අයවැය විවාද සමයේ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සහභාගීත්වය
2025 නොවැම්බර් 07 වන දින ඉදිරිපත් කළ අයවැය කතාවේ සිට දෙසැම්බර් 05 වන දින පැවැත්වූ 2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දක්වා කාලය තුළ, අයවැයට අදාළව පාර්ලිමේන්තු වාර 22ක් පැවැත්විණි.
එම කාලසීමාව තුළ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය මෙසේය:
- මන්ත්‍රීවරුන් 9 දෙනෙකු සියලුම සැසිවාර සඳහා සහභාගී වෙමින් 100% ක පූර්ණ පැමිණීමක් වාර්තා කර ඇත.
- මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගේ සහභාගීත්වය මුළු සැසිවාර සංඛ්‍යාවෙන් 20% කටත් වඩා අඩු මට්ටමක පැවතිණි.
අයවැය කාලසීමාව තුළ වැඩිම සහ අඩුම පැමිණීමේ වාර්තා හිමි මන්ත්‍රීවරුන් පිළිබඳ විස්තර දැනගැනීමට පහත සටහන් පරීක්ෂා කරන්න.



