IMF මීටරය යනු ශ්‍රී ලංකාවේ 2023 IMF වැඩසටහන සදහා රජය පොරොන්දු වී ඇති කැපවීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කරන මෙවලමකි. මෙම මීටරය මාසිකව යාවත්කාලීන කරනු ලබන අතර, 2023 දෙසැම්බර් 12 දිනට අදාල ප්‍රගති විශ්ලේෂණය පහතින් දැක්වේ.
Proposed Commitments on Expenditure Arrears
Proposed Commitments on External Payment Arrears
Proposed Commitments on Corporate Income Tax
Proposed Commitments on Credit to Government
Proposed Commitments on Debt Sustainability
Proposed Commitments on Excises Customs Duties
Proposed Commitments on Financial Sector
Proposed Commitments on Fiscal Reforms
Proposed Commitments on Fuel and Electricity - these refer to the obligations of Ceylon Petroleum Corporation (CPC) and Ceylon Electricity Board (CEB) to supply fuel and electricity at prices below cost-recovery levels.
Proposed Commitments on Governance
Proposed Commitments on Import Restrictions
Proposed Commitments on Inflation
Proposed Commitments on Monetary Rate Policies
Proposed Commitments on Net official International Reserves
Proposed Commitments on Other Taxes
Proposed Commitments on Personal Income Taxation on Capital Income
Proposed Commitments on Personal Income Taxation on Labour Income
Proposed Commitments on Primary Balance - Primary balance refers to the difference between a government's total revenues and its total non-interest expenses
Commitments that had to be met before the IMF board approval
Proposed Commitments on Property and Wealth Taxes
Proposed Commitments on Social Net Reforms
Proposed Commitments on Social spending on, (1) Samurdhi cash transfers; (2) assistance to the elderly (over 70 years of age); (3) allowance for disabled people; and (4) financial support for kidney patients.
Proposed Commitments on State Owned Enterprice Reforms
Proposed Commitments on Tax Revenue
Proposed Commitments on Treasury guarantees - A guarantee of a debt refers to any explicit legal obligation of the central government to service such a debt in the event of nonpayment by the recipient. Treasury guarantees exclude letters of comfort.
Proposed Commitments on Value Added Tax
වැඩසටහන් පරාමිතීන් වලට අනුකූල වන පරිදි 2023 වසර තුළ 'ෆිස්කල් රැස් කිරීමට' (fiscal consolidations) සහාය දැක්වීමට අදාළ ආදායම් විධිවිධාන සඳහා කැබිනට් අනුමැතිය.
more
සම්පූර්ණයි
30-May-22
පිරිවැය අයකර ගැනීම උදෙසා 2018 ඉන්ධන මිල සූත්‍රය මඟින් නියම කරන ලද මාසික සිල්ලර ඉන්ධන මිල ගැලපීම ස්වයංක්‍රීයකරණය සඳහා කැබිනට් අනුමැතිය.
more
සම්පූර්ණයි
31-May-22
සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සේවා මත පනවා ඇති ශුන්‍ය එකතු කළ අගය මත බදු ඉවත් කිරීම.
more
සම්පූර්ණයි
30-Jun-22
වැඩසටහන් පරාමිතීන් වලට අනුකූල වන පරිදි 2023 විසර්ජන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
more
සම්පූර්ණයි
31-Jul-22
වැඩසටහන් පරාමිතීන් වලට අනුකූල වන පරිදි සංශෝධිත 2022 අයවැය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
more
සම්පූර්ණයි
31-Aug-22
සම්මත එකතු කළ අගය මත පදු අනුපාතය 15% දක්වා ඉහළ දැමීම.
more
සම්පූර්ණයි
30-Sep-22
දේශීය ආදායම් පනත යටතේ ලබා දී ඇති, විවිධ අංශවලට සුවිශේෂී වන බදු නිදහස් කිරීම් සහ සංස්ථාපිත ආදායම් බද්ද අඩු කිරීම ඉවත් කිරීම සහ ව්‍යවස්ථාපිත සංස්ථාපිත ආදායම් බදු අනුපාතය 30% දක්වා ඉහළ දැමීම.
more
සම්පූර්ණයි
31-Oct-22
වසරකට පිරිවැටුම රු. මිලියන 120ට වැඩි නම් 2.5% අනුපාතයට අනුව 'සමාජ ආරක්ෂණ දායකත්වයක්' හඳුන්වා දීම.
