about 2 years ago by Manthri.lk Research Team under in ஆய்வறிக்கை

මන්ත්‍රී රංජිත් බණ්ඩාර 2022 අප්‍රේල් 08වැනි දා මෙහෙම සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත් කළා.

"ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ප්‍රකාශයට පත් කරන ලද ශ්‍රී ලංකාව සම්බන්ධව ජා.මු.අ. වාර්තා අංක 22/91 මඟින් අප රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදකාරි තත්ත්වය දක්වා ඇත. ඒ මඟින්, පවතින තත්ත්වය සමනය කර ගැනීමට විවිධ යෝජනා ඉදිරිපත් කර තිබේ. ... එමෙන්ම, ව්‍යවස්ථාදායකය ලෙස අපට වගකීමක් තිබෙනවා මෙම යෝජනාව අපගේ කරගනිමින් මේ මොහොතේ රටට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ නොපමාව සිදු කිරීමටත් ඒව කඩිනමින් ක්‍රියාවට නැංවීම සඳහා වන යාන්ත්‍රණය ස්ථාපිත කිරීමටත් ඒ සඳහා එක්සත් කටයුතු කිරීමටත් අපි සැම අදිටන් කරගනිමු."

තවදුරටත් ඔහු මෙසේ පැවසුවා. "ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රජයේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට තවමත් ඉඩකඩ ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර අරමුදලේ සහය ලබා ගැනීමට රජය ගත් තීරණයට ඔවුන්ගේ සහය දක්වන බව ද, ඒ අතරම ජාත්‍යන්තර අරමුදල සමඟ ඇති කරගන්නා එකඟතා ක්‍රියාත්මක කිරීමේදී රජය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඔවුන් කැමත්ත දක්වන බව ද සඳහන් කර තිබෙනවා."

මෙම යෝජනාව ස්ථිර කල බී. වයි. ජී. රත්නසේකර පැවසුයේ, රටේ පවතින තත්ත්වය ගැන අපි පුරා දින දෙකක් අපි විවාද කළා. හැබයි, ඉතාම අවාසනාවන්ත ලෙස අපි දින දෙකක් විවාද කරලා, කාලය නාස්ති කලා විතරයි. කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනාවේ නැහැ. ගෙනාපු එකම යෝජනාව "ජනාධිපති ගෙදර යන්න", කියන එක විතරයි. අඩු ගණනේ ඒකේ අගට "ජනාධිපති ගෙදර ගිහින් මෙන්න මෙයාව ජනාධිපති කරමු" කියල කෑල්ලක් එකතු කළා නම්, අපට පොඩ්ඩක් ඒක ගැන සලකන්න තිබුණා.

තවදුරටත් ඔහු මෙසේ අදහස් ප්‍රකාශ කළා. "IMF එකේ මේ වාර්තාව විදේශ විනිමය අනුපාතය සම්බන්ධයෙන් කථාවක් තියෙනවා. මම මීට සති දෙකකට පෙර මේ ස්ථානයේ සිටම පාවෙන විනිමය අනුපාත ක්‍රමය භාවිතා කිරීම නොකළ යුතු දෙයක් හැටියට ප්‍රකාශයක් කළා. ඒ එක්කම කිව්වා, විනිමය අනුපාතය, ඩොලර් එකක අගය රුපියල් 400 දක්වා යන්න ඉඩ තිබෙනවා, මේක ස්ථාවර කරමු කියලා. IMF වාර්තාවේත් කියලා නැහැ අපට ක්ෂණයකින් පාවෙන විනිමය අනුපාතයට මාරු වෙන්න කියලා.

