about 11 years ago by Manthri.lk - Web Team under විශ්ලේෂණ

රජයක් වඩාත් “විවෘත, ඵලදායී සහ ගිනිය හැකි“ ආයතනයක් බවට පත් කිරීම සඳහා යත්න දරන ජාත්‍යන්තර සංවිධානයක් වන විවෘත රාජ්‍ය එකමුතුවේ (OGP) සාමාජිකත්වය, ශ්‍රී ලංකාව ද මෑතකදී ලබාගත්තේ ය.  මෙවැනි ‘මෝස්තර-වචනවලින්‘ අතීතයේ පටන් බොහෝ හෙම්බත්ව ඇති බැවින්, ශ්‍රී ලංකාව වෙනුවෙන් නැගිය යුතු මූලික ප්‍ර‍ශ්න 3ක් මතු වේ. 1. විවෘත රාජ්‍ය එකමුතුවේ සාමාජිකත්වය ගෙන එන්නේ කුමක් ද? 2. එය සැබවින්ම ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි බලපෑමක් එල්ල කරයි ද? 3. ශ්‍රී ලංකාවේ රජය සූදානම් ද?

 

මා පෙන්වා දෙන්නට යන්නේ, විවෘත රාජ්‍ය එකමුතුව හා අත්වැල් බැඳ ගැනීම මගින් ශ්‍රී ලංකාවට ලැබෙන පැහැදිලි ජාතික ප්‍ර‍තිපත්ති සැලසුම සහ කාල රාමුවයි. ප්‍ර‍තිපත්ති සම්පාදනයේදී සිවිල් සමාජයේ අත්‍යාවශ්‍යයික උපදේශකත්වය සහ ස්වාධීන ඇගයීම් සඳහා ක්‍ර‍මවේදයක් ලැබීම යනාදිය හරහා මෙය පාලනයට බලපානු ලබයි. එසේම 2015 වසරේ මූලාරම්භයේ පටන් එන දින සියයේ වැඩපිළිවෙලෙහි පටන්ම විවෘත රාජ්‍ය එකමුතුවේ සාමාජිකත්වය ස්වභාවික වෘද්ධියක් පෙන්වන අයුරු ද මම පෙන්වා දෙමි.

  

 

විවෘත රාජ්‍ය එකමුතුවේ සාමාජිකත්වය ගෙන එන්නේ කුමක් ද?

 

විවෘත රාජ්‍ය එකමුතුව සඳහා අත්සන් තැබීමත් සමග රටක් මූලික නව්‍යතා දෙකක් වෙත එක්වෙයි.  පළමුව‍, එය වසර දෙකක ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සහ කාලරාමුවක් මත පදනම් වන ක්‍ර‍මවේදාත්මක ප්‍ර‍තිපත්ති සැලසුමක් හා බැඳීමට එකගතාව පළ කරනු ඇත.  දෙවනුව එම ජාතික ක්‍රියාකාරී සැලැස්මෙහි ප්‍ර‍ගතිය විවෘත රාජ්‍ය එකමුතුවෙහි ස්වාධීන සමීක්ෂක කමිටුවක් විසින් පත් කෙරෙන මෙරට ප්‍රාමාණික විද්වත් මඩුල්ලක් විසින් පරීක්ෂා කෙරෙනු ඇත.

 

සුවිශේෂී කරුණ නම්, ජාතික ප්‍ර‍තිපත්ති සැලසුම සැකසිය යුතු වන්නේ උපදේශක ක්‍රියාවලියක් මත පදනම් වූ විස්තරාත්මක මගපෙන්වීමක් යටතේ, සිවිල් සමාජ උපදේශනය යටතේ වීමයි. මෙම ක්‍රියාකාරී සැලැස්ම අදාල නියමිත කාලසීමාවන් තුළ රැඳෙමින් රජය විසින් සිදු කළ සියලුම ප්‍ර‍තිපත්තිමය බැදීම් සමග කටයුතු කරනු ඇත. බැඳීම් පරාසය සදහා උදාහරණ ලෙස ඉන්දුනීසියාවේ සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පහසුකරණයේ සිට දකුණු කොරියාවේ රාජ්‍ය නිල වත්කම් අනාවරණය කිරීමේ රෙගුලාසි ශක්තිමත් කිරීම දක්වා පෙන්වා දිය හැක. මෙම සියලු බැඳීම් ස්වාධීනව විමර්ෂණය කෙරෙන අතර, ඊට අමතරව රජය විසින් වාර්ෂික ස්ව-විමර්ෂණයක් ද සිදු කරනු ඇත. මේ හේතුවෙන් සිය බැඳීම්වලට එරෙහි රජයේ ප්‍ර‍ගතිය පිළිබද අනන්‍යසාධාරණ දත්ත මත පදනම් වූ විමර්ෂණයක් සිදු වන අතර එම දත්ත තොරතුරු මහජනයාගේ සමීක්ෂණය සඳහා ද ලබාගත හැකි වනු ඇත.

 

 

එය සැබවින්ම ශ්‍රී ලංකාවේ පාලනය කෙරෙහි බලපෑමක් එල්ල කරයි ද?

 

ජාතික ක්‍රියාකාරී සැලැස්මක් පිහිටුුවීම සඳහා සිවිල් සමාජය සහ රජය එක්ව ක්‍රියාකිරීම පිණිස  නිල පිළිගැනීම යනු ශ්‍රී ලංකාවේ තත්වය විෂයයෙහි සුවිශේෂී පිම්මකි. ජාතික ක්‍රියාකාරී සැලැස්මක ස්වරූපයෙන් ඒකීය, දෘඩ ප්‍ර‍තිපත්ති වැඩපිළිවෙලක් නිර්මාණය කිරීම අතීතය පුරාම සිදුවුණු ආවස්ථික ප්‍ර‍තිපත්ති සම්පාදනයෙන් පසෙකට සිදුවන පැහැදිලි විතැන්වීමකි.