more
සම්පූර්ණයි
31-Oct-22
එකතු කළ ආදායම මත බද්ද සඳහා ලියාපදිංචි වීමේ සීමාව රු. මිලියන 80 දක්වා අඩු කිරීම සහ එම සීමාවම තොග හා සිල්ලර අංශ සඳහාද අදාළ කිරීම.
more
සම්පූර්ණයි
31-Oct-22
ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතින අර්බුද කළමනාකරණ බලය සවිමත් කරනු පිණිස බැංකු (විශේෂ විධිවිධාන) පනත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more
සම්පූර්ණයි
30-Nov-22
2019 නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සංශෝධන සහිත (ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ) නව මහ බැංකු පනත සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more
සම්පූර්ණයි
31-Dec-22
ලාභාංශ හැර අන් සියලුම ගෙවීම් මත පැනවෙන අවසාන නොවන රඳවා තැබීමේ බදු ආපසු හඳුන්වා දීම. පොලී ආදායම සඳහා වෙනම ප්‍රතිපාදනයක් හඳුන්වා දීමෙන් වැළකීම.
more
සම්පූර්ණයි
31-Jan-23
අර්ධ-වාර්ෂික පිරිවැය අයකර ගැනීම පාදක විදුලි ගාස්තු ගැලපුම ස්වයංක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more
සම්පූර්ණයි
31-Jan-23
සහාධිපත්‍ය නිවාස එකතු කළ අගය මත බද්දෙන් නිදහස් කිරීම ඉවත් කිරීම.
more
සම්පූර්ණයි
31-Jan-23
වෘත්තිකයන් වැනි පුද්ගලයන් සඳහා අදාළ වන මසකට රු. 100,000 ඉක්මවන ආදායම් සඳහා වන සේවා ගෙවීම් මත බද්ද 5% ක අනුපාතිකයක් ලෙස නියම කිරීම.
more
සම්පූර්ණයි
31-Jan-23
වසරකට රු. 1,200,000 ඉක්මවන බදුවලින් නිදහස් කිරීමේ ප්‍රතිපාදනයකට යටත් වන බදු ගෙවන්නන් සියලුම දෙනා සඳහා සේව්‍ය ආදායම (APIT/PAYE) මත අනිවාර්ය රඳවා තැබීමේ බද්දක් හඳුන්වා දීම.
more
සම්පූර්ණයි
31-Jan-23
පුද්ගලික ආදායම් බදු ක්‍රමයේ ව්‍යුහය සම්බන්ධයෙන් ප්‍රගමණාත්මක ප්‍රතිසංස්කරණයක් හඳුන්වා දීම. බදුවලින් නිදහස් කිරීමේ ප්‍රතිපාදනය වසරකට රු. 1,200,000 ලෙස නියම කිරීම සහ වසරකට සෑම රු. 500,000ක් ම සඳහා වන ආන්තික පුද්ගලික ආදායම් බදු අනුපාතය 6% සිට 36% ක උපරිමයක් දක්වා ඉහළ නැංවීම.
more
සම්පූර්ණයි
31-Jan-23
ලාභාංශ සඳහා අවසන් රඳවා තැබීමේ බද්දක් හඳුන්වා දීම.
more
සම්පූර්ණයි
31-Jan-23
දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.3%ක් නියෝජනය වන පරිදි ඉන්ධන බද්දක් හඳුන්වා දීම
more
සම්පූර්ණයි
31-Jan-23
මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මත පැනවෙන සුරාබද්ද 20% කින් ඉහළ නැංවීම.
more
සම්පූර්ණයි
31-Jan-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය (රජයේ පැවරීම්වල ශුද්ධ අගය) රු. බිලියන 0 ලෙස පවත්වා ගැනීම.
සම්පූර්ණයි
01-Mar-23
2023 මාර්තු මාසය වන විට, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජයට ලබා දෙන ශුද්ධ ණය රු. බිලියන 2,890 ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Mar-23
2023 මාර්තු මාසය වන විට, මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිලියන 0 ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Mar-23
2023 මාර්තු මාසය වන විට ප්‍රාථමික හිඟය අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% (රු. බිලියන 56) ලෙස පවත්වා ගැනීම.
වැඩසටහන යටතේ 2023 මාර්තු මාසය අවසානය වන විට ප්‍රාථමික හිඟය රු. බිලියන 56ක් විය යුතුව තිබුනු අතර, මාර්තු මාසය අවසානය වන විට දත්ත අනුව ප්‍රාථමික ගිනුමේ ශේෂය රුපියල් බිලියන 48.3 කි.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/5383e763-0603-43c1-9b89-6da48c62619a
සම්පූර්ණයි
31-Mar-23
2023 මාර්තු මාසය වන විට, හිඟ මුදල් වියදම රු. බිලියන 30ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම.