ඒ එක්කම අපට දැන් දැවැන්ත අර්බුදයක් වෙලා තිබෙන තවත් කාරණයක් තමයි, ඩොලර් සඳහා කළු කඩයක් බිහි වී තිබීම. ඒ කියන්නේ මේ වෙනකොට විදේශ මුදල්වලට කළු කඩයක් බිහිවෙලා තිබෙනවා ... එය වහන තුරු අපට විදේශ විනිමය ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා මොන ක්‍රමවේදයක් හෝ පාවිච්චි කරලා, - විශේෂඥයන් ගෙන්වලා මේ කළු කඩය වහන්න හෝ අවම කරන්න යම් ක්‍රියා මාර්ගයක් අපි අදම ගන්න ක්‍රියාත්මක විය යුතුයි කියන යෝජනාවත් මම මේ අවස්ථාවේ ඉදිරිපත් කරනවා. Paypal ක්‍රමය ගේන්න. BPO, KPO අපේ රටේ කරන ආයතන තිබෙනවා. මේවා ඩොලර් ගෙනෙන ආයතන. මේ ආයතනවලට තිබෙන ගැටළු මොනවාද කියලා හොයලා ඒ ගැටළු ටික විසඳලා දෙන්න ක්‍රියාමාර්ගයක් ගන්න ඉක්මන් වෙන්න කියන ඉල්ලීමත් කරනවා."

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම කල් තැබීමේ යෝජනාවේදී මෙසේ අදහස් ප්‍රකාශ කළා. "පළමුවෙනම් මේ රටේ ප්‍රධානතම ගැටළුවක් බවට පත් වී තිබෙන ආර්ථික ගැටළුවට අපේ විසඳුම, අපේ මාර්ග සිතියම, අපේ වැඩ පිළිවෙළ රජයට ප්‍රකාශ කර සිටින්න මම කෑමැතියි. ප්‍රධාන වශයෙන් පියවර 9යක් අපි යෝජනා කරනවා." ඔහු එසේ ඉදිරිපත් කළ යෝජනා 9වයේ සාරංශගත කිරීම තමයි මේ.

 

  1. පාලනයකින් විරහිත වූ ණය පැහැර හැරීම වළක්වා ගැනීම් සහ ණය ලබාගත් කණ්ඩායම් සමඟ ප්‍රාග්ධන් මුදල සහ පොලී ගෙවීම තාවකලිකව අත් හිටුවීමට එකඟතාවයකට පැමිණීම.

 

  1. ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති, වෘත්තිමය හැකියාවක් ඇති පුද්ගලයින් මූල්‍ය මණ්ඩලයට පත් කිරීමෙන් මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපනය කිරීම.

 

  1. ද්වී/බහු පර්ශ්වීය ණය නොගෙවන විරාම කාලයකට පිවිසීමෙන් විදේශ සංචිත නැවත ගොඩනැඟීම.

 

  1. රටේ ණයබරයේ තිරසරභාවය අහිමි වීම පිළිබඳව IMF පැමිණ ඇති නිගමනය වෙනස් කිරීමට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් ඉදිරිපත් කිරීම.

 

  1. ද්වී/බහු පර්ශ්වීය Bridge Financing ගිවිසුම් වලට අවතීර්ණ වීමෙන් ජාත්‍යන්තර විශ්වාසය සහ ශ්‍රේණිය ඉහළ නැංවීම.

 

  1. රටේ පවතින උද්ධමනය සැලකිල්ලට ගනිමින් ප්‍රතිසංස්කරණය කරන ලද අලුත් අය වැයක් ඉදිරිපත් කිරීම.

 

  1. තීරණ ගැනීමේදී විශේෂඥයින් ඒකරාශි කරගෙන, එම වෘත්තියවේදීන්ට තීන්දු තීරණ දේශපාලන අඟිලි ගැසීමෙකින් තොරව ගැනීමට ඉඩ ප්‍රස්ථා සැකසීම.

 

  1. එක්සත් ජාතික සංවිධානවලට කථා කරමින් රටේ ආහාර සුරැක්ශිත්භාවය සුරැකීමට ජාත්‍යන්තර සහයෝගය ඉල්ලීම.

 

  1. දෛනික වේතන ලබන අය වෙනුවෙන් අලුත් සහන පැකේජයක් සැකසීම.