over 9 years ago by manthri.lk - Research Team under in විශ්ලේෂණ

දේශපාලකයෙකුට තේරීපත් වීමට අවශ්‍ය මොනවාද, සහ ඔහු දේශපාලන පවුලකින් පැමිණීම කොතරම් වැදගත්ද : එනම්,  ලගම පවුලේ සාමාජිකයකු හෝ ලඟම ඥාතියකු ජාතික හෝ පළාත් / ප්‍රාදේශීය දේශපාලන ආයතනයක සිටීම කොතරම් වැදගත් වේද ?   

පාලිමේන්තු ක්‍රියාපටිපාටි සහ විධාන අධික්ෂණය කරන සහ ශ්‍රේණිගත කරන පුරෝගාමී වෙබ් අඩවියක් වන Manthri.lk විසින් සිදුකරන ලද විශ්ලේෂණයකට අනුව පවුල් උරැමයෙන් දේශපාලනයෙට පැමිණීමේ බලපෑම ශ්‍රි ලංකා පාලිමේන්තුව තුල වැඩිවීමේ ප්‍රවනතාවක් ඇත. දැනට පාර්ලිමේන්තු සාමාජ්කයන්ගෙන් 20% දේශපාලන පවුල්වලට සම්බන්ද අය වේ.   

නවක
 මන්ත්‍රීන්ගෙන් වැඩි පිරියක් පවුල් දේශපාලනය මත පැමිණි අය වේ - එය වර්ධනය වෙමින් පවති  : අවම වශයෙන් පාර්ලිමේන්තු සාමාජිකයන්ගෙන් 20% පවුල් දේශපාලන බලපෑම් මත අවස්ථාව ලබා ගත්තවුන් වේ . නමුත් වැඩි ප්‍රමාණයක් නවක මන්ත්‍රීන් අතුරින් (පළමු වතාවට පාර්ලිමේන්තුවට තේරීපත් වුවන්) නවක මන්ත්‍රන් අතුරින් එය 23% ප්‍රතිශතයක් වේ . සහ නැවත තේරී පත්වූවන්ගේ ප්‍රතිශයය වන්නේ 18% පමණි.     

වැඩිම පවුල් දේශපාලනයක් ඇත්තේ එ.ජා.පෙ ය තුළය නමුත් එ.ජා.නි සන්ධානය තුළද එය වැඩි වීමෙ පොළිඹිමක් ඇත : පවුල් දේශපාලන බලපෑම මත වැඩිම ප්‍රමාණයක් මන්ත්‍රීන් සිටින්නේ එ.ජා.පෙ  හිය.එය නැවත තේරී පත්වූවන් 33% සහ අලුතින් තේරීපත් වුවන් 28% කි. නමුත් එය අඩුවෙමින් පවතින බව වාර්තා  අංක පෙන්වා දෙයි.මෙහි වැඩිවීමක් ඇති කරනු ලබන්නේ එ.ජා.නි ස විසිනි. පවුල් දේශපාලන උරුමයක් සහිත එ.ජා.නි.ස මන්තී‍්‍රවරුන් ගෙන් 18% ක් පමණ නැවත තේරී පත්වී ඇති අතර  23% අධික නවක මන්ත්‍රීන් පිරිසක් දේශපාලන පවුල් උරුමයේ බලපෑම මත පැමිණ තිබේ. (සටහන 1)   

අවසන් චන්ද විමසීමේදී නවක තේරී පත් වූ මන්තී‍්‍රන්ගේ වැඩිම වෙනසක් දක්නට ඇත්තේ ප්‍ර.ජා.ස හිය. නැවත තේරීපත් වුවන්ගෙන් 16.7% දේශපාලන පවුල් උරුමය මත පැමිණි වුන් වන අතර අලුතින් පත් වුවන්ගේන් කිසිවෙක් දේශපාලන පවුල් උරුමය මත පැමිණිවුන් නොවේ .   


                                                  


දේශපාලන පවුල් උරුමයෙන් පැමිණෙන්නන් ගේ අඩු කිරීමට ජාතික ලැයිස්තුව උපකාරී ජාතික ලැයිස්තුවෙන්  පැමිණි නවක මන්ත්‍රීන් අතුරින් දේශපාලන පවුල් උරුමයෙන් පැමිණියේ  8% පමණි නමුත් නව දිස්ති්‍රක්ක  ලැයිස්තුවෙන් පැමිණි නවක මන්ත්‍රීන්  සංඛ්‍යාව එහි තුන්ගුනයකට වැඩි වේ. එය අගයක් ලෙස 26% (ප්‍රස්ථාර 2 )    

                                                   
                                                

මෙමෙ දේශපාලන පවුල් උරුමයේ බලපෑම මත පැමිණෙන මන්ත්‍රීන් සංඛ්‍යාව වැඩිවීම අනාගතයේ යම් සිදුවිමක පෙරනිමිත්තක් ද ? පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයට එහි බලපෑම කුමක් වේද ? ඔබේ අදහස් සහ ප්‍රශ්න www.manthri.lk/en/blog වෙත හෝ Manthri.lk ක්ෂණික ඇමතුම් අංකය 071-4639882 වෙත කෙටි පණිවිඩ මගින් යොමු කරන්න.