මාස 3කට වැඩි බිල්පත් සඳහා හිඟ වියදම් බිංදුවක් බවට පත්ව ඇත.
මූලාශ්‍ර: https://www.treasury.gov.lk/api/file/5383e763-0603-43c1-9b89-6da48c62619a
සම්පූර්ණයි
31-Mar-23
2023 මාර්තු මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6% (රු. බිලියන 1,700) ලෙස පවත්වා ගැනීම.
more
සම්පූර්ණයි
31-Mar-23
සමාජ වියදම් 2023 මාර්තු වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.1 ක් (රුපියල් බිලියන 35) වීම.
සමෘද්ධිය සඳහා වන සමාජ වියදම් සහ අනෙකුත් වියදම්, වැඩිහිටි ආධාර, ආබාධිත පුද්ගලයින් සඳහා දීමනා සහ වකුගඩු රෝගීන් සඳහා මූල්‍ය ආධාර 2023 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 35 කි.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/5383e763-0603-43c1-9b89-6da48c62619a
සම්පූර්ණයි
31-Mar-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් කාර්ය මණ්ඩලයේ උපදේශනය සහිතව නියම කරන ලද නියම හා කාල රාමුවට අනුකූලව බැංකු ක්ෂේත්‍රය සවිමත් කිරීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්වාධීන ආයතනයක සේවාව ලබා ගැනීම.
more
සම්පූර්ණයි
31-Mar-23
ඉන්ධන මිල සුත්‍රය පදනම් කරගෙන ඉදිරි කාලයටද ගැලපෙන පරිදි සෑම වසරකම (අර්ධ වාර්ෂිකව) ජනවාරි සහ ජුලි මාසවල (ඒ ඒ මාසවල පළමු වෙනි දින සිට ක්‍රියාත්මක වන පරිදි) ඉන්ධන පිරිවැය ආවරණය වන ලෙස අවසන් පාරිභෝගික විදුලි ගාස්තු සකස් කිරීම (සියලු අවසන් පාරිභෝගික කණ්ඩායම් සඳහා); ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඔක්තෝබර් මාසය අගදී (ජනවාරි ගාස්තු සංශෝධන වෙනුවෙන්) සහ අප්‍රේල් මාසය අගදී (ජූලි මස ගාස්තු සංශෝධන සඳහා) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම වෙත ගාස්තු සංශෝධන ඉල්ලීම් ඉදිරිපත් කිරීම; විදුලිය වෙනුවෙන් ලබා දෙන අවශේෂ සහනාධාර ආවරණය වන පරිදි විදුලිබල අංශයට අයවැයෙන් මුදල් වෙන් කිරීම.
more
සම්පූර්ණයි
31-Mar-23
ස්ථිරසාර ලෙස ඉදිරිගාමී ප්‍රවේශයක් ගන්නා සත්‍ය ප්‍රතිපත්තිමය අනුපාත සහතික කරනු පිණිස ප්‍රතිපත්ති පොලී අනුපාත පාදක ලක්ෂ්‍ය 100 කින් ඉහළ නැංවීම.
more
සම්පූර්ණයි
31-Mar-23
මාසික සූත්‍ර මත පදනම් වූ ගැලපීම් සමඟින් අවම වශයෙන් පිරිවැය ආවරණය වන ලෙස සිල්ලර ඉන්ධන මිල සැකසීම, සහ ඛනිජ තෙල් සංස්ථාව ලබාදෙන ඕනෑම සහනාධාරයක් සඳහා අයවැයෙන් මුදල් ලබා දීම.
more
සම්පූර්ණයි
31-Mar-23
2023 මාර්තු මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය 55% සහ 49% අතර පවත්වා ගැනීම.
මූලාශ්‍රය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/Movementsofthe_CCPI
සම්පූර්ණයි
31-Mar-23
2023 මාර්තු මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත ප්‍රමාණය අවම වශයෙන්, ඇ.ඩො. මිලියන 3,188 දක්වා ඉහළ නැංවීම
සම්පූර්ණයි
31-Mar-23
රජයට අයත් විශාලතම බැංකු දෙක සහ පෞද්ගලික අංශයේ විශාලතම බැංකු තුන වෙනුවෙන් අදාළ වන බැංකු සවිමත් කිරීමේ විධිවිධානයේ වත්කම් ගුණාත්මකතා සමාලෝචන සංරචකය සම්පූර්ණ කිරීම.
