over 8 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

නව රජය සඳහා නිර්දේශිත ප්‍ර‍තිපත්ති රාමු සහ කැබිනට් ව්‍යුහයන් වෙත පිවිසුම් දෙකක් පහත සඳහන් ය. මෙම නිර්දේශයන් පෙරමුණට ගෙන තිබුණේ මහාචාර්ය සිරි හෙට්ටිගේ විසින් කැඳවන ලද “පූර්ණ ජාතික ප්‍ර‍තිපත්තීන් සැකසීම සදහා වූ වැඩසටහන“ විසිනි. විවිධ ක්ෂේත්‍ර‍වල සේවය කොට විශ්‍රාමලත් රාජ්‍ය සේවකයින් සහ ශාස්ත්‍ර‍ඥයින් ගණනාවකගේ එකතුවෙන් සැදුම්ලත් මෙම වැඩසටහන ප්‍ර‍තිපත්ති සම්පාදනය සහ කැබිනට් මණ්ඩල ව්‍යුහගත කිරීම පිළිබඳ සැලසුම් කෙටුම්පතක් සකස් කිරීම සඳහා කටයුතු කළේ ය. 

 

1. ජාතික ප්‍ර‍තිපත්ති රාමු - මෙතැනින් පිවිසෙන්න

ප්‍ර‍තිපත්ති ක්ෂේත්‍ර‍ 23ක් හුවා දක්වයි. සෑම ප්‍ර‍තිපත්ති ක්ෂේත්‍රයක් සඳහාම එය දැක්මක්, අනුදැකිය යුතු මූලධර්මයන්, ප්‍ර‍විශ්ඨයන්, වර්තමාන ප්‍ර‍තිපත්ති ස්වභාවය, වර්තමාන ප්‍ර‍තිපත්තියේ ඇති හිඩැස් සහ අවසාන නිර්දේශයන් දක්වා ඇත. 

 

2. කැබිනට් ව්‍යුහය - මෙතැනින් පිවිසෙන්න

19 ඒ (ජාතික ආණ්ඩු සහ ජාතික නොවන ආණ්ඩු) මත පදනම්ව යෝජිත කැබිනට් ව්‍යුහයන් දෙකක් යෝජනා කරයි. දෙපාර්තමේන්තු මට්ටමෙහි ඇති සහක්‍රියාවන් දෙස බලමින්, පූර්ණ රාජ්‍ය දෙපාර්තමේන්තු ලැයිස්තුවක් සහ ඒ වගකිව යුතු අමාත්‍යාංශ සැකැස්මක් ඉදිරිපත් කර ඇත.