almost 9 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

2015 මාර්තු 22 වැනි දාඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 25 දෙනෙකුට අමාත්‍ය තනතුරු ලබා දෙන ලදී. මෙම මන්ත්‍රීවරුන් තෝරාගැනීමට පදනමක් තිබුණාද? Manthri.lk, ශ්‍රී ලංකාවේ පුරෝගාමී පාර්ලිමේන්තු අධීක්ෂණ වේදිකාවක් වශයෙන්, ජනාධිපති සිරිසේන මහතාගේ මෙකී තෝරා ගැනීම ප්‍රධාන කරුණු 3 කට යටත් වූ බව හදුනාගන්නා ලදී.

 

 1. දිනීමට ඇති හැකියාව

 

2. භූගෝලීය ව්‍යාප්තිය අනුව

 

3. දිස්ත්‍රික් පදනම

 
උපක්‍රමය:

 

2010 දී මනාප ඡන්ද විශාල සංඛ්‍යාවක් ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ආරක්ෂා කිරීමත්ඔවුන්ගේ ඡන්ද පදනම ආරක්ෂා කිරීමත් අපේක්ෂා කර ඇත. මෙහිදී ඡන්ද පත්‍රිකාව මත සලකුණු කරන අනෙක් මනාප දෙක ද වෙනත් කණ්ඩායමකට ලැබීමේ ඉඩ අහුරයි. (ඡන්ද පත්‍රිකාවේ මනාප තුනක් සලකුණු කළ හැක.)
 

දිනන අශ්වයින් තෝරාගැනීම:

නව අමාත්‍ය තනතුරු ලැබූ එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් වන්නේ, රටේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් 82% ක් පමණ නියෝජනය කරනන්නා වූ ද, මැතිවරණ දිස්ත්‍රික්ක 22 න්  දිස්ත්‍රික්ක 16 ක් නියෝජනය කරන්නා වූ ද  මන්ත්‍රීවරුන් ය. වගු සටහන මගින් දක්වා ඇත්තේ, 2010 මහ මැතිවරණ ප්‍රතිඵලය සහ දිස්ත්‍රික්ක මට්ටම මත ඇමතිවරුන් තෝරාගැනීමේ විචල්‍ය ආකාරයයි.

වගු සටහන : 2010 මහ මැතිවරණයේදී ලබාගත් මනාප තත්වය

(2015 මැයි 22 ඉවත් වූ පිරිස කහ පාටින් සලකුණු කර ඇත)

 

ප්‍රධාන නිරීක්ෂණ 3 ක් :

1.       පත් කළ මෙම නව ඇමතිවරුන් ඉල්ලා අස්වීමේ අවාසිය වැඩි වන්නේ, එක් දිස්ත්‍රික්කයකින් එක් මන්ත්‍රීවරයෙකුට පමණක් ඇමති තනතුරක් දී ඇති අවස්ථාවක ය. මෙය රත්නපුර (පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය), බදුල්ල (ඩිලාන් පෙරේරා මහතා) යන දිස්ත්‍රික්ක වලට වැඩිපුර බලපෑ හැකි ය.

2.       තෝරා පත් කරගැනීමේ ක්‍රමවේදයේ විසමාකාරයක් පෙනෙන්නට ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තෝරා ගැනීම සම්බන්ධයෙනි. ඔවුන් දෙදෙනා ම හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග ගේ හිතවතුන් දෙදෙනෙකි. (ජීවන් කුමාරතුංග, ඒ.එච්.එම්. ෆවුසි)

3.       ඇමති තනතුරු වලට තෝරා පත් කරගත් මන්ත්‍රීවරුන් 25 න් 14 ක්ම මනාප වලින්, දිස්ත්‍රික්ක වල පළමු දෙවැනි තෙවැනි තැන් ගත් අයයි.

 

අලුතින් ඇමතිවරුන් පත් නොකළ දිස්ත්‍රික්ක 6 න්, 5 ක් උතුරු නැගෙනහිර පළාත් වලට අයත් වන අතර අනෙක් දිස්ත්‍රික්කය වන පොළොන්නරුව ජනාධිපති සිරිසේනට ඡන්දයේදී වාසි සහගත වීම අනිවාර්ය විය හැකි ය.

 

ඇමතිවරුන් තෝරාගැනීම, උපක්‍රමිකව මනාප ඡන්ද මත පදනම් වූයේ ද? නැත්නම් විධායකයේ අභිමතානුසාරී තීරණයක් ද? ඔබේ මතය දක්වන්න. 071-4639882Twitter @manthrilkwww.manthri.lk/en/blog