අයවැය කතාවෙන් උපුටා ගැනීම "මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ විචක්ෂණශීලී පදනමක් මත අතිරේක ප්‍රාග්ධන සමුච්චයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි."
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/ed037ac8-9727-4292-ae9b-edac08c7a314
සම්පූර්ණයි
01-Apr-23
ඔට්ටු ඇල්ලීම හා සූදු බදුවලට අදාළ බදු අනුපාත මැයි 30 බදු යෝජනාවට අනුකූල වන පරිදි ඉහළ නැංවීම; සූදු ක්‍රීඩා මත වාර්ෂික බද්ද රු. මිලියන 500 දක්වා ඉහළ නැංවීම; සජීවී රූපවාහිනී විකාශනයන් ඔස්සේ සිදු කෙරෙන ඔට්ටු ඇල්ලීම් මත වාර්ෂික බද්ද රු. මිලියන 1 දක්වා ඉහළ නැංවීම; සජීවී රූපවාහිනී විකාශනයන් නොමැතිව ස්සේ සිදු කෙරෙන ඔට්ටු ඇල්ලීම් මත වාර්ෂික බද්ද රු. 75,000 දක්වා ඉහළ නැංවීම; දළ රැස් කිරීම මත බද්ද 15% දක්වා ඉහළ නැංවීම;
2023 අප්‍රේල් 04 වන දින පනත් කෙටුම්පතක් ප්‍රකාශයට පත් කල අතර එය සංශෝධනයක් ලෙස පනතට ඇතුළත් කිරීම සිදුවූයේ 2023 අගෝස්තු 21 වන දින ය.
මූලාශ්‍රය: http://www.documents.gov.lk/files/act/2023/8/11-2023_E.pdf
සම්පූර්ණයි
30-Apr-23
සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයට පාර්ලිමේන්තු අනුමැතිය සහ සුබසාධන ප්‍රතිලාභ ගෙවීම සඳහා අඩු ආදායම්ලාභී පවුල් හඳුනාගැනීම සඳහා නව සුදුසුකම් නිර්ණායක භාවිතා කිරීම.
more
සම්පූර්ණයි
31-May-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ ලංකා විදුලි බල මණ්ඩලයේ, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ, ශ්‍රී ලංකා එයාර් ලයින්ස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කරනු පිණිස අදාළ වන විස්තීර්ණ උපාය මාර්ගයක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
සම්පූර්ණයි
01-Jun-23
වැඩසටහන් කාල සීමාව තුළදී ආනයන සීමාවන් ඉවත් කිරීමට සැලැස්මක් පිළියෙළ කිරීම
සම්පූර්ණයි
01-Jun-23
2023 ජූනි මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන්, ඇ.ඩො. මිලියන - 2830 ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Jun-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Jun-23
2023 ජූනි මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.2% ක් (රු. බි. 70 ක්) ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Jun-23
2023 ජූනි මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිිලයන 0 ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Jun-23
2023 ජූනි මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂාන්තර උද්ධමනය 34% සිට 28% දක්වා අඩු කිරීම.
මූලාශ්‍රය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/Movementsofthe_CCPI
සම්පූර්ණයි
30-Jun-23
2023 ජූනි මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ලබා දෙන ශුද්ධ ණය රු. බිලියන 2,890ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
30-Jun-23
2023 ජූනි මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6%ක් (රු. බි. 1,700) ලෙස පවත්වා ගැනීම.
more
සම්පූර්ණයි
30-Jun-23
2023 ජූනි මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක් (රු. බි. -113) ලෙස පවත්වා ගැනීම.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙල යටතේ, දෙවන කාර්තුව අවසානය වනවිට අත්කරගැනීමට ලබාදුන් රුපියල් බිලියන 113ක ප්‍රාථමික මූල්‍ය හිඟය පිළිබඳ ඉලක්කය අභිබවා යමින් රුපියල් බිලියන 30.7 ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් වාර්තා කර ඇත.
