2 days ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

මාධ්‍ය නිවේදනය – 2026 ජනවාරි 18 

2026 අයවැය සමඟ Manthri.lk අනුර මීටරය යාවත්කාලීන කරයි 

'අනුර මීටරය' (Anura Meterප්රතිපත්ති ප්රකාශන ප්රගති නිරීක්ෂකයේ නවතම යාවත්කාලීන කිරීමට අනුවජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 නොවැම්බර් වන විට සිය ප්රධාන මැතිවරණ පොරොන්දු 30ක් අතරින් 10ක් ඉටු කර ඇතතවත් පොරොන්දු 10ක් ක්රියාත්මක වෙමින් පවතින අතරපොරොන්දු 9 කිසිදු ප්රගතියක් දක්නට නොලැබේඑක් පොරොන්දුවක් අසාර්ථක වී ඇති බව මෙමගින් පෙන්වා දෙයි. 

මෙම ඇගයීම මගින් 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් ප්‍රධාන පොරොන්දු 30ක් නිරීක්ෂණය කෙරෙන අතර, 2026 අයවැය දක්වා තොරතුරු ඇතුළත් වේමෙම විශ්ලේෂණය 'දිට්වාසුළි කුණාටුවට පෙර සම්පූර්ණ කරන ලද්දකි. 

අනුර මීටරය මගින් නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු තෝරාගෙන ඇත්තේ ඒවායේ පවතින ඉහළ මහජන උනන්දුව සහ ජාතික වැදගත්කම සැළකිල්ලට ගනිමිනිආර්ථික ප්රතිසංස්කරණආණ්ඩුකරණයදූෂණ විරෝධයනීතිය හා සාමය මෙන්ම සමාජ ආරක්ෂණය යන ප්රධාන ප්රතිපත්තිමය ක්ෂේත් මෙම පොරොන්දු හරහා ආවරණය වේ. 

මැතිවරණ පොරොන්දු ඉටුකිරීම සම්බන්ධයෙන් පවතින විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා Manthri.lk විසින් හැකි උපරිම උත්සාහය යොදා පවත්වාගෙන යන මෙම 'අනුර මීටරයමීට පෙර මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන නිරීක්ෂණය කරන ලද, 'මෛත්‍රී මීටරයසහ 'ගෝඨා මීටරය’ යන ප්‍රගති නිරීක්ෂකවල ඉදිරි පියවරකි. 

මෙහි නිරීක්ෂණය කරනු ලබන පොරොන්දු 30න් 7ක්ම ඇතුළත් කරනු ලැබුවේ මහජනතාවගෙන් ලැබුණු ප්රතිචාර සැළකිල්ලට ගනිමිනිනිරීක්ෂණය කළ යුතු යැයි මහජනතාව විශ්වාස කරන තවත් අමතර පොරොන්දු වෙතොත් ඒවා යෝජනා කරන ලෙස  Manthri.lk මහජනතාවට ආරාධනා කර සිටියි. 

Manthri.lk යනු ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වේදිකාව වේඑය පවත්වාගෙන යන්නේ මෙරට විශාලම ස්වාධීන බුද්ධි පර්ෂදයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය යිප්‍රගතිය මනින සියලුම පොරොන්දුවල වර්තමාන තත්ත්වය පිළිබද පූර්ණ තොරතුරු සිංහලදෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගැනීමට පිවිසෙන්න - https://manthri.lk/si/anura-meter