almost 2 years ago by Manthri.lk Research Team under in ஆய்வறிக்கை

2022 අප්‍රේල් 22 පැවති කල් තැබීමේ යෝජනාව, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් මුහුණ දෙන ගැටළු පිළිබඳව යි. මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ මුජිබුර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා විසිනි. 

"2022 මැයි මස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්‌ වෙනුවෙන්‌ පූර්ණ විෂය නිර්දේශ ආවරණය වීමක්‌ සිදු නොවී විභාගය පැවැත්වීමට කටයුතු මේ වන විට සූදානම්‌ කරමින්‌ සිටී. කොවිඩ්‌ -19 හේතුවෙන්‌ පාසල්‌ වසා තිබූ කාලයේ ගුරුවරුන්‌ විසින්‌ මාර්ගගත ඉගැන්වීමී ආරම්භ කළද, 10 ශ්‍රේණියට නියමිත විෂය නිර්දේශය සියයට සියයක්‌ ආවරණය නොවීය. තවද, පාසල්‌ 2000කට පම්ණ අන්තර්ජාල පහසුකම්‌ නොමැති වූ බවද, අධ්‍යාපන අමාත්‍යාංශය චිසින්ම කරන ලද සමීක්ෂණයක්‌ මඟින්‌ අනාවරණය වී ඇත………සාමාන්‍ය තත්ත්වයන්‌ තුළ චර්ෂයකට දින 220කට ආසන්න කාලයක්‌ පාසල්‌ පචත්වන අතර, ඉහත සඳහන්‌ කළ ආකාරයට ඉතා අඩු දින ප්‍රමාණයක්‌ පාසල්‌ පචත්වා 10 සහ 11 ශ්‍රේණිවල චිෂය නිර්දේශයන්‌ නිසි ලෙස ආවරණය කිරීමකින්‌ තොරව හෝ චිෂය නිර්දේශය ප්‍රතිශෝධනයකින්‌ තොරව අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම තුළින්‌ සිසුන්‌ මුහුණ දෙනු ලබන ගැටලු පිළිබඳව රජයේ විශේෂ අවධානය යොමු කළ යුතු යැයි මෙම ගරු සභාවට යෝජනා කරමි." 

තවදුරටත් අදහස් ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා පවසා සිටියෙ කොවිඩ් 19 හේතුවෙන් 2020 මාර්තු සිට සමස්ථ අධ්‍යාපන ක්ෂෙත්‍රයම කඩා වැටීමකට ලක්වූ බවත් එබැවින් සාමාන්‍ය පෙළ විබාගය කල් ගිය බවත්,  Zoom  තාක්ශණය හරහා පන්ති පැවත්වීමට දීර්ඝ කාලයක් ගත වු බවත් එම ක්‍රමය එතරම් සාර්ථක නොවු බවත් අවධාවනය කර සිටියා. 

මීළඟට කල් තබන අවස්ථාවේ යෝජනාව ස්ථිර කළ පා. ම. නලින් බණ්ඩාර ජයමහ කරුණු දැක්වුවා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සම්බන්දව අදහස් ප්‍රකාශ කලා. 

 

ඇත්තටම වසර දෙකක් වැනි කාලයක් දරුවන් නිවාස වල කොටුවෙලා ගත කළේ ඉතාම පිඩාකාරී කාල පරිච්ඡේදයක් කියන එක අපි දන්නවා. පාසලට පුරුදු වෙච්ච දරුවෙක්‌ මේ විධියට එක රාමුවකට කොටු වුණාම ඒ දරුවාගේ මානසිකත්වය ඉතාම අයහපත්‌ තත්ත්වයට පත්‌ වෙනවා. ඒ දරුවා එක්තරා විධියක ආතතියකට ලක්‌ වෙනවා. ඒ නිසා ඒ දරුවන්‌ පාසල්‌ අධ්‍යාපනයෙන්‌ දිර්ඝ කාලයක්‌ බැහැරවෙලා ඉඳලා, ඊට පසුව සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත්‌ වෙනවා කියන්නේ ඇත්තටම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්‌..”  

අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ කල් තැබීමේ යෝජනාවට පිළිතුරු වශයෙන්තම අදහස් එක් කලා "පාසල්‌ වාර සටහන සම්බන්ධයෙන්‌ නිකුත්‌ කර ඇති 1997.08.08 දිනැති අධ්‍යාපන හා උසස්‌ අධ්‍යාපන ලේකමේග්‌ අංක  97/15 චක්‍රලේඛය ප්‍රකාරව සාමාන්‍යයෙන්‌ වසරකට පාසල්‌ පැවැත්විය යුතු දින ගණන 210ක්‌ වන අතර, සෑම වසරකම සාමාන්‍යයෙන්‌ පාසල්‌ පැවැත්වෙන්නේ දින 180 - 185කට ආසන්න සංඛ්‍යාවකි. නමුත්‌, කොච්ඩි-19 වසංගත තත්ත්වය මත පාසල්‌ වසා දැමීම හේතුවෙන්‌ සැලසුම්‌ කළ පරිදි පාසල්‌ පවත්වාගෙන යෑමට නොහැකි විය. නමුත්‌, සෞඛ්‍යාරක්ෂාව සැලකිල්ලට ගනිමින්‌ පාසල්‌ වසා තිබුණු කාලසීමාව තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත්‌/කලාප හා පාසල්‌ මට්ටමින්‌ විවිධ ක්‍රියා මාර්ග ගෙන ඇත. 

 ගුරු ගෙදර රූපවාහිනි නාළිකාව ස Chnnel NIE 

 e-Thaksalawa ය අන්තර්‌ කළමනාකරණ පද්ධති(මාර්ගගත අධ්‍යාපනයේදී වැය වන අන්තර්ජාල දත්ත සඳහා පිරිවැය අවම කරමින්‌ අ e-Thaksalawa තුළ පාඩම් පරිශිලනයට අවස්ථාව ලබා දි ඇත.) 

 පාසල්‌ මටිටමින්‌ ද මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉගැන්වීමි කටයුතු සිදු කිරීම. 

 අන්තර්ජාල පහසුකම්‌ නොමැති සිසුන්‌ සඳහා, 

        ප්‍රාදේශිය මටටමින්‌ ඉගෙනුම්‌ මධ්‍යස්ථාන 2096ක්‌ සියලු පළාත්‌ ආවරණය වන පරිදි ආරම්භ කර ඇත. 

        ආර්ථික අපහසුකම්‌ පිළිබඳව ද සලකා පළාත්‌, කලාප හා පාසල්‌ මට්ටමින්‌ මුද්‍රිත ඉගෙනුම්‌ ආධාරක හා ඇගයීම්‌ සිසුන්‌ වෙත ලබාදීමට කටයුතු කර ඇත. 

        ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රාදේශිය ගුවන්විදුලි සේවා මගින්න්‌ අධ්‍යාපනික වැඩසටහන්‌ හා ගුරු ගෙදර රූපවාහිනී නාලිකාව සහ Chnnel NIE ක්‍රියාත්මක කර ඇත. 

 තවදුරත් අදහස් ප්‍රකාශ කරමින් එතුමා පවසා සිටියේ විෂය නිර්දේශය සම්පූර්යෙන් ආවරනය කිරීමට දැනටමත් අධ්‍යාපන අමාත්‍යංශය උපරිම උත්සහයක් ගෙන ඇති බවත්, සිසුන්ට අසාධාරනයක් නොවන පරිදි මේ විභාගයේ ප්‍රශ්න පත්‍ර සකසන බවත් ය.