අසීරුතා මුණගැසීම සිදුවනු ඇත. දේශපාලඥයින් සහ සිවිල් සේවකයින් රජය වෙත වන දොරටු විවර කිරීම සඳහා බොහෝ විවෘත ලෙස කටයුතු කිරීමට සූදානම් වීම අත්‍යාවශ්‍ය වනු ඇත. ඒ හා සමග සිවිල් සමාජයද නිලධරය මාරු වීමේ සීමාවන් හා ප්‍රයෝජ්‍යතාවාදයේ අවශ්‍යතාව සහ ඉවසීම හා නම්‍යතාව පිළිබඳ හඳුනාගැනීම අවශ්‍ය වනු ඇත.

 

මෙම වෙන්කිරීම් පැවතියදීම, විවෘත රාජ්‍ය එකමුතුව, ක්‍ර‍මානුකූල සැලසුම් කිරීම, වාර්තා කිරීම හා විමර්ෂණය ආදිය මෙම පෙර නොවූ විරූ සැකිල්ල හරහා ලබා දෙනු ඇත. මෙය ප්‍ර‍ගාමී රාජ්‍ය වාර්තාකරණය දිරිමත් කරනු පමණක් නොව ප්‍ර‍ගතිය නිරීක්ෂණය හා රාජ්‍ය කටයුතු ගිනීම සඳහා මාධ්‍යය බලසම්පන්න කිරීමද සිදු කරනු ඇත.

 

 

ශ්‍රී ලංකාවේ රජය සූදානම් ද?

ඔව්. ජනාධිපති සිරිසේනගේ දින සියයේ වැඩ පිළිවෙළ නිසි ඉලක්කගත අවසානයන් සමග බැදුණු පැහැදිලිව අර්ථ ගැන්වූ ක්‍රියාකාරකම් සඳහා මග හෙළි කරයි. විශේෂයෙන්ම, ඇගයීම යන්න පූර්ණ වශයෙන් යෙදීම මත පමණක් නොව, ප්‍ර‍ධාන ධාරාවේ ප්‍ර‍වෘත්ති මාධ්‍ය වාර්තාකරණයට එක් කෙරෙන, පොරොන්දුවල ප්‍ර‍ගතිය නිරීක්ෂණය මත ද රැදේ. (උදා: 100days.lk, Maithrimeter.lk)

 

මහජනතාව හා මාධ්‍යය සම්බන්ධ කරන, විවෘත රාජ්‍ය එකමුතුවේ වාර්තාකරණ ප්‍ර‍මිතීන් වෙත පිිවිසීම තවත් ඉදිරි පියවරක් වන අතර එය ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍ර‍මසිංහ ගෙන ආ යහපාලනය යන්න සඳහා වන ප්‍ර‍ධාන මෙවලමක් ද වනු ඇත. මේ මස අවසානයේ මෙක්සිකෝ නගරයේ පැවති විවෘත රාජ්‍ය එකමුතුවේ වාර්ෂික සමුළුවේ පියවරයන් බලගන්වමින් ජ්‍යෙෂ්ඨ දේශපාලකයින් විවෘත රාජ්‍ය එකමුතුව සඳහා එක්වීමට පෙන් වූ කැමැත්ත පෙන්වා දෙන්නේ දැනටමත් ඔවුන් ඉදිරිගාමී සිතීමක සිටිනා බවයි.

 

 

ශ්‍රී ලංකාව විවෘත රාජ්‍ය එකමුතුව සමග එක් වන්නේ නම් එය දකුණු ආසියාවේ පළමුවැනි පියවර වනු ඇත. විශ්වීය එකමුතුවක් ලෙස, 2011 වසරේදී ඉන්දුනීසියාවේ සිට බ්‍ර‍සීලය දක්වා විහිදි රටවල් අටක් පමණ එක්වී ඇරඹි මෙම සංවිධානය සිවු වසරක් තුළ  රටවල් 66කින් සුසැදි විසල් රැකක් බවට හැරී ඇත. ප්‍ර‍ගාමී මහජන වගකීම සඳහා බැදීමට ක්‍රියාකාරී වනු වස් ලොව පුරා ව්‍යාප්ත රාජ්‍යයන් තුළ නැගෙන පිළිගැනීම මෙමගින් පිළිඹිබු වෙයි. යහපාලන රජයට මෙහි 67වන සාමාජිකයා බවට පත්ව කටයුතු කිරීමට හැකි නම් එය වඩාත් බලාපොරොත්තු දල්වන සුළු වන්නේ එහෙයිනි.

 

අසෝක ඔබේසේකර විසිනි.

-----

ඔබේ අදහස් පහත ලියන්න, නැතිනම් අපට විද්‍යුත් තැපෑල හරහා ලියන්න [email protected] හෝ ට්විටර් හරහා අප අමතන්න @manthrilk නොඑසේනම් ෆේස්බුක් අඩවිය සඳහා facebook.com/manthrilk පිවිසෙන්න.

 

ලිපියේ රචක අසෝක අබේසේකර සමග @asokao මගින් ට්විටර් හරහා සම්බන්ධ විය හැක.

 මෙම ලිපිය Manthri.lk ප්‍ර‍ති ප්‍ර‍කාශ කරන ලද්දකි.

ලිපියේ අදහස් Manthri.lk අඩවියෙහි අදහස් ලෙස නොපිළිගත මනා ය.