලෙස පවත්වා ගැනීම
30-Jun-23
ඉතිරි රාජ්‍ය ව්‍යවසායයන් 19, 2021 හා 2022 සඳහා වන විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පළ කරනු ලබන බව සහතික කිරීම.
30-Jun-23
වැඩසටහන් කාල සීමාව තුළදී ආනයන සීමාවන් ඉවත් කිරීමට සැලැස්මක් පිළියෙළ කිරීම
30-Jun-23
බැංකු පද්ධතියේ ප්‍රාග්ධනය හා විදේශ විනිමය ආශ්‍රිත ද්‍රවශීලතා බිඳ වැටීම් සඳහා පිළිියම් යෙදීම සහ ජීව්‍යතාවෙන් තොර බවට තක්සේරු කර ඇති බැංකු සම්බන්ධයෙන් මැදහත් වීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මාර්ග සිතියමක් සකස් කිරීම.
31-Jul-23
2023 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය සියයට 20 සිට 14 අතර පවත්වා ගැනීම
31-Jul-23
2023 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය සියයට 20 සිට 14 අතර පවත්වා ගැනීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන් ඇ.ඩො.මිලියන 2,068 ලෙස පවත්වා ගැනීම.
30-Sep-23
ITMIS පද්ධතිය එහි ප්‍රධාන ආයතන 220 ම ආවරණය වන පරිදි පුළුල් කරමින් එය දියත් කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම
30-Sep-23
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී කාර්ය රාමුව තක්සේරු කරනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවීම මත යහපාලන තාක්ෂණික සහායක මෙහෙවරක වාර්තාව පළ කිරීම.
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් ද.දේ.නි. හි 0.5%ක් ලෙස පවත්වා ගැනීම.
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට බදු ආදායම ද.දේ.නි. හි 6.9%ක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙහි 5.6%ක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය වෙත ලැබිය යුතු ශුද්ධ ණය රු. 2,840ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් පසුව එළැඹෙන මාසයේ තුන්වැනි ව්‍යාපාරික දිනය වන විට අදාළ ආදායම්, වියදම් හා මූල්‍යකරණයන් වෙතින් ලැබෙන මාසික මුදල් ප්‍රවාහ වාර්තා කරනු ලැබීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට හිඟ වියදම් රු. බිලියන 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිිලයන 0 ලෙස පවත්වා ගැනීම
30-Sep-23
නියමිත ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශේෂ පත්‍රයන් වෙතින් ඉතිරි වන කවර හෝ රජයේ ඇපකර සහිත විදේශ විනිමය ණය වේ නම් ඒවා රජයේ ශේෂ පත්‍රය වෙත පැවරිය යුතුය.
30-Sep-23
ස්වකීය ප්‍රාග්ධන හිඟයන් පෞද්ගික මූලාශ්‍ර වෙතින් අවසන් කිරීම අසමත්, ජීව්‍යතාවකින් හෙබි බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම උදෙසා අදාළ වන නියම හා කොන්දේසි, විශාලත්වය, කාල සීමා හා උපකරණ මුදල් අමාත්‍යාංශය විසින් නිර්ණය කරනු ලැබීම.
31-Oct-23
වැඩසටහන් පරාමිතිකවලට අදාළ වන 2024 විසර්ජන පනතේ පළමු වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
31-Oct-23
2023 දෙසැම්බර් මාසය වන විට, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය සියයට 18 සිට 12 අතර පවත්වා ගැනීම.
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන් ඇ.ඩො. 1,592ක් ලෙස පවත්වා ගැනීම.
31-Dec-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ සිදු කෙරෙන බැංකු පනත් පූර්ණ සංශෝධනය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
31-Dec-23
වැඩසටහන් පරාමිතිකවලට අනුකූලව 2024 විසර්ජන පනත සහ වියදම් වෙන් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
31-Dec-23
අයවැය පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය, ඊට අදාළ ආයතන සතු භූමිකා හා වගකීම් සහ තොරතුරු හා වගවීම පිළිබඳ අවශ්‍යතා සඳහා බලය පවරන නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල උපදේශනය යටතේ සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
31-Dec-23
විදුලි බල සම්පාදනය නිවැරදිව මිනුම්ගත කරනු පිණිස තොග විදුලි සැපයුම් ගිණුම (BSTA) වැඩිදියුණු කිරීම සහ, පිරිවැය අයකර ගැනීම පාදක විදුලි ගාස්තු හා රජයේ සැපයුම් අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා එය යොදා ගැනීම ඇරඹීම.