මූලාශ්‍රය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20230825_e.pdf
සම්පූර්ණයි
30-Jun-23
මධ්‍යසාර හා දුම්කොළ නිෂ්පාදන මත සුරාබදු දෙවන වරට ඉහළ නැංවීමේ යෝජනාව සමාලෝචනයට ලක් කිරීම.
more
සම්පූර්ණයි
30-Jun-23
බැංකු පද්ධතියේ ප්‍රාග්ධනය හා විදේශ විනිමය ආශ්‍රිත ද්‍රවශීලතා හිඟයන් පියවීම සඳහා සහ තවදුරටත් පවත්වාගෙන යාමට අපහසු (non-viable) බවට තක්සේරු කර ඇති බැංකු සම්බන්ධයෙන් මැදහත් වීම උදෙසා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පෙර දැක්මක් (road map) සකස් කිරීම.
සම්පූර්ණයි
01-Jul-23
2023 සැප්තැම්බර් මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6%ක් (රු. බි. 1700ක්) ලෙස පවත්වා ගැනීම.
more
සම්පූර්ණයි
01-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.5%ක් (රු. බි. 160ක්) ලෙස පවත්වා ගැනීම.
2024 මූල්‍ය කළමනාකරණ වාර්තාවෙන් උපුටා ගැනීම: "2023 වසරේ මුල් මාස නවය තුළ රජය රුපියල් බිලියන 123.8 ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් අත්පත් කර ගෙන ඇත"
මූලාශ්‍රය:https://www.treasury.gov.lk/si/api/file/0dd9229c-80f6-4248-9ac6-4e935ae9bf6f
සම්පූර්ණයි
01-Sep-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය ට ලබා දෙන ශුද්ධ ණය රු. බිලියන 2,840ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට හිඟ වියදම් රු. බිලියන 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
01-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.4%ක් (රු. බි. 120ක්) ලෙස පවත්වා ගැනීම.
සමෘද්ධිය, ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා වන ආධාර සහ වැඩිහිටි තැනැත්තන් සඳහා වන දීමනා යනාදිය සඳහා රුපියල් බිලියන 134.7 ක් වැය කර ඇත.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/si/api/file/0dd9229c-80f6-4248-9ac6-4e935ae9bf6f
සම්පූර්ණයි
01-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවිය යුතු බාහිර ගෙවීම් හිඟයන්හි වටිනාකම රු. බිලියන 0 ලෙස පවත්වා ගැනීම
සම්පූර්ණයි
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය 20% සිට 14% අතර පවත්වා ගැනීම.
මූලාශ්‍රය: http://www.statistics.gov.lk/InflationAndPrices/StaticalInformation/MonthlyCCPI/Movementsofthe_CCPI
සම්පූර්ණයි
30-Sep-23
2023 සැප්තැම්බර් මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන් ඇ.ඩො.මිලියන 2,068 ලෙස පවත්වා ගැනීම.
සම්පූර්ණයි
30-Sep-23
ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී කාර්ය රාමුව තක්සේරු කරනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයවීම මත යහපාලන තාක්ෂණික සහායක මෙහෙයුමේ වාර්තාව පළ කිරීම.
more
සම්පූර්ණයි
30-Sep-23
ස්වකීය ප්‍රාග්ධන හිඟයන් පෞද්ගික මූලාශ්‍ර වෙතින් පියවීමට අසමත්, තවදුරටත් පවත්වාගෙන යා හැකි (viable) බැංකු ප්‍රතිප්‍රාග්ධනීකරණයකිරීම උදෙසා අදාළ වන කොන්දේසි, මෙවලම්, කාල සිමා සහ විශාලත්වය යන කරුණු මුදල් අමාත්‍යාංශය විසින් නිර්ණය කිරීම.
අයවැය කතාවෙන් උපුටා ගැනීම "මෙම වත්කම් තත්ත්ව සමාලෝචනයේ මූලික ප්‍රතිඵලවලින් පෙන්නුම් කරන්නේ විචක්ෂණශීලී පදනමක් මත අතිරේක ප්‍රාග්ධන සමුච්චයක් ගොඩනැගීමේ අවශ්‍යතාවයයි."
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/ed037ac8-9727-4292-ae9b-edac08c7a314
සම්පූර්ණයි
01-Oct-23
වැඩසටහන් පරාමිතීන්වලට අනුකූලව 2024 විසර්ජන පනත සහ වියදම් වෙන් කිරීම සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
more
සම්පූර්ණයි
01-Oct-23
අර්ධ-වාර්ෂික පදනමක් මත මෙම තොරතුරු ප්‍රකාශයට පත් කරන මූල්‍ය විනිවිදභාවය සදහා මාර්ගගත වේදිකාවක් පිහිටුවීම: (i) වැදගත් රාජ්‍ය ප්‍රසම්පාදන කොන්ත්‍රාත් සියල්ලම (ii) ආයෝජන මණ්ඩලය හරහා බදුවලින් නිදහස් කෙරෙන සමාගම් සියල්ලම දැක්වෙන ලේඛනයක් සහ (iii) සුඛෝපභෝගී රථ වාහන ආනයනය කිරීමේදී බදුවලින් නිදහස් කෙරෙන පුද්ගලයන් හා සමාගම් සියල්ලම දැක්වෙන ලේඛනයක්.
