almost 2 years ago by Manthri.lk Research Team under in ஆய்வறிக்கை

2022 ජුනි 21 පැවති කල් තැබීමේ යෝජනාව, අර්බුදකාරී තත්ත්වය තුළ අධ්‍යාපනයට ඇති බාධා ඉවත් කිරීම පිළිබඳව යි. මෙම යෝජනාව ඉදිරිපත් කරන්නේ ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමා විසිනි.

"පාස්කු දින ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය වැනි කරුණු කේන්ද්‍රකොට ගනිමින් 2019 වර්ෂයේ සිට්‌ අඛණ්ඩවම ශ්‍රි ලාංකිකයන්‌ මුහුණ දෙන සමාජ -දේශපාලන ව්‍යසනයෙන්‌ දිගු කාලීනව දැඩිම හානිය සිදුච ඇත්තේ ශ්‍රි ලාංකිය දූ පුතුන්ගේ අධ්‍යාපනයට බව මේ සභාවේ චිශ්වාසයයි……. යනුවෙන් පවසමින් සභාව කල් තැබීමේ යෝජනාව ආරම්භ කලා. මෙම ගැටලුව විසදීමට සියලුම පක්ෂ වල මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් විශේෂ කාරක සභාවක් පත් කල යුතු බවටත් එතුමා පවසා සිටියා. තවදුරටත් “පසුගිය සතියේ COPA එක හමුවේ කරුණු දක්වමින්‌ අධ්‍යාපන ලේකම්වරයා පැවසූ පරිදි, 2020 වසර අවසානය වනවිට අපේ රටේ දරුවන්ට ඔවුන්ගේ පාසල්‌ අධ්‍යයන කාලයෙන්‌ සියයට 58ක්ද, 2021 වසරේ අගෝස්තු වනවිට පාසල්‌ අධ්‍යයන කාලයෙන්‌ සියයට 88ක්ද අගිමි වී තිබෙනවා” යනුවෙන් අදහස් එකතු කලා. මෙලෙස පාසල් නොපවැත්වීම නිසා විෂය බාහිර ක්‍රියාකාරකම් විශාල වශයෙන් දරුවන් හට අහිමි වන බවද එතුමා පවසා සිටියා.

මීළඟට කල් තබන අවස්ථාවේ යෝජනාව ස්ථිර කළ පා. ම. ප්‍රෙම්නාත් සී. දොලවත්ත කරුණු දැක්වුවා. මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සම්බන්දව අදහස් ප්‍රකාශ කලා

“අපි පසුගිය අවස්ථා ගණනාවකදී විශ්වාස කළා, අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යන්න online ක්‍රමය තුළින්‌ යම්‌ ආකාරයක පිටුවහලක්‌ ලබා ගන්න පුළුවන්‌ කියලා. කොරෝනා සමයේ ගුරුවරු, අපේ දරුවන්‌ නිවාසවල ඉඳගෙන ඒ කියන අධ්‍යාපන ක්‍රමයට ගියා. හැබැයි, අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ම ලද තොරතුරුවලට අනුව අපි දන්නවා online අධ්‍යාපන ක්‍රමය සාර්ථක වේලා තිබෙන්නේ සියයට 40කටයි කියලා. මොකද. ඒ සඳහා විශාල බාධා තිබෙනවා. ඇති හැකි අයට, -යමක්‌ කමක්‌ තිබෙන අයට- දියුණුවක්‌ තිබෙන ප්‍රදේශවලට online අධ්‍යාපන ක්‍රමය සාර්ථක වුණත්‌ දුෂ්කර පළාත්වලට ඒ අවස්ථාව නැහැ. ඵලදායී, සඵල තාක්ෂණයක්‌ තිබෙනවා කියා අපි විශ්වාස කරන කොළඹ්‌ දිස්ත්‍රික්කයේ වුණත්‌ අවිස්සාවේල්ල වාගේ ප්‍රදේශවල දරුවන්ට එම තාක්ෂණය උපයෝගි කරගන්න බැහැ.” තවදුරටත් විෂය බාහිර ක්‍රියාකාරකම්, පාසල තුල ගත කරන කාලය මාර්ගගත අධ්‍යාපනය හරහා ලබා ගත නොහැකි බව එතුමා අවධාරනය කර සිටියා

