about 12 hours ago by Manthri.lk under ග්‍රැෆික්තොරතුරු සටහන්

මාධ්‍ය නිවේදනය - ජූලි 14, 2025

එකතු වෙන්න ජනතාවටත් ආරාධනයක්

 

ශ්‍රී ලංකාවේ එකම පාර්ලිමේන්තු නිරීක්ෂක වෙබ් අඩවිය වන Manthri.lk අද (14) අනුර මීටරය ජනතා අයිතියට පත් කළේ ය. අනුර මීටරය යනු ජනපති අනුර කුමාර දිසානායක මහතා සිය ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ලබාදුන් පොරොන්දු අතරින්, තෝරාගත් පොරොන්දු 22ක ප්‍රගතිය මනින මාර්ගගත වේදිකාවක් වේ.

Manthri.lk යනු වෙරිටේ රිසර්ච් ආයතනය යටතේ පවත්නා වේදිකාවකි.

මෙම පොරොන්දු 22 ජනතාව ඉහළ උනන්දුවක් දක්වන ආර්ථික ප්‍රතිසංස්කරණ, ආණ්ඩුකරණය, දූෂණ මර්දනය, නීතිය හා සාමය, සහ සමාජ ආරක්ෂණය යන අංශ යටතේ වැදගත් වන පොරොන්දු වේ.

පොරොන්දුවල ප්‍රගතිය මැනීම සදහා අනුර මීටරය තොරතුරු ලබාගන්නා මූලාශ්‍ර 3කි.

1.ප්‍රකාශිත මූලාශ්‍රවල ඇති තොරතුරු

2.තොරතුරු දැනගැනීමේ ඉල්ලීම්වලට ලැබුනු ප්‍රතිචාර හරහා ලැබෙන තොරතුරු

3.පරිශීලකයන් ලබාදෙන විශ්වාසනීය තොරතුරු

අනුර මීටරය වඩාත් සාර්ථක කරගැනීම සදහා අදහස් සහ තොරතුරු ලබාදෙන මෙන් ද, Manthri.lk ශ්‍රී ලංකා පුරවැසියන්ට විවෘත ආරාධනයක් කරයි.

තොරතුරු බෙදාගැනීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදීමය මැදිහත්වීම වැඩිදියුණු කිරීමට වෙරිටේ රිසර්ච් ආයතනය දරනා උපරිම වෑයමක ප්‍රතිඵලයක් ලෙස මෙම වේදිකාව හදුන්වාදිය හැකි ය. සියලුම ජන කොටස්වලට ප්‍රවේශ වීම සඳහා, අනුර මීටරය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම පවත්වාගෙන යනු ලබයි.