මූල්‍ය විනිවිදභාවය සදහා වූ මාර්ගගත වේදිකාව ස්ථාපිත කර නොමැත. කෙසේ වෙතත්, ලේඛන දෙකක් මාර්තු 31 න් පසු භාණ්ඩාගාර (මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියට) උඩුගත (upload) කර ඇත. එකක් ආයෝජන මණ්ඩලය හරහා බදු නිදහස් කිරීම් ලබන සියලුම සමාගම් ලැයිස්තුවක් සහ අනෙක සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් ලබන ලද පුද්ගලයන් සහ සමාගම් ලැයිස්තුවකි. තවද අප්‍රේල් 30 වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියා (actions) 7ක් සඳහා මිලදී ගත් ප්‍රමාණය සහ ගෙවා ඇති මුදල, ප්‍රසම්පාදන සම්බන්ධ වෙබ් අඩවියක් දියත් කර උඩුගත (upload) කර ඇත. ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු කෙටුම්පත් ප්‍රකාශයට පත් කර නොමැත.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/c2eb5770-e8fe-4d5c-8e12-1242be27bd9a
https://www.treasury.gov.lk/api/file/8cebada0-8c18-4c77-b2b9-7a3617a6e456
https://www.treasury.gov.lk/api/file/f2d9b05e-bc9d-4c24-a234-2e631dfc5169
https://promise.lk
ඉටුකර නැත
31-Mar-23
2023 මාර්තු මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.1% (රු. බිලියන 650) දක්වා ඉහළ නැංවීම.
2023 පළමු කාර්තුව සඳහා රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 578 කි.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/api/file/5383e763-0603-43c1-9b89-6da48c62619a
ඉටුකර නැත
31-Mar-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ පිළියෙළ කරන ලද නව මහ බැංකු පනත සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
පනත් කෙටුම්පත මාර්තු 07 වන දින ප්‍රකාශයට පත් කල නමුත් එය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සිදුවූයේ ජූලි 20 වන දින ය.
මූලාශ්‍රය: http://www.documents.gov.lk/files/bill/2023/3/302-2023_E.pdf
https://www.parliament.lk/news-en/view/3381
ඉටුකර නැත
01-Apr-23
2023 ජූනි මාසය වන විට හිඟ මුදල් වියදම රු. 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම.
more
ඉටුකර නැත
01-Jun-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ, විස්තිර්ණ වත්කම් අයකර ගැනීමේ විධිවිධාන ඇතුළත් වන පරිදි, එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට ගැලපෙන පරිදි අභිනව දූෂණ විරෝධී නෛතික රාමුවක් බලාත්මක කිරීම.
පනත් කෙටුම්පත අප්‍රේල් 04 වන දින ප්‍රකාශයට පත් කල නමුත් එය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සිදුවූයේ ජූලි 19 වන දින ය.
මූලාශ්‍රය: http://www.documents.gov.lk/files/bill/2023/4/319-2023_E.pdf
https://www.parliament.lk/news-en/view/3375
ඉටුකර නැත
01-Jun-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ බැංකු පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
more
ඉටුකර නැත
01-Jun-23
ඉතිරි රාජ්‍ය ව්‍යවසායයන් 19, 2021 හා 2022 සඳහා වන විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පළ කරනු ලබන බව සහතික කිරීම.
2022 දක්වා වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත් කර ඇත්තේ ප්‍රධාන රාජ්‍ය සංස්ථා 52න් 11ක් පමණි.
මූලාශ්‍රය: https://www.publicfinance.lk/en/topics/only-11-out-of-52-soes-have-published-financial-data-up-to-2022-1689251407
ඉටුකර නැත
30-Jun-23
2023 ජූනි මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.3%ක් (රු. බි. 1,300ක්) ලෙස පවත්වා ගැනීම.
රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙල යටතේ දෙවන කාර්තුව අවසාන වනවිට අත්කරගැනීමට ලබාදුන් රුපියල් බිලියන 1300 බදු ආදායම පිළිබඳ ඉලක්කය ළඟා කරගැනීමට අපොහොසත් වී ඇති අතර වාර්තා කරන ලද බදු ආදායම රුපියල් බිලියන 1,198.9ක් පමණි.
මූලාශ්‍රය: https://www.cbsl.gov.lk/sites/default/files/cbslweb_documents/statistics/wei/WEI_20230825_e.pdf
ඉටුකර නැත
30-Jun-23
වැඩසටහන් පරාමිතීන්වලට අනුකූල වන පරිදි 2024 වසර තුළදී මුදල් රැස් කිරීමට සහාය වන පරිදි (Fiscal Consolidations) ආදායම් විධිවිධාන යෙදීමට කැබිනට් අනුමැතිය ලබා ගැනීම.
ඉටුකර නැත
31-Jul-23
2023 සැප්තැම්බර් මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.9%ක් (රු. බි. 120ක්) ලෙස පවත්වා ගැනීම.
2023 වර්ෂයේ මුල් මාස 09 සඳහා බදු ආදායම රුපියල් බිලියන 1,934 කි.
මූලාශ්‍රය: https://www.treasury.gov.lk/si/api/file/0dd9229c-80f6-4248-9ac6-4e935ae9bf6f
ඉටුකර නැත
01-Sep-23
ITMIS පද්ධතිය එහි ප්‍රධාන ආයතන 220 ම ආවරණය වන පරිදි පුළුල් කරමින් එය දියත් කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීම.
ඉටුකර නැත
01-Sep-23
නියමිත ප්‍රතිව්‍යුහගත කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා ගුවන් සේවයේ ශේෂ පත්‍රයන් වෙතින් ඉතිරි වන කවර හෝ රජයේ ඇපකර සහිත විදේශ විනිමය ණය වේ නම් ඒවා රජයේ ශේෂ පත්‍රය වෙත පැවරිය යුතුය.
ඉටුකර නැත
30-Sep-23
රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් පසුව එළැඹෙන මාසයේ තුන්වැනි ව්‍යාපාරික දිනය (business day) වන විට අදාළ ආදායම්, වියදම් හා මූල්‍යකරණයන් වෙතින් ලැබෙන මාසික මුදල් ප්‍රවාහ වාර්තා කරනු ලැබීම
ඉටුකර නැත
30-Sep-23
වැඩසටහන් පරාමිතීන් වලට අදාළව 2024 විසර්ජන පනතේ පළමු වර කියවීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම
ඉටුකළ යුතු
31-Oct-23
ඉන්ධන හා විදුලි බල සැපයුමට අදාළ වානිජ නොවන බැඳීම් පිරිවැය රු. බිලියන 0ක් ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට ලැබිය යුතු ශුද්ධ ණය රු. බිලියන 2,740ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
ජාත්‍යන්තර හොඳම පරිචයන්ට අනුකූලව රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිතායතනයක් පිහිටුවනු පිණිස අවශ්‍ය නෛතික අවශ්‍යතා සම්පූර්ණ කිරීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට හිඟ වියදම් රු. 0ක උපරිමයක් ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට මූල්‍ය නොවන රාජ්‍ය අංශය හා ශ්‍රී ලංකා මහ බැංකුවට අදාළ නව බාහිර ගෙවීම් හිඟයන් රු. 0 ක් ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
අයවැය පිළියෙළ කිරීමේ ක්‍රියාවලිය, ඊට අදාළ ආයතන සතු භූමිකා හා වගකීම් සහ තොරතුරු හා වගවීම පිළිබඳ අවශ්‍යතා සඳහා බලය පවරන නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීතියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල උපදේශනය යටතේ සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම.
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ශුද්ධ නිල විදේශ සංචිත වටිනාකම අවම වශයෙන් ඇ.ඩො. මිලියන -1,592ක් ලෙස පවත්වා ගැනීම.
ඉටුකළ යුතු
31-Dec-23
විදුලි බල සම්පාදනය නිවැරදිව මිනුම්ගත කරනු පිණිස තොග විදුලි සැපයුම් ගිණුම (BSTA) වැඩිදියුණු කිරීම සහ, පිරිවැය අයකර ගැනීම පාදක විදුලි ගාස්තු හා රජයේ සැපයුම් අවශ්‍යතා හඳුනා ගැනීම සඳහා එය යොදා ගැනීම ඇරඹීම.