පා. ම.  බි. වයි. ජී. රත්නසේකර විසින් මෙම ගැටලුව සම්බන්ධව තම අදහස ප්‍රකාශ ඉදිරිපත් කර සිටියා.” අධ්‍යාපනය විනාශ වීමේන්‌ ඇති වුණු ව්‍යසනය, එහි පාඩුව, අලාභය අපට දැනෙන්න තවත්‌ ටික කාලයක්‌ යයි. ඒ වනකොට මේ රටේ බිහි වන ජනතාව මේ රටේ අනාගතය භාර ගන්න ඉන්න ජනතාවද කියන ගැටලුව අපට ඇති වනවා. එම්‌ නිසා මේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය හා සම්බන්ධ බාධා ඉවත්‌ කිරීම පිණිස කඩිනමින්‌ විසඳුම්‌ ඉදිරිපත්‌ කිරිම්‌ සඳහා විශේෂ කාරක සභාවක්‌ පත්‌ කිරීම අවශ්‍යයි.” ඒසේම ඉන්ධන ගැටලුව හේතුවෙන් පාසල් නොපැවැත්වීම සම්බන්ධවද අදහස් ප්‍රකාශ කර සිටියා. “ අද විශේෂයෙන්ම්‌ ප්‍රවාහන ගැටලු හේතුවෙන්‌ ළම්යින්ට පාසල්‌ එන්න බැරි තත්ත්වයක්‌ ඇති වෙලා තිබෙනවා. නමුත්‌ අප මොන ක්‍රමයකට් හෝ ළම්යින්ට ඒ අවස්ථාව ලබා දිය යුතුයි. අපට තිබෙන විදේශ විනිමය හරහා ලබා ගන්නා ඉන්ධන ප්‍රමාණයෙන්‌ ප්‍රමුඛතම්‌ අවශ්‍යතාවක්‌ හැටියට සලකා පාසල්‌ දරුවන්ට පාසල්‌ ඒමටත්‌, විශේෂයෙන්ම පාසල්වල ඉගැන්විම්‌ කටයුතු කරන ගුරුවරුන්ට පාසල්‌ ඒම  සඳහා ප්‍රවාහන පහසුකම්‌ සපයා ගැනීමටත්‌ අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය කෙසේ හෝ සපයා පාසල්‌ අධ්‍යාපන කටයුත්ත යාවත්‌ කාලින කිරිම, යථා තත්ත්වයට පත්‌ කිරිම අත්‍යවශ්‍ය කරුණක්‌ හැටියටයි මම මේ මොහොතේ දකින්නේ.”

පා. ම. වසන්ත යාපා බණ්ඩාර ඔහුගේ අදහස් ප්‍රකාශ කලේ මේ ආකාරයට යි. “මා විශ්වාස කරනවා අප හැමකෙනාම්‌ අද මේ පාර්ලිමේන්තුව තුළ සිටින්නේ අධ්‍යාපනයේ කිසියම්‌ පරිච්ඡේදයක්‌ කරා ළහා වීම හේතු කොට ගෙනයි කියලා. ඒ වාගේම, ම්ම්‌ විශ්වාස කරනවා නිදහස්‌ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක්‌ විධියට අපට විශ්ව විද්‍යාලවලට,උසස්‌ අධ්‍යාපන ආයතනවලට පිවිසීමට හැකියාව ලැබුණෙත්‌ පාසල්‌ අධ්‍යාපනය තුළ ලබා ගත්‌ අත්‌ දැකිම්‌ සමුදාය හේතු කොට ගෙනයි කියලා.”

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මේ වන විට ලමා මන්දපෝෂණය ඉහල ගොස් තිබිම සම්බන්ධව පා.ම. උපුල් ගලප්පත්ති අදහස් ප්‍රකාශ කලා.’’යුනිසෙෆ්‌ සංවිධානය පවසන විධියට අද වනකොට ළමා මන්ද පෝෂණය අතින්‌ ලෝකයේ හත්වැනි තැනටත්‌, දකුණු ආසියාවේ දෙවැනි තැනටත්‌ අපේ රට පත්‌ වෙලා තිබෙනවා. ඒ ගැටලුව විසඳීමට පාසල්‌ තුළින්‌ යම්‌ කිසි ක්‍රියාමාර්ගයක්‌ ගන්න. අද වනකොට පවතින ආර්ථික ගැටලුවත්‌ එක්ක පාසල්වල දිවා ආහාර ලබා දිමත්‌ යම්‌ කිසි මට්ටමකට් අඩපණ වේලා තිබෙනවා. අධ්‍යාපන ඇමතිතුමාට මා යෝජනා කරනවා, අධ්‍යාපනය ලබන කාල පරිච්ඡේද ගණන වැඩි කරනවා වාගේම පාසල්‌ දරුවන්ට දිවා ආහාරය ලබා දිමේ වැඩ පිළිවළත්‌ ඉතා ඉක්මනින්‌ ක්‍රියාවට නංවන්න, ඒ සදභා ක්‍රියාමාර්ග ගන්න කියලා. මොකද, මන්දපෝෂණය සහ අධ්‍යාපනය අහිමිවීම කියන්නේ එකට යනකාරණා දෙකක්‌. සෞඛ්‍ය ගැටලු පැන නගින්න පුළුවන්‌”

මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සම්බන්ධව අදහස් දක්වමින් පා.ම. ලසන්ත අල්ගියවන්න අවධාරනය  කර සිටියේ " අපි ගිය සතියේ අධ්‍යාපන අමාත්‍යංශය සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ගෙන්වා මේ පිළිබඳව දිර්ඝ වශයෙන්‌ සාකච්ඡා කළා. පාසල්‌ පවත්වාගෙන යෑම්‌ තුළින්‌ දරුවෙකුට් ලබාදෙන අත්දැකිම්‌ සියල්ල සියයට 100 ක් ඒ හා සමානවම ලබා දෙන්න අපටපුළුවන්කම නැති වුණත්‌, දැනට උසස්‌ අධ්‍යාපන පද්ධතියේ සහ පාසල්‌ පද්ධතියේ ගොඩනැගිලිවලට සල්ලි වෙන්‌ කරන්නේ නැතිව දුරස්ථ අධ්‍යාපනය, විශේෂයෙන්ම online අධ්‍යාපනය වෙනුවෙන්‌ එම ප්‍රතිපාදන මුදල්‌ ලබා දීම ඉතාම කාලෝචිතයි.”

‘’අධ්‍යාපන  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කල් තැබීමේ යෝජනාවට පිළිතුරු වශයෙන් මූලාසනාරූඩ ගරු මන්ත්‍රිතුමනි, මම මෙතැනට එන්න කලින්‌ අපේ නිලධාරින්‌ සහ සියලුම විශ්ව විද්‍යාලවල මහාචාර්යවරු සම්බන්ධ කර ගෙන ඉදිරියට පැවැත්වීමට නියමිත උසස්‌ පෙළ විභාගය ඉලක්ක කරගෙන උසස්‌ පෙළ උගන්වන ගුරුවරුන්ට ප්‍රධාන විෂයයන්‌ 16ක්‌ සම්බන්ධයෙන්‌ සැසි පවත්වා, ඒ හරහා දරුවන්ට විශේෂ පන්ති සහ පුනරීක්ෂණ වැඩසටහන්‌ ඊළග මාස තුන තුළ ක්‍රියාත්මක කරන්න සැලසුම්‌ කරලා තමයි මම ආවේ. මුලාසනාරූඩ ගරු මන්ත්‍රිතුමනි, ප්‍රාථමික අංශය කියන්නේ 1 සිට 5 දක්වා ශ්‍රේණි. හැබැයි, වැඩිපුරම ප්‍රශ්නය ම්තු වෙන්නේ 1, 2 ශ්‍රේණිවලට. 1, 2 ශ්‍රේණි අවසන්‌ වනකොට ඒ දරුවන්ට සාක්ෂරතාව සහ සංඛ්‍යා -literacy and numeracy- පිළිබඳවඅවබෝධය තිබෙන්න ඕනෑ. ප්‍රශ්නය තිබෙන්නේ, 2021 වර්ෂයේදී 1 සහ 2 ශ්‍රේණිවල හිටපු දරුවන්ට හරියට මේ අධ්‍යාපනික කටයුතු නොකෙරුණා නම්‌, 2022 වර්ෂයේදී 2 සභ 3 ශ්‍රේණිවලට ඵම දරුවන්‌ යන්නේ කොහොම්ද කියන එක ගැන. ඒ නිසා අතිරේක වශයෙන්‌ මුළු ප්‍රාථමිකයටම මේ හා සමාන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කර, සැසි පවත්වා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් අදහස් පල කරමින් කල් තැබිමේ යෝජනාවට තම දායකත්වය ලබා දුන්නා.