21 days ago by Manthri.lk under විශ්ලේෂණ

මෑත කාලීනව ශ්‍රී ලංකාව පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමේදි කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇත.

කෙසේ වෙතත්, මේ දක්වා වැඩි අවධානයක් යොමු වී ඇත්තේ පාර්ලිමේන්තුවට තේරී පත්වන කාන්තාවන් සංඛ්‍යාව පිළිබඳව පමණක් වන අතර, 
ඔවුන් පාර්ලිමේන්තුවට පිවිසීමෙන් පසු ඉටුකරන කාර්යභාරය පිළිබඳව අවධානය යොමු වී ඇත්තේ ඉතා මද වශයෙනි.

'Manthri.lk' වෙබ් අඩවිය විසින් 7 වන පාර්ලිමේන්තුවේ සිට මේ දක්වා සියලුම මන්ත්‍රිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ දායකත්වයන්, 
පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා පදනම් කර ගනිමින් විශ්ලේෂණය කර ඇත. 
පසුගිය පාර්ලිමේන්තු වාර හතරක කාර්යසාධන දත්ත පිළිබඳව කළ අධ්‍යයනයකින් වැදගත් සහ ස්ථාවර ප්‍රවණතාවක් අනාවරණය වේ: 
එනම්, මන්ත්‍රිවරුන් සමඟ සැසඳීමේදී මන්ත්‍රිවරියන්ගේ දායකත්වය සාමාන්‍යයක් ලෙස ගත් කල සැළකිය යුතු මට්ටමකින් අඩු බවය.
එම දායකත්වය පිරිමි මන්ත්‍රිවරුන්ගේ දායකත්වයෙන් 68% ක් වැනි අගයක් පමණක් වන අතරමෙය පාර්ලිමේන්තු සහභාගීත්වය තුළ පවතින 
දිගුකාලීන විෂමතාවයක් පෙන්නුම් කරයි.

 

7 වැනි පාර්ලිමේන්තුව (2010 – 2015)

8 වැනි පාර්ලිමේන්තුව (2015 – 2020)

9 වැනි පාර්ලිමේන්තුව (2020 – 2024)

10 වැනි පාර්ලිමේන්තුව

(2020 – වර්තමානය)

පාර්ලිමේන්තුවේ  මන්ත්‍රිවරියන් සංඛ්‍යාව

13

13

12

22

මන්ත්‍රිවරියන්ගේ සාමාන්‍ය දායකත්වය ( මන්ත්‍රිවරුන්ගේ ප්‍රතිශතයක් ලෙස )*

48%

49%

70%

68%

 



නිරන්තර අභියෝග පැවතියද, පාර්ලිමේන්තු වාර හතර පුරාවටම කාන්තා නියෝජනය සහ ඔවුන්ගේ දායකත්වය යන අංශ දෙකෙහිම දියුණුවක් දක්නට ලැබීම පැසසිය යුතු කරුණකි.

10 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරියන් 22 දෙනෙකු තොරාපත් කරගැනීමෙන් ඉතිහාසයේ ඉහළම මන්ත්‍රිවරියන් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර, එය 9 වැනි පාර්ලිමේන්තුවේ සිටි 12 දෙනාට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමකි.

මෙම ප්‍රගතිය ඔවුන්ගේ කාර්යසාධනය තුළින් ද පෙනී යයි. 7 වැනි සහ 8 වැනි පාර්ලිමේන්තු වාරවලදී මන්ත්‍රිවරියන්ගේ දායකත්වය මන්ත්‍රිවරුන්ගේ දායකත්වයෙන් අඩක් තරම් වන 48% – 49% වැනි අගයක පැවතුණි. කෙසේ වෙතත්, 9 වැනි පාර්ලිමේන්තුව සහ වත්මන් 10 වැනි පාර්ලිමේන්තුව වන විට මෙය 68% – 70% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙය ඔවුන්ගේ සාපේක්ෂ කාර්යසාධනයේ පැහැදිලි සහ සැලකිය යුතු දියුණුවක් සනිටුහන් කරයි.

පාද සටහන් (Foot notes)

7 වැනි පාර්ලිමේන්තුවේ සිට 9 වැනි පාර්ලිමේන්තුව දක්වා දායකත්වයන් ගණනය කරනු ලැබුවේ එම පාර්ලිමේන්තුවල සම්පූර්ණ කාල සීමාව පදනම් කර ගනිමිනි. 10 වැනි පාර්ලිමේන්තුව සඳහා වන දත්ත 2024 සැප්තැම්බර් සිට 2025 දෙසැම්බර් දක්වා කාලය ආවරණය කරයි.

මෙම ලිපිය මගින් සහභාගීත්ව මට්ටම්වල පවතින විෂමතාවයට හේතු පැහැදිලි කිරීමට උත්සාහ නොකරයි. මෙම පරතරය, කාන්තාවන්ගේ පාර්ලිමේන්තු කටයුතු සීමා කිරීමට බලපෑ හැකි පුළුල් ව්‍යුහාත්මක සහ සමාජීය බාධාවන්ගේ පසුබිම තුළ තේරුම් ගත යුතු බව පිළිගත යුතුය.