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට ප්‍රාථමික මූල්‍ය හිඟය අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් හි 0.7%ක් (රු. බි. 209) ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට සමාජ ආරක්ෂණ වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් හි 0.6%ක් (රු. බි. 187) ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.7%ක් (රු. බි. 2,940) ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට භාණ්ඩාගාර ඇපකර වටිනාකම දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.6%ක් (රු. බි. 1,700) ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-23
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලයේ උපදේශනය යටතේ සිදු කෙරෙන බැංකු පනත් පූර්ණ සංශෝධනය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.
ඉටුකළ යුතු
31-Dec-23
2023 දෙසැම්බර් මාසය වන විට, කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වර්ෂාන්තර උද්ධමනය 18% සිට 12% අතර පවත්වා ගැනීම.
ඉටුකළ යුතු
31-Dec-23
අති බහුතරයක් වන බදුවලින් නිදහස් කිරීම අහෝසි කොට එකතු කළ අගය මත බදු ක්‍රමය යළි ක්‍රියාත්මක කිරීම
ඉටුකළ යුතු
31-Jan-24
නිෂ්පාදන බදු උද්ධමනයට ස්වයංක්‍රීයව ගැලපීම හඳුන්වා දීම
ඉටුකළ යුතු
31-Jan-24
ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති (SDP) හා ආයෝජන මණ්ඩල පනත (BOI) ඔස්සේ ලබා දී ඇති බදු දිරිගැන්වීම්වල ඍජු පිරිවැය ගණනය කිරීම ඇරඹීම සහ ප්‍රකාශයට පත් කිරීම
ඉටුකළ යුතු
31-Jan-24
සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) අහෝසි කිරීම හා එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම් කඩිනමින් කිරීම
ඉටුකළ යුතු
31-Jan-24
2024 ජනවාරි මාසයේ සිට ආරම්භ වන පරිදි සුදුසුකම් නොලබන කිසිදු ප්‍රතිලාභයෙකු වෙත සමෘද්ධි මුදල් ආධාර නොලැබෙනු ඇත.
ඉටුකළ යුතු
31-Jan-24
විස්තීර්ණ වත්කම් අයකර ගැනීමේ විධිවිධාන එක්සත් ජාතීන්ගේ දූෂණ විරෝධී ප්‍රඥප්තියට අනුකූලව ජා.මු.අ. කාර්ය මණ්ඩලයේ උදේශනය යටතේ පිළියෙළ කොට ඒවා අපරාධ කාර්ය පටිපාටියට අදාළ කෙටුම්පත් කරන ලද වෙනම නෛතික විධිවිධානයක් තුළට ඒකාබද්ධ කළ යුතුය.
ඉටුකළ යුතු
31-Mar-24
පිරිවැය අයකර ගැනීම පාදක ඉන්ධන හා විදුලි ගාස්තු ගැලපුම් ක්‍රියාත්මක කිරීමේ වගකීම විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය වෙත පවරන නෛතික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම.
ඉටුකළ යුතු
30-Jun-24
2024 වසර අවසානය වන විට ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි. හි 0.8%ක් ලෙස පවත්වා ගත යුතුය.
ඉටුකළ යුතු
31-Dec-24
රාජ්‍ය ණය කළමනාකරණ නියෝජිතායතනය පිහිටුවීමේ කටයුතු සම්පූර්ණ කළ යුතුය.
ඉටුකළ යුතු
31-Dec-24
අවශ්‍ය අවස්ථාවලදී තාක්ෂණික සහාය ඉල්ලමින් අදාළ ෆිස්කල් පැවරීම් සමාලෝචනයක්ද ඇතුළත්ව දීප ව්‍යාප්ත දේපල බද්දක් හඳුන්වා දීම.
ඉටුකළ යුතු
31-Jan-25
බදු රහිත ප්‍රතිපාදනයන් සහ බදුවලින් නිදහස් කිරීම් අවම ලෙස පවතින පරිදි ත්‍යාග හා ප්‍රවේණි බද්දක් හඳුන්වා දීම
ඉටුකළ යුතු
31-Jan-25
2025 වසර අවසානය වන විට ප්‍රාථමික අතිරික්තය ද.දේ.නි. හි 2.3ක් ලෙස පවත්වා ගැනීම
ඉටුකළ යුතු
31-Dec-25

Please submit your details to subscribe for Manthri.lk newsletter.