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් ද.දේ.නි. හි 0.7%ක් (රු. බිලියන 209) ලෙස පවත්වා ගැනීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් ද.දේ.නි. හි 0.6%ක් (රු. බිලියන 187) ලෙස පවත්වා ගැනීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.7ක්(රු. බිලියන 2,940) ලෙස පවත්වා ගැනීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වනන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම ද.දේ.නි. හි 5.6%ක් (රු. බි. 1,700) ලෙස පවත්වා ගත යුතුය
31-Dec-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් රජයට ලැබිය යුතු ශුද්ධ ණය රු. 2,740ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
31-Dec-23
ජාත්‍යන්තර හොඳම පරිචයන්ට අනුකූලව රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිතායතනයක් පිහිටුවනු පිණිස අවශ්‍ය නෛතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට හිඟ වියදම් රු. 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ නව බාහිර ගෙවීම් හිඟයන් රු. 0 ක් ලෙස පවත්වා ගැනීම
31-Dec-23
උපාය මාර්ගික ව්‍යාපෘති හා ආයෝජන මණ්ඩල පනත ඔස්සේ ලබා දී ඇති බදු දිරිගැන්වීම්වල ඍජු පිරිවැයගණනය කිරීම ඇරඹීම සහ ප්‍රකාශයට පත් කිරීම
31-Jan-24
නිශ්පාදන බදු උද්ධමනයට ස්වයංක්‍රීයව ගැලපීම හඳුන්වා දීම
31-Jan-24
අති බහුතරයක් වන බදුවලින් නිදහස් කිරීම අහෝසි කොට එකතු කළ අගය මත බදු ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම
31-Jan-24
සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) අහෝසි කිරීම හා එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් කඩිනමින් කිරීම
31-Jan-24
2024 ජනවාරි මාසයේ සිට ආරම්භ වන පරිදි සුදුසුකම් නොලබන කිසිදු ප්‍රතිලාභයෙකු වෙත සමෘද්ධි මුදල් ආධාර නොලැබෙනු ඇත.
31-Jan-24
විස්තීර්ණ වත්කම් අයකර ගැනීමේ විධිවිධාන එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුකූලව ජා.මු.අ. කාර්ය මණ්ඩලයේ උදේශනය යටතේ පිළියෙළ කොට ඒවා අපරාධ කාර්ය පටිපාටියට අදාළ කෙටුම්පත් කරන ලද වෙනම නෛතික විධිවිධානයක් තුළට ඒකාබද්ධ කළ යුතුය.
31-Mar-24
පිරිවැය අයකර ගැනීම පාදක ඉන්ධන හා විදුලි ගාස්තු ගැලපුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පවරන නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
30-Jun-24
2024 වසර අවසානය වන විට ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි. හි 0.8%ක් ලෙස පවත්වා ගත යුතුය.
31-Dec-24
රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිතායතනය පිහිටුවීමේ කටයුතු සම්පූර්ණ කළ යුතුය.
31-Dec-24
අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික සහාය ඉල්ලමින් අදාළ ෆිස්කල් පැවරීම් සමාලෝචනයක්ද ඇතුළත්ව දීප ව්‍යාප්ත දේපල බද්දක් හඳුන්වා දීම.
31-Jan-25
බදු රහිත ප්‍රතිපාදනයක් සහ බදුවලින් නිදහස් කිරීම් අවම ලෙස පවතින පරිදි ත්‍යාග හා ප්‍රවේණි බද්දක් හඳුන්වා දීම
31-Jan-25
2025 වසර අවසානය වන විට ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි. හි 2.3ක් ලෙස පවත්වා ගැනීම
31-Dec-25
එකඟතාවයේ ප්‍රගතිය නොදනී.
31-Mar-23
එකඟතාවයේ ප්‍රගතිය නොදනී.
31-Mar-23
එකඟතාවයේ ප්‍රගතිය නොදනී.
31-Mar-23
එකඟතාවයේ ප්‍රගතිය නොදනී.
31-Mar-23
එකඟතාවයේ ප්‍රගතිය නොදනී
31-Mar-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය (රජයේ පැවරීම්වල ශුද්ධ අගය) රු. බිලියන 0 ලෙස පවත්වා ගැනීම
31-Mar-23
2023 මාර්තු මාසය වන විට, ශ්‍රී ලංකා මහ බැංකුව ඔස්සේ රජයට ලැබිය යුතු ශුද්ධ ණය රු. බිලියන 2,890 ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
31-Mar-23
2023 මාර්තු මාසය වන විට, හිඟ මුදල්වල වියදම රු. බිලියන 30ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
31-Mar-23
2023 මාර්තු මාසය වන විට, මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිිලයන 0 ලෙස පවත්වා ගැනීම
31-Mar-23
රජයට අයත් විශාලතම බැංකු දෙක සහ පෞද්ගලික අංශයේ විශාලතම බැංකු තුන වෙනුවෙන් අදාළ වන බැංකු සවිමත් කිරීමේ විධිවිධානයේ වත්කම් ගුණාත්මකතා සමාලෝචන සංරචකය සම්පූර්ණ කිරීම.
30-Apr-23
Please submit your details to subscribe for Manthri.lk newsletter.